පාවිච්චි කල දුරකථනයක් මිලදී ගන්නා ආකාරය ©
Second Hand එහෙම නැත්නම් පාවිච්චි කරන ලද දුරකතනයක් මිලදී ගන්න බොහෝ විට අප යොමුවෙන්නේ මිල ගණන් ගැන සැළකිලිමත් වෙලයි. බොහෝ විට නව දුරකථන මාදිලියක් වෙළදපොලට පැමිණි විගස බොහෝ උදවිය තම පැරණි දුරකථනය අඩුවට හෝ විකිනීමට උත්සහ කිරීම සුලබ දෙයක්. ඒ වගේම ගොඩක් අය කිසියම් දෝෂයක් සහිතව දුරකථන විකිනීමට යොමු වෙනවා. නමුත් කෙනෙක් බාවිතා කල හෝ refurbished( නැවත එකලස් කරන ලද) දුරකතනයක් මිලදී ගැනීමට පෙර, අප සොයා බැලිය යුතු කරුණු කීපයක් තියනවා.අපි එකින් එක ඒ පිලිබදව කතා කරමු.
1.විකිණුම් මිළ too Smart නම්,
බොහෝ පුද්ගලයන් වෙළදපොල සාමාන්‍ය වටිනාකමට වඩා ඉතා අඩු මුදලට වටිනා දුරකථන විකිනීමට දමා තිබේ. මේවා බොහෝ අවස්ථාවල සොරකම් කරන අද ඒවා විය හැක. Full Set with Box ( ඇසුරුම සහ සියලුම උපාංගයන් සහිතව) තිබුනද මෙවැනි ඒවා මිලදී ගැනීමට පෙර දෙපාරක් සිතන්න. මා හිත මිත්‍ර Darshana De Silva මහතාට මෑතකදී මෙවැනි අමිහිරි සිදුවීමකට මුහුණදීමට සිදුවූ නිසා මෙම කරුණ මුලින්ම කීමට තීරණය කලෙමි.
2.දුරකථනය Genuine එකක් දැයි සොයා ගැනීම.
මෙය අත්දැකීම් අඩු කෙනෙකුට ඉතා අසීරු වනු ඇත, නමුත් නිතර දුරකථන සමග සිටින අත්දැකීම් සහිත කෙනෙක්ටනම් අතට ගත් විගස ෆෝන් එක ෆේක් ක්ලෝන් එකක් දැයි කිව හැක.
*පළමුව ඔබ විසින් මිලදීගන්නා දුරකතනයේ IMEI අංකය සොයාගන්න. මෙය බොහෝ ඒවායේ පසුපස මුද්‍රණය කර ඇත. එසේම ඕනෑම දුරකතනයක *#06# ඩයල් කිරීමෙන් ඉමි අංකය සොයාගත හැක.
*original ඇපල් ෆෝන් එකක්නම්(සිම් ට්‍රේ මාරු නොකළ) සිම් ට්‍රේ එකෙහි මුද්‍රිතය.
*www.imei.info වෙබ් අඩවියට පිවිස දුරකතනයේ ඉමිය යොදා සර්ච් කිරීමෙන් විකුණන පුද්ගලයා පවසන මාදිලියේ දුරකතනයේ මදිලියම දැයි සොයාගත හැක.( ඇතැම් අවස්ථාවල මෙහි තොරතුරු 100% නිරවද්‍ය නොවන බවද සළකන්න.)
3. විවිද ඇක්ටිවේෂන් ලොක් සහිත දුරකථන.
* ඔබ ඇපල් දුරකතනයක් මිලදී ගන්නවානම් https://www.icloud.com/activationlock/ වෙත පිවිස ඉමි අංකය ලබාදීමෙන් දුරකථනය i-Cloud ලොක් "OFF" ලෙස පවතීද යන්න සැක හැර දැනගත යුතුය. එය ON ලෙස පවතීනම් හිමිකරු විසින් එය ඉවත් කර දෙන්නේ දැයි විමසිය යුතුය. ඔහුට එය ඉවත් කල නොහැකි ලෙස පවසයි නම් එම ඇපල් දුරකතනය මිලදී ගැනීමෙන් වළකින්න. මන්ද ඔබට එය රීසෙට් කල විට නැවත ඇක්ටිවේට් කිරීමට පෙර පරිශිලකායේ ඇපල් ID දීම අත්‍යවශ්‍ය වන බැවිනි. මෙය අන්ලොක් කිරීම ඉතා වියදම් සහිත කරුණකි.
* ඔබ සැම්සුන් දුරකතනයක් මිලදී ගත්තද එහි FRP ලොක් සහ Reactivation ලොක් තිබිය හැක. අනිවරෙන් මිලට ගැනීමට පෙර Settings> Accounts වෙත පිවිස සියලු ලොක් වලින් Sign Out වී දුරකථනය Reset කර දෙනමෙන් හිමිකරුගෙන් ඉල්ලන්න.
Factory අන්ලොක් සහ R-SIM අන්ලොක් -
* ඇපල් දුරකථන ක්‍රම දෙකකට අන්ලොක් කර බාවිතා කල හැකි අතර ඉන් වඩා හොද ක්‍රමය වන්නේ ෆැක්ටරි අන්ලොක් කිරීමයි. මෙහිදී දුරකථනය 100% සම්පුර්ණයෙන්ම නිදහස් අතර කැමති අවස්ථාවක කැමති සිම් පතක් සමග සහ අලුත්ම අප්ඩේට් සමග යාවත්කාලින විය හැක.
R-SIM අන්ලොක් වලදී සිදුවන්නේ තුනී සිවියක් වැනි සිම් පතට සමාන සර්කිට් එකක් මත සිම් එක තබා දුරකතනයට ඇතුළු කරයි. මෙහිදී ඇපල් දුරකථන මාදිලිය සහ OS වර්ෂන් තෝරා ෆෝන් එක පැච් අන්ලොක් එකක් කර සිග්නල් ලබාගනී. අවාසි: බැටරි බැසීම අධිකය- සිග්නල් අඩු විය හැක- දුරකථනය අසාමාන්‍ය ලෙස රත්විය හැක- USSD කෝඩ් උදා: *#456# වැනි ක්‍රියාත්මක නොවේ. මෙය ජේල් බ්රේක් කර නිවැරදි කල හැක. ))...
සාමාන්‍යයෙන් ෆැක්ටරි අන්ලොක් ඇපල් ෆෝන් එකකට වඩා R- SIM අන්ලොක් එකක් රුපියල් 5000/= - 8000/= පමණ මිල අඩුය.
4. ෂොට් සහිත දුරකථන, ( ඉතා වැදගත්**)
කුමන වර්ගයක දුරකතනයක් මිලදී ගත්තද එහි කුඩාවට හෝ ෂොට් වීමක් තිබේනම් එය ලෙඩ දෙන එකකි. වඩා නිවැරදි ක්‍රමය වන්නේ ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියකු ලවා දුරකතනයේ ෂෝර්ට් එකක් ඇතිදැයි සෙවීමය. නමුත් සිල් කල දුරකතනයක් ගලවන්නේ නැතිව ෂොට් සෙවිය නොහැකි අතර හිමිකරු එය ගලවා පරික්ෂා කිරීමට සාමාන්‍යයෙන් ඉඩ නොදේ.
මෙවැනි
අවස්ථාවල දී දුරකථනය සාමාන්‍ය තත්වයේ ඔන් කර පැයක් පමණ තබන්න. සාමාන්‍යයෙන් දෝෂ රහිත දුරකතනයක් පයකට 1% - 2% අතර ප්‍රමාණයකින් බැටරි බැසීම සිදුවන අතර මෙම අගය 5% ඉක්මවන්නේ නම කිසිසේත්ම එම දුරකථනය මිලදී ගැනීමෙන් වළකින්න.
-මතු සම්බන්ධයි.-
BY N.C. Erepola
all the credit goes to N.C.Aroopola