පාසල් 5100ක අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ,ළමයි පැමිණීම ඉතාමත් අඩුවේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරේ.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවය.

    ඒ අනුව අද දිනයේ සිට පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

    කෙසේවෙතත් අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් අප වාර්තාකරුවන් පවසා සිටියේ, දරුවන්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩු බවක් පෙන්වන බවය.

    පාසල් තුළට ඇතුළු වීමේ දී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දෑත් පිරිසිදු කරන ස්ථානයන් සෑම පාසලකම පාහේ සකස් කර ඇති අතර, (පන්ති කාමර තුළ ද දුරස්ථභාවයෙන් යුතුව දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකියාව සලස්වා ඇති බවය. :lol:)
     
    • Love
    Reactions: SampathSandaruwan