චන්ඩීන් හා මැරවරයන් යනු ශිෂ්ඨ සමාජයක පැවැත්මට දැඩි අහිතකර නරුමයන්ය.
මෙම නරුමයන්ගෙන් සැදුම් ලත් පාතාලය ශිෂ්ඨ සමාජයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරන අතර ජනතාවට හිංසා පීඩා සිදු කරන මෙම නරුමයන්ගෙන් ජනතාවට වන පීඩාව නවතා ලීමට විටෙක නීතිය පවා අසමත්ය.
මහජනතාවට හිංසා පීඩා සිදු කරමින් නීතිය කඩ කරන එවන් නරුමයන් මර්ධනය කිරීමට සිරගෙවල් සාදා තිබෙන අතර , මෙවන් චන්ඩීන් හා මැරයන් බිහි වීම වැළැක්වීමට , අධ්‍යාපනයෙන් මිනිසුන් යහමග යැවීමට පාසල් බිහිකර තිබේ,
“ එක් පාසලක් සෑදීම මගින් සිරගෙවල් සියයක් වැසිය හැක” යන්න අපේ කාලයේ ජනප්‍රිය කියමනකි. කෙසේ වෙතත් දරුවන් පාතාලයන් වීම වළක්වා යහමග යැවීමට තිබෙනා පාසල් වලින් පාතාලයන් බිහිව තිබෙනා අදහාගත නොහැකි පුවතක් වාර්තා වෙනවා.
ඒ මාතර , අකුරැස්ස සහ තිබ්බොටුවාව ප්‍රදේශ වල පාසල් තුළින්ය. මෙම පාසල් වල සමහර සිසුන් පාතාල සාමාජිකයන් ලෙසින් හැසිරෙන බවට ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ.
මෙලෙස චෝදනා එල්ල කරනුයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ය. එම මන්ත්‍රීවරයා දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන පාසල් පාතාලය පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වූ අතර එහිදි ඔහු කියාසිටියේ ,
“ඇත්තටම කියන්න කනගාටුයි මට පාසල් පාතාලය ගැන දැනගන්න ලැබුණේ දැනට දින කිහිපයකට ඉහතදී. මුලින්ම මම මේක විශ්වාස කළෙත් නැහැ. පස්සෙ හොයලා බලද්දී තමයි දැන ගත්තේ ඇත්තටම සමහර පාසල් තුළ පාතාලය ක්‍රියාත්මක වෙනවා කියලා…”
“මේ පාසල් පාතාලයට ශිෂ්‍යයෝ පමණක් නොවෙයි සමහර ශිෂ්‍යාවෝ පවා සම්බන්ධයි කියලා මට දැන ගන්න ලැබුණා. නිවසින් ඉගෙන ගන්න කියලා එන මේ දරු දැරියෝ පාතාල සාමාජිකයන් ලෙස හැසිරෙන එක කොච්චර දරුණු අපරාධයක්ද? මෙහෙම ගියොත් රටේ අනාගත පරම්පරාවට මොනව වෙයිද කියලා හිතා ගන්න බැහැ.”
“පසුගිය සතියේ 12 වැනිදා අකුරැස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම තිබුණා. එහිදී මේ පාසල් තුළ ක්‍රියාත්මක වන පාතාලය ගැන සාකච්ඡා වුණා. අකුරැස්ස ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා තමයි මේ පිළිබඳව පළමුව පැමිණිලි කරලා තියෙන්නේ. ඉන්පසුව තවත් බොහෝ අය මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා…”
“මාතර, අකුරැස්ස සහ තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සමහර පාසල්වල තමයි මෙම පාසල් පාතාලය ක්‍රියාත්මක වෙන්නේ. එම පාසල්වල සමහර සිසුන් පාතාල කල්ලි නායකයන් ලෙසින් තමයි හැසිරෙන්නේ. එම පාතාල සිසුන් පාසලේ සිටින අනික් සිසුන්ගෙන් කප්පම් ලබා ගන්නවා. පාසල තුළට ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගෙනැල්ලා අනෙක් සිසුන්ට විකුණනවා.”
“තවත් සමහර පාතාල සිසුන් පාසල් වේලාව තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර ගුරුවරු පවා මේවා දන්නවා. ඒත් ඔවුන් සද්ද නැතිව ඉන්නවා. මොකද ඒ ළමයින්ට දඬුවම් කරන්න ගියොත් අන්තිමට නවතින්නේ ගුරුවරු ගුටි කාලා. නැත්නම් මානව හිමිකම් නඩුවකට පැටලිලා.”
“මේ පාතාල සිසුන් විවිධ කල්ලි හදාගෙන තියෙනවා. එහි නායකයාගේ පාසල් බෑගය, කෑම පෙට්ටිය ආදී සියල්ල රැගෙන යන්න ඔහුට ආවතේව කරන්න වෙනම ගෝලයෝ ඉන්නවා. තම පාසල තුළදී මෙන්ම පිටතදීත් මේ ගෝලයෝ එම පාතාල සිසුන්ගේ ආවතේව කටයුතු සිදු කරනවා.”
“දිනපතාම පාහේ අහිංසක සිසුන් බය කරගෙන මොවුන් කප්පම් මුදල් ලබා ගන්නවා. තම පාසල්වල ආපන ශාලා ළඟ රැකගෙන ඉඳන් කෑම කන්න එන සිසුන්ගේ සල්ලි බලෙන් ලබා ගන්නවා. එම පාතාල සිසුන්ට තියෙන බයට කවුරුවත් මේ පිළිබඳව ගුරුවරුන්ට පැමිණිලි කරන්න යන්නෙ නැහැ…”
“මේ ළඟදි එක් පාතාල සිසුවෙක් පච්ච කොටන මැෂින් එකක් පාසල තුළට අරගෙන ගිහිල්ලා, සමහර පාසල් සිසුන්ගේ අත්වල, පපුවේ පච්ච කොටලා. ඒ වගේම සමහර සිසුවියන්ගෙත් කලවා ප්‍රදේශයේ සහ ළැම ප්රදේශයෙත් පච්ච කොටලා. කොහොම හරි එක් පාසල් සිසුවෙක් මේ පිළිබඳව ගුරුවරයකුට ඔත්තුවකුත් දීලා.”
“සමහර පාතාල සිසුන් ලිංගික අඩම්තේට්ටම් පවා කරනවා කියලා ආරංචියි. ඒත් ඒවා ගැන හොයලා බලන්න කිසි කෙනෙක් නැහැ. බොහෝ ගුරුවරු මේ පාතාල සිසුන්ට බයයි. ඒකයි මෙතන තියෙන ලොකුම ප්රශ්නය.”
“පාතාල සිසුන් එලෙස හැසිරෙද්දී එම ප්‍රදේශයේම සමහර පාසල්වල පාතාල සිසුවියන්ද සිටින බවට ආරංචියි. එම පාතාල සිසුවියන්ද හැසිරෙන්නේ පාතාල සිසුන් ආකාරයටමයි. සමහර සිසුවියන්ට ඔවුන් ලිංගික හිංසනයන් පවා සිදු කරන බවට රාවයක් පැතිර යනවා.”
“මේ ළඟදී දවසක් පාතාල සිසුවකු ගංජා සමඟ පොලිසියට කොටුවෙලා තියෙනවා. ඔහු පොලිසියෙන් බේරෙන්න නොයෙක් බොරු කියලා තියෙනවා. ඒත් පොලිසියෙන් බේරෙන්න ඔහුට හැකිවෙලා නැහැ. ඔහුව උසාවියට පවා ඉදිරිපත් කරලා තියෙනවා.”
“මේ පාතාල සිසුන්ගේ හැසිරීම ගැන ඇත්තටම මට කනගාටුයි. රටට මේ වගේ තත්ත්වයක් උදාවෙලා තියෙනවා කියලා හිතන්නවත් බැහැ. ඒ වගේම බොහෝ වගකිවයුතු නිලධාරින් මේ සිද්ධියේදී මඟහැරලා යනවා. ඒක නිසා තමයි පාතාල සිසුන් කිසිම බියක් සැකක් නැතිව මෙලෙස හැසිරෙන්නේ…”
“මම පසුගිය දින පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට, පොලිස් නිලධාරීන්ට සහ තවත් වගකිව යුතු නිලධාරීන්ට කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමුකර නිසි පියවර ගන්න කියලා දැනුම් දුන්නා. ඒ වාගේම එම වගකිවයුතු නිලධාරින් වහාම මේ ගැන සොයා බැලිය යුතුයි” ලෙසය.
source:ලංකාදීප







. කවුද බන් මෙහෙම දාල රෙප් කපන අඩුකුලේ අවලන් අවජාතක වේසිගෙ බලු පුතා