පාර්ලිමේන්තුවේ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    JPV -
    ‘‘අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. දින 100ක් තුළ ඉතාම පටු සහ කුඩා කැබිනට් මණ්ඩලයකට ඇතුල්වීමට සමහර අය දරන ප‍්‍රයත්න ගැන අපට අප‍්‍රසන්න බවක් ඇතිවෙනවා. මේ දින සියයේ කැබිනට් මණ්ඩලය ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා.

    - dan cabinet eka tiyenne 100 days walata witrailu ne..passe general election ekak tiyenawa
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් අවශ්යය.

    ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත සියයකට ආසන්න පිරිස සොයාගන්න වන්නේ මඩ වලෙ නැටූ ඌරන් අතරින්මය ඔබටත් මටත් ලෙහෙසියෙන්ම කතාවෙන් සුපිරිසිදු පුද්ගලයින් බලාපොරොත්තු විය හැකි නමුත් යථාර්තය නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ එවැනි පුද්ගලයින් නොවේ.එම නිසා දින සියය යථාර්ථය කරගැනීමට ඔලු ගෙඩි සම්පූර්ණ කර ගැනීමට අප අකමැති වුවත් විවිධ පුදගලයින්ට තාවකාලිකව හෝ තනතුරු ලබාදීමට සිදුවනු ඇත

    එහෙත් අපට මෛත්‍රී හා රනිල් කෙරෙහි දිගුකාලීනව බලාපොරොත්තු රැඳවිය හැකිය .ජාතික හෙල උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයන් ලෙස බලාපොරොත්තු තබා ගත හැකිය.
    මේ පිරිස එක මතයක රැඳි සිටින තාක් කල් සෙසු කවුරුන් එකතු වූවත් තනතුරු ගත්තත් එයින් මෛත්‍රීපාලනයට බලපෑමක් කල නොහැකිය
    :yes:
    දැනට බහුතරය නැති නිසා කිසවක් සම්මත කරගන්න බාදාවක්,
    කලයුත්තේ බහුතරය හදා දින100 සියලු දේසම්මත කර පාර්ලිමේන්තු මැතිවරණයට යාමයි.
    එය දැනට සිදුවෙමින් පවතී . පාර්ලිමේන්තු මතිවරනයේදී දුශිත්යන්ට නම යෝජන නැත,
    ඔවුන්ට ඇති සියලු චෝදනාවන්ට අදිකරණය ඉදිරියට ගෙන එනවා.
    මෙයිත්‍රී කියන්නේ මහින්ද මෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පුකල පුද්ගලයෙක්
    රනිල් කියන්නේ දේශපාලන පරිනත බැවින් හෙබි, තැනට ඔබින. අනේ ගසන, දුර දක්නා අව්‍යජ නායකයෙක්
     
    "ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත"
    නියම කතාව!