පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක්

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක්

    ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ගුවන් යානය එළැඹෙන 2016 වසරේදී එහි පළමු පරීක්ෂණ පියාසැරියේ යොදවන බව එහි නිර්මාපකයෝ කියති.
    ස්ට‍්‍රැටෝලෝන්ච් නම් වන මෙම ගුවන්යානයේ කාර්යභාරය වන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම හා චන්ද්‍රිකා ඉහළ අභ්‍යාවකාශයට යොමුකිරීමයි.

    සාමාන්‍ය අවස්ථාවකදී මෙසේ භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට හා චන්ද්‍රිකා කක්ෂගත කිරීමට සිදුවන්නේ පෘථිවියේ සිටම අභ්‍යාවකාශයට යොමුකෙරෙන රොකට්ටු ආධාරයෙනි. එය වියදම් අධිකය. විශේෂයෙන් ඉන්ධන වලට සැළකිය යුතු මුදලක් වැය වේ. නමුත් මෙම යානය භාවිතයෙන් එම වියදම අවම කරගැනීමට හැකිය. යානය ආධාරයෙන් අභ්‍යාවකාශයේ ඉම ආසන්නයටම භාණ්ඩ ප‍්‍රවාහනය කළ හැකි අතර ගමනේ ඉතිරි කොටසට පමණක් කුඩා රොකට්ටුවක් යොදාගැනීම සෑහේ.මේ සදහා වැයවන්නේ සාපේක්ෂව අඩු මුදලකි.

    මේ යානයේ විශාලත්වය කෙතරම් ද කිවහොත් එය පාපන්දු ක්‍රිඩාංගනයකට ගොඩ බැස්වූයේ නම් එහි තටු දෙකෙහි අන්තයන් පිටිය දෙපස පිහිටි ගෝල කණු වලිනුත් මීටර කිහිපයක් එපිටට විහිදේ. යානය ජව ගැන්වෙන්නේ 747 වර්ගයට අයත් ගුවන්යානා එන්ජින් 6 කිනි.

    වරකට ටොන් 6 කට ආසන්න බරක් පෘථිවියේ සිට කිලෝ මීටර 2000 ක පමණ දුරකට ප‍්‍රවාහනය කිරීමට මෙම යානයට හැකියාව ඇතැයි සඳහන්ය.



    2B13257A00000578-3184219-image-a-27_14386367616701.jpg


    2B12994100000578-3184219-image-a-5_14386351236821.jpg


    2B13194C00000578-3184219-image-m-9_14386356776751.jpg