සිගරට් ගඳ
නහය කඩාගෙන යද්දි
අරක්කු ගඳට
ඔක්කාරෙට එද්දි
මං උඹ යටින් වැතිරුනේ
යුතුකම් ඉටු කරන්න මිසක්
ආදරේකට නෙමෙයි..
හුඟක් දවසට හවසට
කනමදය වගේ බීගෙන
ඇවිත් මට තලද්දි
ඉකිගගහ හැංගුනේ
මොනව උනත්
කන්න බොන්න දෙන
මිනිහ කියල මිසක්
උඹත් එක්ක
පොර අල්ලන්න
බැරි කමකට නෙමෙයි..
අල්ලපු ගමේ කාන්ති එක්ක
මොකක්දෝ හුටපටයක්
තියෙනවා කියල
කනින් කොනින් ආරංචි වෙද්දි
විශ්වාස නොකලේ
කොච්චර කෙනෙහිලිකම් කලත්
උඹේ පපු කැනැත්තෙ
ඇබින්දක හරි ආදරයක්
මං ගැන ඇතිනෙ කියල
හිතාන මිසක්
අහල පහල අය ඒ ගැන කියන්නෙ
මට අහිතකින් නෙමෙයි කියල
නොදැන නෙමෙයි..
ඒත්,
හදිස්සියෙම දවසක
උඹ ඒකිත් එක්ක
ගෙදරට කඩාපාත් වෙලා
මාව එලියට දාන්න හදපු වෙලාවෙ
උඹල දෙන්නම කැති ගෑවෙ
මටත් කියල ආත්ම ගරුත්වයක්
තියෙන හින්ද මිසක්
ඉරිසියාවකට නෙමෙයි..
නහය කඩාගෙන යද්දි
අරක්කු ගඳට
ඔක්කාරෙට එද්දි
මං උඹ යටින් වැතිරුනේ
යුතුකම් ඉටු කරන්න මිසක්
ආදරේකට නෙමෙයි..
හුඟක් දවසට හවසට
කනමදය වගේ බීගෙන
ඇවිත් මට තලද්දි
ඉකිගගහ හැංගුනේ
මොනව උනත්
කන්න බොන්න දෙන
මිනිහ කියල මිසක්
උඹත් එක්ක
පොර අල්ලන්න
බැරි කමකට නෙමෙයි..
අල්ලපු ගමේ කාන්ති එක්ක
මොකක්දෝ හුටපටයක්
තියෙනවා කියල
කනින් කොනින් ආරංචි වෙද්දි
විශ්වාස නොකලේ
කොච්චර කෙනෙහිලිකම් කලත්
උඹේ පපු කැනැත්තෙ
ඇබින්දක හරි ආදරයක්
මං ගැන ඇතිනෙ කියල
හිතාන මිසක්
අහල පහල අය ඒ ගැන කියන්නෙ
මට අහිතකින් නෙමෙයි කියල
නොදැන නෙමෙයි..
ඒත්,
හදිස්සියෙම දවසක
උඹ ඒකිත් එක්ක
ගෙදරට කඩාපාත් වෙලා
මාව එලියට දාන්න හදපු වෙලාවෙ
උඹල දෙන්නම කැති ගෑවෙ
මටත් කියල ආත්ම ගරුත්වයක්
තියෙන හින්ද මිසක්
ඉරිසියාවකට නෙමෙයි..
ලස්සන පද ටිකක්





