ලංකාවේ කිසියම් හෝ පාලනයකට අධීක්ෂණයකට නතු නොවෙයැයි සිතිය හැකි ආයතන සහ ඉන් වන අවැඩ මෙහි පළකරන්න.
- දුරකථන නියාමන කොමිෂන් සභාව - දුරකථන සේවා සපයන ආයතන නියාමනය කරතැයි සරලව සිතෙන නමුත් අඹමල් රේණුවක නියාමනයක් නැත. පාරිභෝගීකයන් ගසා කෑමට රුකුල් දෙන නීති රීති ක්‍රියාත්මක කරයි.
කිසියම් හෝ නිශ්චිත විගණන ක්‍රියාදාමයක් සිදු වේ යැයි සිතිය නොහැක. ටෙලිකොම් වැනි රජයේ පාර්ශවයේ සේවා සපයන්නන් පවා නිරවද්‍ය භාවිතය පිළිබඳ නිරවද්‍ය තොරතුරු පාරිභෝගිකයාට ලබාදීමට අසමත්ය.
පාරිභෝගිකයන්ගේ බිල්පත්වලින් අඩුවන පරිදි අන්‍ය භාවිතා කරනන්නන් දත්ත සොරාගන්නා අවස්ථා පිළිබඳ පැහැදිලි සැක සංකා තිබේ. - පෞද්ගලික දුරකථන සේවා සපයන්නන් පාරිභෝගික අවසරකින් තොරව විවිධ වැඩසටහන් සඳහා දායක කරගන්නා අතර විශාල මුදල් අවභාවිතයක් මින් සිදුවේ.
- ජංගම දුරකථන වැඩසටහන් මගින් ක්‍රියාත්මක වන කුලී රථ සේවා - ඌබර් සහ පික්මී ඇතුළු විවිධ ජංගම ඇප් මගින් පාලනය වන කුලී රථ සේවා මගින් ලාංකීය සමාජයේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පාදක කරගනිමින් ඉතා උසස් තත්ත්වයක තිබූ ලාංකීය කුලී රථ සේවය පහත් තත්ත්වයට ඇද දමා ඇත. මෙම මුදල් විදේශ ගිණුම් වෙත ප්‍රේශනය වන්නේ රජයේ නොදැනුවත්වමද යන්න ගැටළුවකි.
- ක්ෂුද්‍ර ණය ජංගම දුරකථන ඔස්සේ ලබාදෙන වැඩසටහන් - ලාංකීය සමාජයේ විවිධ මුල්‍යමය අවශ්‍යතා සපුරාලන්නට ඉදිරිපත්වී ඉතා විශාල පොලියක් සමග මුළු මුදල ලබා ගන්නා ආයතන බොහෝමයකි.
Last edited: