පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හ&#353

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හš

මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක් තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි.

පාඨලී චම්පික රණවක.... මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග ඉදීකිරීමේදී මෙන්ම අනිකුත් දූශණ වංචා පිලිබදව සංඛ්‍යාත්මකව,කරුනු කාරණා සහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කරන අය අතර ඔහු ප්‍රමුකයෙක්...

සාමාන්‍යයෙන් මාර්ග ඉදිකිරීම සම්භන්ධව වඩා සමීපව කටයුතු කරන්නේ ඒ පිලිබදව දැනුම ඇති සිවිල් ඉංජිනේරුවන්. විදුලි ඉංජිනේරු උපාධිධරයෙක් ලෙස, චම්පික නගන චෝදනා ගැන, එහි න්‍යාත්මක හා තාක්ශණික කරුනු ගැන යම් අයෙකුට ඔහුට අභියෝග කල හැකි උනත්, වෙනත් ඉංජිනේරුවරයෙකුට නැති අවස්ථාවක් චම්පිකට ලැබී තිබුනා.. ඒ මේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් කල කැබිනට් වාර්තා සදහා කෙලින්ම සම්භන්ද වීමට ,විමර්ශණය කිරීමට කැබිනට් ඇමතිවරයෙක් ලෙස ඔහුට තිබූ අවස්ථාවයි. ඒ නිසාම ඔහු නගන චෝදනා වල විශාල බරක් මෙන්ම ගත යුත්තක් ද තිබෙනවා.

මේ චෝදනා ගැන විමර්ශනාත්මකව බැලීමට නම් දේශපාලන කෝනයෙන් එල්ල කෙරෙන චෝදනා මෙන්ම, තාක්ශණික ඒ පිලිබද විශේෂඥයකුගේ අදහස් ද ඉතා වැදගත්.

දේශපාලන පක්ෂවලට කඩේ යන, ආචාර්‍ය - මහාචාර්‍යවරු පදුරකට ගැහුවත් දෙතුන් දෙනෙකු විසිවෙන කාලයක, ප්‍රශ්ණයක් දිහා මධ්‍යස්ථව, කාරණු කාරණා මුල් කර ගෙන බලා නිවැරදි චිත්‍රයක් මැවීමට සුදුසු අය ඉන්නේ ඉතා සුළු පිරිසක්.

මහාචාර්‍ය අමල් කුමාරගේ ප්‍රවාහන කටයුතු සම්භන්ධව විශේෂඥ දැනුම ඇති පාමාණිකයෙක්. වරලත් සිවිල් ඉංජිනේරුවෙක් වන ඔහු පිලිබදව මෙරට ඉංජිනේරු ප්‍රජාව තුල ඇත්තේ ධණාත්මක හැගීමක්.පසුගිය ආණ්ඩුවල, ප්‍රවාහනයට සම්භන්ධ ආයතනයක වගකීමක් දැරුවත්, දේශපාලන පක්ශයට පිට කොන්ද පාවා නොදීපු චරිතයක්.

download%2B(1).jpg


අධීවේගී මාර්ග සංවර්ධනය සම්භන්දව ඇති දූෂණ වංචා ගැන ඔහු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ඉතා විශ්ලේෂණාත්මක ලිපියක් සපයනවා.

ඔහුගේ ලිපියේ සාරංශය මා පහතින් දක්වනවා


1.) යුද්ධයෙන් පසු මහාමාර්ග හා අධීවේගී මාර්ග ඉදිකිරීමට හා දියුණු කිරීමට රජය ගත් තීරණය ඉතා පැසසුම් කටයුතු කාලෝචිත තීන්දුවක්..

2.) නිවැරදි සැලසුම්කරනයක් මත සිදු කරන මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය ලබා දෙන ආර්ථික ප්‍රතිලාභය, එහි ආයෝජනයට වඩා වැඩිය.

3.) නිවැරදි තක්සේරූ මුදලට වඩා වැඩි ආයෝජනයක් සහිත, නිසි සැලසුම්කරනයකින තොරව ඉදිකරනු ලබන අධිවේගී මාර්ග සංවර්ධනය රටේ ආර්ථිකයට පහරක් මෙන්ම් දරාගත නොහැකි බරක්..

4.) පසු ගිය අවුරුදු 5-6 ත් අතර කාලයේදී අධිවේගී මාර්ග සංවර්ධනයේදී කිලෝම්ටීරටයකට වැය වූ මුදල දෙගුණයත් තුන් ගුනයත් අතර ප්‍රමානයකින් වැඩි වී තියෙනවා.

5.) සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘතී නියමිත මුදලට වඩා වැඩියැයි කීමට නොහැක. උදාහරණයක් ලෙස 2005 වසර පමණ තෙක් ව්‍යාපෘති මෙන්ම ඒඩීබි, ජයිකා වැනි අන්තර්ජාතික බැංකු මගින් අයෝජනය කරන ලද ව්‍යාපෘතිවල පිරිවැය සම්භන්ධයෙන් විශේෂ ගැටලු නැත.

6.) තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව කරන ලද ව්‍යාපෘතිවල පොදුවේ 55% ක අනවශ්‍ය පිරිවැයක් තහවුරු වී ඇත

6.) තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනෑමු ව්‍යාපෘති ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇති අතර 2014 වර්ෂයේදි එය උපරිමයකට පැමින ඇත. සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 200.5කි (රුපියල් ලක්ශ 10,000 වගේ 200 ගුනයක්)

7.) ඉහත තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමු ටෙන්ඩර් බොහොමයක් චීන කොන්ත්‍රාත් සමාගම් වලට පිරිනමා ඇති අතර ඉතිරිය ලංකාවේ බැංකු මගින් වානිජ ණය ලෙස ලංකාවේ කෝන්ත්‍රාත්කරුවන්ට පිරිනමා ඇත.

මහාචාර්‍ය අමල් කුමාරගේ ගේ ඉහත නිගමනයනුත්, දේශපාලඥයකු වූ චම්පික රණවකගේ චෝදනා වලත් අතර ඉතා ලඟ සමාන කම් මෙන්ම නොගැලපෙන තැන් කීපයක්ද තියෙනවා.

උදාහරණයක් ලෙස කුමාරගේ මහත්මයා, යුද්ධයෙන් පසු අධීවේගී මාර්ග සංවර්ධනයට රජය ගත් තීරණය නිවැරදි එකක් ලෙස දකිනවා. එහෙත් රණවක මෙය ඉතා සියුම්ව අභියෝගයට ලක් කරනවා.. රණවක නගන ප්‍රධානම චෝදනාවක් වෙන්නේ, සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඇති හැකි ඉතා කුඩා ප්‍රමානයක ගමන් බිමන් පහසුව සදහා අධිවේගී පාරවල් හැදීමට, ඈත පිටිසර සිරියාවතිලාගේ බූමිතෙල් කාලෙන්, කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බවයි. මෙය ඉතා සධාරණ තර්කයක් උනත්, අනිත් පාර්ශවයට ඉදිරිපත් කල හැකි ශක්තිමත් තර්ක ගණනාවක් තිබෙනවා.


කෙසේ නමුත් මේ දෙදෙනාම එකඟ වන පොදු කාරණාව නම් පාරවල් හැදීමේදී සිදුවන දූශණ වංචාවයි..එය කුමාරගේ මහත්මයට අනුව රුපියල් බිලියන 200 ක්. ඒ ගැහිල්ලත් 2014 දී උපරිම තත්වයකට ආපු කථාවකුත් කුමාරගේ මහත්මයා කියනවා. පාරවල් හැදීමේ ප්‍රමුඛතාවය ගැන ගැටළු තිබ්බා උනත් ගැහිල්ල ගැන නම්, මේ දෙදෙනාම එකම මතයක් ඉන්නවා.

මේ සම්භන්දයෙන් ආණ්ඩු පාර්ශවයෙනුත් හේතූ දැක්වීම් ඉදිරිපත් වෙනවා. උදාහරනයක් ලෙස ලංකාවේ අධික ජන ඝනත්වය නිසා අධීවේගී මාර්ග හරහා වැටී ඇති අධික හරස් පාරවල්, භූ විශමතාවයන් නිසා සිදුවන පස් කැපීම් ආදී තාක්ශණික මෙන්ම ප්‍රාග්ධනය සේවීමේ දුශ්කරතාව හා එහි මිලනැමැති කරුණු යොදා ගෙන ,මේ අධික මුදල ඔවුන් සාධාරණීකරනය කරනවා.එහෙත් මේ කිසිම කාරණයකින් සිදු වී ඇති අක්‍රමකිතා සාධාරණය කල නොහැකි බව කිව යුතුයි. මේ ව්‍යාපෘතී වල ඒක එක් ඉදිකිරීම් කටයුත්ත (BOQ item) සදහා අනුමත කර ඇති මුදල (Rate) මේ සදහා නිර්ණාකයක් ලෙස යොදා ගත යුතු යැයි මම යෝජනා කරනවා.කෙසේ නමුත් මේ අධි තාක්ශණික වංචා සෙවීමට නම් ඒ සදහා සුදුසු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ම ඒ සදහා යෙදිය යුතු වෙනවා.

කෙසේ නමුත් මහාචාර්‍ය අමල් කුමාරගේ ඉදිරිපත් කර ඇති විශ්ලේශණය මෙන්ම එම නිගමනද ඉතා තර්කාණුකූල මෙන්ම සාධාරණයි. ඔහු ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන් 200 ගණනක් වු අධික පිරිවැය නැතිනම් වංචා දූශණය සදහා රජය වගකිවයුතුයි.


මේ රුපියල් බිලියන් 200 ක ගැහිල්ල, සාමාන්‍ය ජනතාවගේ මාලුපාන් කෑල්ලෙන්, එදා වේල කන්න නැති සිරියාවතීලගේ බූමිතෙල් කාලෙන් ගහපු ගැහිල්ලක් බව, රටේ බහුතරයක් උන 'උගත්' ජනතාවට තේරුම් ගිය දවසට, මහින්ද මහතතයගේ දේශප්‍රේමය ගැන ඔවුන්ගේ අධිතක්සේරුව රෙද්ද පල්ලේන් බේරෙන අයුරු අපට බලා ගත හැකියි.

gatte : මයියා Blog
 
Last edited:

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    [
    මේ රුපියල් බිලියන් 200 ක ගැහිල්ල, සාමාන්‍ය ජනතාවගේ මාලුපාන් කෑල්ලෙන්, එදා වේල කන්න නැති සිරියාවතීලගේ බූමිතෙල් කාලෙන් ගහපු ගැහිල්ලක් බව, රටේ බහුතරයක් උන 'උගත්' ජනතාවට තේරුම් ගිය දවසට, මහින්ද මහතතයගේ දේශප්‍රේමය ගැන ඔවුන්ගේ අධිතක්සේරුව රෙද්ද පල්ලේන් බේරෙන අයුරු අපට බලා ගත හැකියි.

    gatte : මයියා Blog[/QUOTE]


    මේක කවදාවත් කෙරෙන්නේ නැත. මහාචර්යවරුන්ට 125% පඩිවැඩි කලා 14/2014 circular එකෙන්. දොස්තරලාටත් වැඩි කලාලු.