පාලනයක් නැති ලංකාවේ ලාභ ලැබෙන ආයතන

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ කිසියම් හෝ පාලනයකට අධීක්ෂණයකට නතු නොවෙයැයි සිතිය හැකි ආයතන සහ ඉන් වන අවැඩ මෙහි පළකරන්න.
    1. දුරකථන නියාමන කොමිෂන් සභාව - දුරකථන සේවා සපයන ආයතන නියාමනය කරතැයි සරලව සිතෙන නමුත් අඹමල් රේණුවක නියාමනයක් නැත. පාරිභෝගීකයන් ගසා කෑමට රුකුල් දෙන නීති රීති ක්‍රියාත්මක කරයි.
      කිසියම් හෝ නිශ්චිත විගණන ක්‍රියාදාමයක් සිදු වේ යැයි සිතිය නොහැක. ටෙලිකොම් වැනි රජයේ පාර්ශවයේ සේවා සපයන්නන් පවා නිරවද්‍ය භාවිතය පිළිබඳ නිරවද්‍ය තොරතුරු පාරිභෝගිකයාට ලබාදීමට අසමත්ය.
      පාරිභෝගිකයන්ගේ බිල්පත්වලින් අඩුවන පරිදි අන්‍ය භාවිතා කරනන්නන් දත්ත සොරාගන්නා අවස්ථා පිළිබඳ පැහැදිලි සැක සංකා තිබේ.
    2. පෞද්ගලික දුරකථන සේවා සපයන්නන් පාරිභෝගික අවසරකින් තොරව විවිධ වැඩසටහන් සඳහා දායක කරගන්නා අතර විශාල මුදල් අවභාවිතයක් මින් සිදුවේ.
    3. ජංගම දුරකථන වැඩසටහන් මගින් ක්‍රියාත්මක වන කුලී රථ සේවා - ඌබර් සහ පික්මී ඇතුළු විවිධ ජංගම ඇප් මගින් පාලනය වන කුලී රථ සේවා මගින් ලාංකීය සමාජයේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පාදක කරගනිමින් ඉතා උසස් තත්ත්වයක තිබූ ලාංකීය කුලී රථ සේවය පහත් තත්ත්වයට ඇද දමා ඇත. මෙම මුදල් විදේශ ගිණුම් වෙත ප්‍රේශනය වන්නේ රජයේ නොදැනුවත්වමද යන්න ගැටළුවකි.
    4. ක්ෂුද්‍ර ණය ජංගම දුරකථන ඔස්සේ ලබාදෙන වැඩසටහන් - ලාංකීය සමාජයේ විවිධ මුල්‍යමය අවශ්‍යතා සපුරාලන්නට ඉදිරිපත්වී ඉතා විශාල පොලියක් සමග මුළු මුදල ලබා ගන්නා ආයතන බොහෝමයකි.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    ඩයලොග් මොබිටෙල් ඇතුළු දුරකථන සමාගම් - අවුරුදු 30න් (බහුතර) ඉහල පුද්ගලයින් සදහා VAS Activate කරගැනීමට Notifications එවන අතර තාක්ෂණික වැඩි දැනුමක් නැති අය එය Accept කිරීම මගින් Hungama MyPlayGames වැනි විදේශීය හා දේශීය ආයතනයන්ගේ සේවාවන් වෙත හා Ring-in-Tones වෙත ස්වයන්ක්‍රීයව Subscribe වෙයි. එමගින් මාස්පතා මිලියන ගණනක් සමාගම් උපයා ගනියි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Bump

    ඩයලොග් මොබිටෙල් ඇතුළු දුරකථන සමාගම් - අවුරුදු 30න් (බහුතර) ඉහල පුද්ගලයින් සදහා VAS Activate කරගැනීමට Notifications එවන අතර තාක්ෂණික වැඩි දැනුමක් නැති අය එය Accept කිරීම මගින් Hungama MyPlayGames වැනි විදේශීය හා දේශීය ආයතනයන්ගේ සේවාවන් වෙත හා Ring-in-Tones වෙත ස්වයන්ක්‍රීයව Subscribe වෙයි. එමගින් මාස්පතා මිලියන ගණනක් සමාගම් උපයා ගනියි.
    මගෙත් ඔය Hungama මගුලක් කිසිම මැසේජ් එකක් එවන්නෙත් නැතුව ඇක්ටිවේට් කරල තිබ්බ.
    ------ Post added on Mar 23, 2021 at 8:30 PM