පාවාදීම්_හමුවේ_ඉතිහාසයේ කුණු කූඩය කොහාටද

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    පාවාදීම්_හමුවේ_ඉතිහාසයේ කුණු කූඩය කොහාටද

    ඉතිහාසය ගොඩනැගී ඇත්තේ ශක්තිමත් මිනිසුන්ගෙනි. කායික, මානසික වශයෙන් ශක්තිමත් වූවන් ඉතිහාසයේ සංකේත බවට පත් වී ඇත. පාවාදීම හැම විටම ඉතිහාසය තුළින් ප‍්‍රතික්ෂේප වී ඇත. එම නිසා දෙව්දත්, ජුදාස් ඉතිහාසයේ ද්‍රෝහීන් බවට පත්වන විට සිදුහත්, යේසුස් වීරයින් බවට පත් වී ඇත.


    සොක‍්‍රටීස්.

    ග‍්‍රීක මහා දාර්ශනිකයින් තිදෙනාගෙන් එක් අයෙක් වූ සොක‍්‍රටීස් යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කතා කළේය. ආකර්ශනීය දේශන රටාව හේතුවෙන් නිර්ධනයින් සහ තරුණයින් සොක‍්‍රටීස් වටා එක්රැුස් විය. තරුණයින්ගේ එක්රැුස් වීම මිලේටස් පාලනය බියගැන්වීමට සමත් විය. එහෙයින් පාලකයින්ගේ සහ විතන්ඩවාදීන්ගේ දැඩි ප‍්‍රහාරයට ලක් වූ සොක‍්‍රටීස් තරුණයින්ගේ සිත් දූෂණය කිරීම යන චෝදනාව යටතේ එතෙක් මෙතෙක් මානව ඉතිහාසය තුළ විශාලම ජූරි සභාව ඉදිරියට පැමිණවීය. 501 ක් වූ ජූරි සභිකයින්ගෙන් සොක‍්‍රටීස් වැරදිකරු බවට 283 ක් නම් කළේය. ඉතිරි සියලූම දෙනා සොක‍්‍රටීස් නිවැරදි බවට පෙන්වා දුන්නේය. නමුත් සොක‍්‍රටීස් මරණ දඬුවම හිමිවිය. ස්වයං පාපොච්චාරණයකින් මරණ දඬුවම ලිහිල් කරගත හැකිව තිබුණ ද සොක‍්‍රටීස් තම මතය පාවා නොදුන්නේය. ප්ලේටෝ, සිනෝපේන් වැනි ශිෂ්‍යයින් තම ගුරුවරයා ගලවා ගැනීමට නොයෙක් උපක‍්‍රම භාවිතා කළ ද තමාට එල්ලවන චෝදනාවලින් තමා නිදොස් නොකර පාපොච්චාරණය කිරීම සොක‍්‍රටීස් ප‍්‍රතික්ෂේප කළේය. එම නිසා සොක‍්‍රටීස් තම මතය පාවා නොදී මරණය වැළඳ ගත්තේය. එහෙයින් සොක‍්‍රටීස් ඉතිහාසය තුළ දාර්ශනිකයෙකු අභිබවා ගිය විප්ලවීය ජීවගුණයෙන් යුතු මිනිසෙකු ලෙස තවමත් ජීවමාන වන්නේය.


    යේසුස් වහන්සේ.

    කල්වාර් කන්දේ කුරුසයකට තබා දෙතිස් වද ලබා දෙමින් මරණයට පත් කළ යේසුස් වහන්සේද තම මතය පාවා දුන්නේ නැත. පැරණි ගිවිසුමෙන් දැඩි රළු නීතිරීති යටතේ ක‍්‍රියාත්මක වූ දහම වෙනුවට දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා වෙමින් මෙලොවට පැමිණි යේසුස් පේ‍්‍රමය හා සමාව කේන්ද්‍ර කරගෙන නව දහමක් දේශනා කළේය. ‘වෙහෙස වන්නාවුනි හා බර උසුලන්නාවුනි මා වෙත එන්න’ ලෙස පවසමින් ඉහළ ප‍්‍රභූන් සතු වූ දහම පහළ නිර්ධනයා වෙතට ගෙන ආවේය. මළවුන් නැගිට්ටුවේය. කොරුන් ඇවිද්දවූවේය. අන්ධයින්ට පෙනීම ලබා දුන්නේය. නමුත් ජුදාස් යේසුස්ව පාවාදීම සමග උන්වහන්සේ කුරුසයට තබා ඇණ ගැසීමට යුදෙව් පාලකයින්ට අවස්ථාව ලැබුණි. එතරම් වද බන්ධනයට ලක් කළ ද යේසුස් තම මතය පාවා නොදුන්නේය. එම නිසා යේසුස් ඉතිහාසයේ වීරයා වන විට ජුදාස් දුෂ්ටයා විය.



    සිදුහත්.

    රම්‍ය, සුරම්‍ය, සුබ යන මාළිගාවල වෙසෙමින් රජ සැප අපරිමිතව විඳිමින් ජීවිතයේ අනිත්‍ය වටහාගෙන අභිනිෂ්ක‍්‍රමණය කළ සිදුහත් ගෞතම බුදුන් වහන්සේ බවට පත්විය. තමන්ට උපස්ථාන කළ පස්වග මහණුන් තමන් හැරගිය ද තම අරමුණ පාවා නොදුන්නේය. ගුරුන්ගෙන් ඉගෙන දෙයක් ලබාගත නොවූ කල අධිෂ්ඨානය අත් නොහැර තනිවම තම අරමුණ වෙනුවෙන් සටන් කළේය. ලොවක් නිසලව සිටියදී නිහඬ සටන්කරුවෙකු වූ සිදුහත් ජය ගත්තේය. මාර දූවරු පැමිණීයේය. රැඟුම් පෑවේය. නිහඬ අධිෂ්ඨානය තුළ සියල්ල පරාජය කළේය. චිංචිමානවිකාව බොරු චෝදනා ඉදිරිපත් කළාය. මාගන්ධියා අපහාස කළාය. දෙව්දත් ගල් පෙරළුවේය. නාලාගිරි රා කල සොළොසක් බී පසුපස පැමිනුණි. ඒත් බුදුන් නිහඬය. මේ අනුව දෙව්දත් ඉතිහාසයේ දුෂ්ටයා වන විට සිදුහත් සහ බුදුන් වීරයින් වී අවසානය.


    ඉහතින් සඳහන් කරන ලද්දේ ඉතිහාසය විසින් වීරයින් නිර්මාණය කළ ආකාරයයි. එය නාතුරාම් ගෝට්සේගේ වෙඩි පහරට ලක් වී මියගිය මහත්මා ගාන්ධිට ද පොදුය. ඔහු ද බලය වෙනුවෙන් සියල්ල භාවිතා නොකර තම වගකීම පමණක් ඉටු කොට ලොවෙන් සමුගත්තේය. එම නිසා ඉන්දියාව ගාන්ධියාවක්ය. ලොව පවතිනතුරු ගාන්ධි ද පවතී. නෙල්සන් මැන්ඩෙලා ද එසේමය. දශක දෙකකට අධික කාලයක් සිරගත වී පැමිණ බලය පසුපසම හඹා නොගොස් තම වගකීම පමණක් ඉටු කොට නව අප‍්‍රිකාවක් නිර්මාණය කර නිහඬව අවසන් ගමන් ගියේය. මාටිං ලූතර් කිං ද එසේමය. වේළුපිල්ලේ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම නිජ බිමක් සෑදීම සඳහා අරගල කළේය. ඒ සඳහා සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනැගුවේය. එවැනි ව්‍යාපාරයක් තනි පුද්ගලයෙක් විසින් ගොඩනගන විට ඒ සඳහා විශාල කැපකිරීමක් කළ යුතුය. ප‍්‍රභාකරන්ගේ ව්‍යාපාරය අඩපණ වීමට බලපෑ එක් හේතුවක් වන්නේ කරුණා අම්මාන්ගේ පාවාදීමය. එම නිසා ප‍්‍රභාකරන් ඉතිහාසය තුළ වීරයෙක් වන විට කරුණා අම්මාන් දුෂ්ටයෙක් වී හමාරය.

    දේශපාලනය රැඟුම්කරුවන්ගේ බල අරගලය බව සැබෑය. එය ලංකාවේ දේශපාලනයටද පොදුය. එසේ වුව ද දේශපාලනයේදී ගනු ලබන සෑම තීරණයක්ම, සෑම ක‍්‍රියාවක්ම සාධාරණ වන්නේ නැත. එය සාධාරණීකරණය කරන්නේ ඉතිහාසය විසිනි. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන පෙළ ආගමනය සිදුවූයේ 1994 න් පසු කාලයේදීය. එම කාලයේ සිට වර්ෂ 2001 දක්වා කාලය තුළ පරිවාස ආණ්ඩුව කරා ගමන් කරන තෙක් කාලය ජනතා විමුක්ති පෙරමුණේ පරිවර්තනීය අවධියකි. එම අවධියේ වීරයා විමල් වීරවංශය. ඔහු රැුඩිකල්ය. ආකර්ශණීයය. රතුපාට කමිසය හැඳ කොළපාට තොප්පිය දැමූ කල විප්ලවවාදීය. ජනතාව වීරවංශගේ කතා ඇසීමට ජ.වේ.පෙ. වේදිකා වටා රොක් විය. අන්ත නිර්ධනයා පිළිබඳ ඔහු කතා කළේය. එම වචන ඉතාම සුන්දරය. විශ්වවිද්‍යාලවල කලා උළෙලවල්වල ආරාධීත දේශනවල විමල් වීරවංශ සිටියේය. ඒ ප‍්‍රගතිශීලී වීරවංශය. එසේ වුවද 2005 න් පසු වීරවංශගේ දේශපාලනය වෙනස් විය. මහින්ද රාජපක්‍ෂ නැමැති අන්ත ධනේෂ්වර පාලනයේ ගොදුර බවට ඔහු පත් විය. මේ අනුව ජනතාවාදී වීරවංශ රාජපක්‍ෂවාදී විය. අවසානයේදී ඉතිහාසය විසින් ඔහු නිර්මාණය කර ඇත්තේ තම මතය පාවාදුන් අයෙක් බවටය. නමුත් අනුරකුමාර පීඩනය දරා ගත්තේය. පරාජය වින්දේය. ඇදවැටීම්, බිඳවැටීම් හමුවේ නොසෙල්වී සිටියේය. එම නිසා විජේවීර නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණේ තුන්වෙනි නායකයා බවට පත්විය. දේශපාලන මතිමතාන්තර කුමක් තිබුණද අනුරකුමාර අද මෙරට ජනතාවගේ, තරුණයින්ගේ ජනප‍්‍රිය නායකයෙකි. හෙට ගැන පමණක් අපට කිව නොහැක.

    ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ අද එක්සත් ජාතික පක්‍ෂය පවතිනවාට වඩා දුර්වල මට්ටමක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත් වූ අවස්ථා ඇත. 1977 මැතිවරණයේදී ඔවුන්ට විපක්‍ෂ නායක කම ද අහිමි විය. එක්සත් ජාතික පක්‍ෂය සිතුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසානය කියාය. එම සියලූ තත්ත්වයන් හමුවේ අහම්බෙන් බලයට පත් වුව ද මහින්ද රාජපක්‍ෂ තම මතය පාවා දුන්නේ නැත. දුෂ්කරම මොහොතේ පක්‍ෂය හැරගියේ නැත. පීඩනය දරා ගත්තේය. ඉහළ නායකයින්ගේ කෙණෙහිලිකම් හමුවේ වුව ද තම අරමුණ වෙනුවෙන් සටන් කළේය. එම නිසා මහින්ද රාජපක්‍ෂට මෙරට දේශපාලනය තුළ සාධාරණ තැන හිමිවිය. එය නිමල් සිරිපාල ද සිල්වාට ද, මෛත‍්‍රීපාල සිරිසේනට ද පොදුය. නායකත්වයට එකඟ නොවුණ ද කිසිදු විටක මහින්ද රාජපක්‍ෂ විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද ප‍්‍රසිද්ධියේ විවේචනය කරනු අප දැක නැත. එම නිසා නායකත්වය විවේචනය කරන අයට මෙන්ම තම මත පාවා දෙන අයට මහින්ද රාජපක්‍ෂගෙන් ආදර්ශ ගත හැක. නායකයා විවේචනය කොට නායකයෙක් විය නොහැකි බව පසක් කරගත යුතුය.

    එක්සත් ජාතික පක්‍ෂය ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුළ දැවැන්තම පක්‍ෂයයි. එහි නායකයින්ද දැවැන්තය. එහි වත්මන් නායකයා රනිල් වික‍්‍රමසිංහය. පීඩනය දරා ගැනීම සඳහා නිදසුනක් අවැසි නම් ඒ සඳහා හොඳම නිදසුන රනිල් වික‍්‍රමසිංහය. පරාජය ලැබීම කිසිසේත්ම අස්වාභාවික නැත. එය ස්වභාවිකය. නමුත් එය දරාගැනීමට නොහැකි වීම දේශපාලනයේදී අස්වාභාවිකය. රනිල් වික‍්‍රමසිංහ තම දේශපාලන මතය පාවා නොදුන්නේය. නියමිත වේලාව පැමිණෙන තෙක් කල් මරන්නේය.

    එම නිසා සජිත් පේ‍්‍රමදාස තම දේශපාලන ආභාසය ගොඩනගා ගැනීමේදී මහින්ද රාජපක්‍ෂ මෙන්ම රනිල් වික‍්‍රමසිංහ ද ආදර්ශයට ගත යුතුය. නායකයින් බිහිවන්නේ කලාතුරකිනි. ඒ සඳහා ඉතිහාසය තුළ ඔවුන් විශාල කැපකිරීමක් කර ඇත. එය හිට්ලර්ට ද පොදුය.

    දයාසිරි ජයසේකර පසුගිය කාලයේ විපක්‍ෂයේ වීරයෙකි. ආණ්ඩුවට පළු යන්න බැන්නේය. සිංදු කිව්වේය. ජනප‍්‍රිය විය. ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරයට ද තරග කළේය. හම්බන්තොට වරායේ ගල ගැන හරීන් ප‍්‍රනාන්දුත් සමග ගොස් ආණ්ඩුවට පතුරු යන්න බැන්නේය. දේශපාලන පක්‍ෂ බිලි බා ගැනීම යම් දිනක මහින්ද රාජපක්‍ෂට පාරා වළල්ලක් වන බව පුන පුනා ප‍්‍රකාශ කළේය. අවසානයේ ඔහු තම මතය පාවා දුන්නේය. ආණ්ඩුවේ වරප‍්‍රසාදවලින් අන්ධ වී තමාම ප‍්‍රකාශ කළ රාජපක්‍ෂලාගේ ද්‍රෝහිකම් අද සාධාරණීකරණය කරන්නේය. දැකීමට පිළිකුල්ය. අප‍්‍රසන්නය. එතරම් පාවාදීම් ඉහළය. මහ ඇමතිකම ඉදිරියේ තම ආත්මය සින්න කරමින් වියරු දේශපාලනයක නියැලෙන්නේය. මහින්ද රාජපක්‍ෂ යළි යළිත් ජනාධිපති කරවන බව පුන පුනා ප‍්‍රකාශ කරන්නේය. තමා ගොඩනගාගෙන සිටි දේශපාලන ප‍්‍රතිරූපය එක රැයින් නිමා කර ගත්තේය. ඒ මහින්ද රාජපක්‍ෂගෙන් හා රනිල් වික‍්‍රමසිංහගෙන් ඉවසීම, දරා ගැනීම යන පාඩම් ඉගෙන නොගත් බැවිනි.

    මෑතකාලීන පාවාදෙන්නනි, අනාගත පාවාදෙන්නනි, නුඹලා කුමන පාපොච්චාරණය සිදුකළ ද අනාගතය තුළ නුඹලාට හිමි වන්නේ නියත කුණු කූඩයයි. කිසිසේත්ම නුඹලා දේශපාලන වීරයින් වන්නේ නැත. පළමු උණුසුමේම ලබාගත් ඡන්ද ප‍්‍රමාණයවත් නුඹලාට දෙවන අවස්ථාවේදී ලබාගත නොහැක. එහෙයින් අද දිනයේ නුඹලාට අන්ධ වී වැළඳගන්නා ජනතාව හෙට දිනයේ නුඹලාට කරන ශාපයෙන් ගැලවීමට මාවතක් සොයාගත යුතුමය..



    උපුටා ගැනීම: http://www.infosrilankanews.com/2014/09/outsider-11.html
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එවැනි ව්‍යාපාරයක් තනි පුද්ගලයෙක් විසින් ගොඩනගන විට ඒ සඳහා විශාල කැපකිරීමක් කළ යුතුය. ප‍්‍රභාකරන්ගේ ව්‍යාපාරය අඩපණ වීමට බලපෑ එක් හේතුවක් වන්නේ කරුණා අම්මාන්ගේ පාවාදීමය. එම නිසා ප‍්‍රභාකරන් ඉතිහාසය තුළ වීරයෙක් වන විට කරුණා අම්මාන් දුෂ්ටයෙක් වී හමාරය.

    Prabakaran apita veerayek neme ban
    praba th karunath dennama kotiya.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මෑතකාලීන පාවාදෙන්නනි, අනාගත පාවාදෙන්නනි, නුඹලා කුමන පාපොච්චාරණය සිදුකළ ද අනාගතය තුළ නුඹලාට හිමි වන්නේ නියත කුණු කූඩයයි. කිසිසේත්ම නුඹලා දේශපාලන වීරයින් වන්නේ නැත. පළමු උණුසුමේම ලබාගත් ඡන්ද ප‍්‍රමාණයවත් නුඹලාට දෙවන අවස්ථාවේදී ලබාගත නොහැක. එහෙයින් අද දිනයේ නුඹලාට අන්ධ වී වැළඳගන්නා ජනතාව හෙට දිනයේ නුඹලාට කරන ශාපයෙන් ගැලවීමට මාවතක් සොයාගත යුතුමය..
    :yes::yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    හික්ස්, දේශපාලන ලද බොලද එකෙක්ගේ ලිපියක්

    ඔය GL පිරිස්, බන්දුල ඇතුළු කට්ටිය කීපාරක් පක්ෂ මාරු කලද? නිදහස් පක්ෂය බිහිකරපු බණ්ඩාරනායක unp කාරයෙක් බොලව්. ලංකාවේ හැම දේශපාලන පක්ෂයක හොද නරක තිබේ. තමුන්ට හොදයි කියල පක්ෂයක දේශපාලනය කිරීම, පක්ශ මාරු කිරීම ප්‍රජාතාන්ත්‍රික වශයෙන් අයිතිවාසිකමක් මෙන්ම එහි කිසිදු වරදක් නැත. මේ පක්ෂයේ හිටියහම වඩා හොදයි කියල හිතෙනවනම් පක්ෂ මාරු කරට කමක් නැහැ.

    ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක හරි ප්‍රර්තිපත්තියක් නැතිකොට එකේ ඉන්න එවුන් ගැන කවර නම් කතාද? රෙද්දේ ප්‍රතිපත්ති. ඕව හොදයි කැපුවත් කොළ, නිල,රතු අප්තොයෝ ටිකට.
     
    Sep 2, 2014
    30
    3
    0
    හික්ස්, දේශපාලන ලද බොලද එකෙක්ගේ ලිපියක්

    ඔය GL පිරිස්, බන්දුල ඇතුළු කට්ටිය කීපාරක් පක්ෂ මාරු කලද? නිදහස් පක්ෂය බිහිකරපු බණ්ඩාරනායක unp කාරයෙක් බොලව්. ලංකාවේ හැම දේශපාලන පක්ෂයක හොද නරක තිබේ. තමුන්ට හොදයි කියල පක්ෂයක දේශපාලනය කිරීම, පක්ශ මාරු කිරීම ප්‍රජාතාන්ත්‍රික වශයෙන් අයිතිවාසිකමක් මෙන්ම එහි කිසිදු වරදක් නැත. මේ පක්ෂයේ හිටියහම වඩා හොදයි කියල හිතෙනවනම් පක්ෂ මාරු කරට කමක් නැහැ.

    ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක හරි ප්‍රර්තිපත්තියක් නැතිකොට එකේ ඉන්න එවුන් ගැන කවර නම් කතාද? රෙද්දේ ප්‍රතිපත්ති. ඕව හොදයි කැපුවත් කොළ, නිල,රතු අප්තොයෝ ටිකට.

    :rofl::rofl::rofl:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    අඩෝ පට්ටම ලිපියක්.
    හොදට හිතට වැදෙන්න ලියල තියෙනවා ලියපු එකා.
    සොක්‍රටීස් ගෙන් පටන් අරන් ගතියටම ඉවර කරලා තියෙනවා.

    :yes::yes::yes:
     

    Similar threads