පාවිච්චි කල දුරකථනයක් මිලදී ගන්නා ආකාරය II ©

Myth

Well-known member
  • Jul 9, 2009
    19,001
    12,375
    113
    Behind u :p
    පාවිච්චි කල දුරකථනයක් මිලදී ගන්නා ආකාරය II ©

    PART I - http://www.elakiri.com/forum/showthread.php?p=20762744#post20762744


    පාවිච්චි කල දුරකතනයක් මිලදී ගැනීම. 2 කොටස-
    අද අපි කතාකරන්නෙ පාවිච්චි කල දුරකතනයක් මිලදී ගනිද්දී ගොඩක් අයට තියෙන තෝරාගැනීමේ තාක්ෂණික ප්‍රශ්න කීපයක් ගැන.
    1. විවිධ නෙට්වර්ක් ලොක් සහිත දුරකතන පිලිබඳ තවදුරටත්.-
    බොහෝ අවස්තාවල ජංගම දුරකතනයක් අඩු මිලකට විකිණීම සදහා දැන්වීම් පලකරන අතර අප ඒවාට ඇමතුම් ලබාගත්විට ෆෝන් එකේ කිසියම් ලොක් එකක් තිබෙන බවත් එය අන්ලොක් කරගත යුතු බවත් පවසනවා. නමුත් මෙම විවිධාකාර ලොක් වර්ග ඇතැම්විට ගැටලු සහගතයි.
    * කන්‍ට්‍රි ලොක්-
    පිටරටක සිට මෙරටට රැගෙන එන බොහෝ දුරකතන වල මෙම ලොක් වර්ගය ඇතුලත්ය. එයට හේතුව බොහෝවිට එම දුරකතන කිසියම් කන්ට්‍රැක්ට් එකකට(ගිවිසුම්ගතව) අඩු මුදලකට ලබාගත් ඒවය. මෙවැනි දුරකතන ඇතැම් පුද්ගලයන් ගිවිසුම් කාල සීමාවට පෙර මෙරටට රැගෙනවිත් විකිණීමට උත්සාහ කරයි. ඇතැම් මාදිලි මේසදහා කිසිදු ගැටලුවකින් තොරව අන්ලොක් කල හැකි අතර ඇතැම් ඒවා එසේ නොහැක. අපි එකින් එක ඒ ගැන කතාකරමු.
    i. Apple - ඇපල් දුරකතන - ලොක් සහිතනම් මිලදී ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුය.
    ගාස්තු- ඇපල් දුරනයක් අන්ලොක් කිරීමට යම මුදල දුරකතන මාදිලිය,රට සහ ලොක් වී තිබෙන සේවාදායකයා මත වෙනස් වන අතර රුපියල් 500/= සිට 25,000/= දක්වා මිල වෙනස් වේ.. එසේම දැනට කිසිසේත්ම අන්ලොක් කල නොහැකි දුරකතන පවා තිබේ..
    තවද පහත කරුනු අන්ලොක් එකට ඉතාම වැදගත් වේ..
    *ඉමි එක බ්ලැක්ලිස්ට් කර ඇත්නම්(Blacklisted)- සොරකම් කල හෝ අදාල කාල සීමාව තුල නිසි පරිදි ගිවිසුම් ගතව ක්‍රියා නොකල දුරකතන. මේවා අන්ලොක් කිරීමේදී සැලකිය යුතු ඉහල මිලක් ගෙවීමට වන අතර, ඇතැම් විට අන්ලොක් කල නොහැකිය.
    *අයි ක්ලවුඩ් ලොක්(i-Cloud locked)
    ඇපල් දුරකතනයක් නැවත ඇක්ටිවේට් කිරීමේදී පෙර පරිශීලකයන්ට අයත් අයි ක්ලවුඩ් ඊමේල්/ පාස්වර්ඩ් ඇතුලත් කිරීම අනිවාර්ය අතර මේවා අමතක වූ දුරකතන ලෙස පවසා අඩුමිලට විකිණීමට දමා ඇති අතර මින් i-cloud unlock කිරීම ටිකක් හෝ පහසුවෙන් කල හැක්කේ Clean Imei නම් පමනි ( * blacklisted නොවූ සහ lost mode ඔන් නොවූ ඒවා) එසේ නොවන ඒවා අන්ලොක් කිරීමේ සම්බාවිතාව 70% පමණ වන අතර ඉතා ඉහල මුදලක් වියදම් වේ.. ( 20,000-33000/= අතර) මේ නිසා ඇපල් i6 වලින් පහල අයික්ලවුඩ් ෆෝන් කිසිසේත්ම මිලට ගෙන අන්ලොක් කරවා ගැනීම තේරුමක් නැති ක්‍රියාවකි.
    ඔබට ඔබ මිලදී ගන්නා ඇපල් දුරකතනයේ imei අංකය සුලු මුදලක් ගෙවා සම්පූර්ණ පරික්ශාවක් කරගැනීමෙන් මේ සියලු තොරතුරු සොයාගත හැක.
    Samsung- සැම්සුන්ග්
    බොහෝවිට අන්ලොක් කල හැකි අතර කලාතුරකිනි ඉතා අලුත් මාදිලියක් හෝ දුලබ මාදිලියක් අන්ලොක් කල නොහැක. ඒවාද විශේෂ ක්‍රමවේද හරහා දක්ශතා සහිත ශිල්පීන් ලවා අන්ලොක් කරවාගත හැක.
    SONY- සෝනි
    කවුන්ටර් බ්ලොක් නොවූ දුරකතනයක් නම් 99% අන්ලොක් කල හැක.
    *#*#7378423#*#* ඩයල් කර Service info වෙත පිවිසෙන්න එහි ඇති ලොක් වූ නෙට්වර්ක් ලොක් type එක ඉදිරියේ (0) ,(225), ලෙස නොතිබේනම් කෝඩ් එකක් යොදා අන්ලොක් කල හැකි අතර (0) ලෙස පවතින්නේ වැරදි කෝඩ් යොදා උත්සාහ කර අන්ලොක් attempts ඉවර වූ දුරකතනය. ඒවා අන්ලොක් කිරීම මදක් වියදම් සහගතය. නමුත් කල හැක.
    2. දුරකතනයක තාක්ෂණික හැකියාවන්-
    ගොඩක් අයට දුරකතනයක් මිලදී ගද්දි තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද හොද දුරකතනයක් තෝරගන්නෙ කියන එක. ඇත්තටම දුරකතනයක පෙනුමට රැවටිලා අමාරුවෙ වැටෙන අය බොහොමයි. ඔබට අවශ්‍ය හොද තත්වයෙන් යුත් දුරකතනයක් නම් එහි දෘඪාංග පිලිබඳව යම් දැනුමක් අවබෝධයක් තිබීම වැදගත්. මූලික වශයෙන් ස්මාර්ට් දුරකතනයක සුපිරි ක්‍රියාකාරිත්වය සදහා බලපාන්නෙ එහි චිප් සෙට් එක, CPU එක සහ තාවකාලික මතකය (රැම්) එක වේ. අපි මේ ගැන වෙන වෙනම සලකා බලමු.
    i. චිප් සෙට් සහ cpu එක.
    බොහොමයක් දුරකතන වෙලෙදුන් මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීමක් නොකරන අතර සරලව ඩුවල් කෝ(ර්) ක්වඩ් කෝ(ර්) ලෙස වේගය සදහන් කරයි. වර්තමානයේ ඉතා බාල වර්ගවල cpu වල පවා මෙම මල්ටි කෝ(ර්) පවතී. එහෙත් ඒවා සදහන් කර ඇති වේගයන් සමාන වුවද, ක්‍රියාකාරිත්වයෙන් සමාන වන්නෙ නැත. එසේම හොද බ්‍රෑන්ඩ් වල දුරකතන පවා මෙම low- end processor සහිතව නිශ්පාදනය වේ.. විවිධාකාර chipset සහ cpu දුරකතනවල තිබෙන අතර ඒවායින් කීපයක් පහත දැක්වෙ..
    *Apple A Series
    *Samsung Exynos
    *Qualcomm Snapdragon
    *Broadcom
    *Intel Atom
    *Nvidia Tegra
    *Mediatek
    *Rockchip
    *Spreadtrum
    ඉහත වර්ග අතරින් ඉතාමත් දුර්වල ඒවා පිලිවෙලින් Spreadtrum,Rockchip සහ mediatek වන අතර Mediatek අඩු මිල යම් තරමක හොද චිප් සෙට් වර්ගයකි.
    Exynos,Qualcomm Snapdragon, Boardcom සහ ඇපල් A සීරීස් chip set ඉතා ඉහල වේගයකින් සහ ක්‍රියාකාරිත්වයකින් යුක්ත ඒවා වේ. Cpu එකක වේගයට අමතරව, මල්ටි කෝ(ර්) ප්‍රමාණය, Architecture එක වැනි කරුනු බැලීමට තිබෙන අතර ඒවා අදාල කෝඩ් නේම් සමග ගූගල් කිරීමෙන් සොයාගත හැක.
    අඩු වියදම් low-end hardware සහිත දුරකතන කීපයක්
    1. Samsung J1,J1 ACE, J1 NXT, J3 -Spreadtrum
    2. HTC One X9, HTC Desire 728 dual sim, HTC Desire 820G+ dual sim- Mediatek
    3.Sony Xperia C5 Ultra - Mediatek
    * Mediatek processor එක Spreadtrum තරම් අවුල් එකක් නොවන අතර වර්තමානයේ බොහෝ බජට් ෆෝන් වල එන චිප් සෙට් වර්ගයකි. මීට අමතරව
    www.gsmarena.com වෙත පිවිස දුරකතන මාදිලිය ඇතුලත් කර දුරකතනයයේ කැමරාව, රැම් එක, අභ්‍යන්තර මතකය ඇතුලු සියලු දෘඪාංග සහ මෘදුකාංග පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු සොයාගත හැක.
    3. තිරය-
    *AMOLED
    *IPS
    *TFT
    *QVGA
    *LCD
    මෙයින් Samsung දුරකතන වල(s2-s5,s6) AMOLED තිරයන් සහ TFT(Grand prime, core prime) තිබෙන අතර, ඇපල්, LG වල බොහෝවිට IPS තිර පවතී.. Amoled වල සුවිශේෂී බව වන්නෙ පික්සෙල් එකින් එකට LED එක බැගින් අනන්‍යව ක්‍රියාත්මක වීමයි. මෙයින් Ips, amoled ඉතා හොද තිරයන් වේ. TFT අඩු මිල තිරයන් වේ.. එසේම capcative touchscreen සහ ඉහල resolution එකක් සහිත තිරයක් වීම(720 x 1280 pixels වැනි) වැදගත්ය.
    4. අභ්‍යන්තර මතකය සහ වේගය
    අඩු internal memory සහිත දුරකතන කාලයත් සමග ඇප් ඉන්ස්ටෝල් කිරීමේ ගැටලු ඇතිවෙ.. එමනිසා අඩුතරමෙ user available memory 2GB හෝ තිබිය යුතුය. International මෙමරිය 8 gb වීම සෑහෙන අතර micro SD එකක් මගින් එය expand කරගත හැක.
    *රැම් එක අවම වශයෙන් 1gb වත් තිබීම සිර නොවී ඇප්ලිකේශන් ක්‍රියාත්මක කරගත හැක.
    5. විවිද සංවේදක ( Sensors)
    *Accelerometer
    *gyroscope
    *proximity
    *compass(magnetic)
    වැනි ප්‍රදාන සංවේදක තිබීම වඩා ආකර්ශනිය ස්මාර්ට් අත්දැකීමක් ලබා ගැනීමර උපකාරී වනු ඇති අතර ඔබ vertual Reality (VR) බාවිතා කිරීමට අවශ්‍ය නම් Accelerometer, gyroscope, compass සෙන්සර් තිබීම අත්‍යාවශ්‍ය වේ..

    CREDIT GOES TO -
    © N.C.Erepola
    :)