-පාසල් නිළ ඇඳුම් කෙලිය
පාසල සිසුන්ට නිළ ඇඳුම් බෙදා දීමට අදාළව ඊට අදාළ පාර්ශවයකින් මා දැන ගත් තොරතුරු මෙසේය.
නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු ලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.
ඒ මෙසේය:
* වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පාසල් වලට බෙදා දීම.
* පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.
* පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.
* සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)
* එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම. ( මේ සඳහා දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)
* මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.
* බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම. (දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා ශ්‍රමයක් වැය වෙනු ඇත්ද?)
* කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්, පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ මැවැත්වීම.
* වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ මුදල් අය කොට ගැනීම.
මීට අමතරව දැන ගන්නට ලැබුණේ ග්‍රාමීය පෙදෙස් වල සමහර නූගත් පියවරුන් එදිනම සුළු ගණනකට වවුචර් උගස් කොට කසිප්පු පානය කොට ඇති බවය. මට එකවරම අදහා ගත නොහැකි වුවත් ඇත්ත තත්ත්වය මේ ආකාරය.
මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි. මොන්ටිසෝරි තීරණයකි. එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය. නැත්නම් නිකරුණේ මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.
"අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියා විෂය භාර ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක් කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ.
අඛිල විරාජ් වැනි අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම ලබාදීමත්..
සතොස විනාස කල පුද්ගලයෙකුට රටක ආර්ථිකය බාර දීමේ අපමණ අගය දැන් මිනිසුන්ට ලැබී ඇත...
..............................................