පාසලේදී වෙඩි තබා පියෙකු ඝාතනය කළ සෙබළා වර&#350

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    බෝම්බ කේස් එක උනදවස් කිට්ටුව දවසක මම බයික් එකේ යද්දි කෝල් එකක් ඇවිත් ඉස්කෝලේ ගේට් එක ලඟ නතර කරා බැක්පැක් එකකුත් දාගන ඉඳියේ මම හමුදාවේ කෙනා එක් පාරටම ඇවිත් මගෙන් විස්තර අහලා ඇයි නතර කලේ කියල සැරෙන් ඇහුවා මම ඉතින් වරද පිලිඅරගන උනදේ කියල හමුදාවේ එකාට සොරි කියලා ආවා වරද කරලා පන්ඩිතකම් කියවගන අනවශ්‍යදේ කරන්න ගියානම් මටත් වෙඩි තියයි අපි දැනගන්න ඕන නීතියට අවනත වෙන්න සහ ඒ මිනිස්සුත් එක්ක හරියට කතා කරන්න
     
    • Like
    Reactions: richlife

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ මනුස්සයා ඒක කරන්නෙ නැත්නම් ඔය ටික වෙඩිතියපු එකාට හරි ‍එතන හිටපු වෙන එකෙක්ට හරි කරන්න තිබුනනෙ. මැරෙන්ඩ වෙඩිතියන්ඩ ඕනෙද?

    මෙහෙමද කියන්න ඕනා,
    පොඩ්ඩක් ඉන්න මහත්තයා මම ගිහින් පන්ති භාර ගුරුතුමියව රැගෙන එන්නම් :baffled:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    An armed police or a security personnel belonging to forces cannot use the weapon in violation of the law of the land.
    Penal Code extend killing of a person only in self defence or to protect another person's life or property , but this use of force to kill can be exercise only in proportionate to the threat . eg an unarmed person cannot be killed when there is no threat even if there was a threat earlier.
    See Section 90 of Penal Code
    Facts
    deceased parent was unarmed.
    he had talked to the person who shot and explained the reason for entering the premises
    There were no suspecting items in the possession of the person
    T56 was used to kill one unarmed person belonging to a person belonging SL Navy.
    This is clear excess of use of firearm and soldier had exceeded use of self defence for him and others guranteed under normal law.
    There is no immunity to Police or Armed person except when it was expressly granted eg. Insurrections in 1971 and 1989 this was done through special Act of parliament.

    Emergency Regulations do not allow immunity and Penal Code applies to all the actions of armed forces and to Police along with other Acts eg Torture ,ICCPR etc
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඕක Conservative error එකක්සමහර පැතිවලට හමුදා පාලණයක් ඕනෙ සමහර පැතිවලට ඕනෙ නෑ උදා:-රත්නපුරේට හමුදා පාලණයක් ඕනෙ නුවරට ඕනෙ නෑ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    monawa unath marala dapu ekata mama ekaga naha, papuwatama thiyanna tharam thibba factors monawada meeka terrorist kenek kiyala, kakul dekata thiyala damma nam wade shape, e manussaya ada jiwath wenawa, army buwatath kisi case ekak watenne na, wenna ona deyan newei une.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උපරිම ගණයේ අපරාධකාරයෙක්ට උනත් උපරිම තස්ත්‍රවාදියෙක් උනත් එහෙම එක පාරට වෙඩි තියන්නේ නැහැ. තුවක්කුවක් අතට දෙන්නේ වෙඩි තියන්නම නෙමෙයි. වෙඩි තියන එක ඇවිත් අන්තිම විසදුම. මුලින්ම කරන්න ඕන අතින් පයින් හරි වචනවලින් හරි තුවකුක් මිටෙන් ගහලා හරි අදාල පුද්ගලයව මෙල්ල කරන එකයි. එහෙමත් කරලා හරියන්නේ නැහැ කියලා හිතුනොත් කරන්න ඕන අහසට වෙඩි තියලා පුද්ගලයා මෙල්ල කරන එකයි. ඊටත් බැරිනම් නොමැරෙන විදිහට වෙඩි තියලා පුද්ගලයා අඩපන කරන්න ඕන. මේ දේවල් එකක් වත් වෙලා තියෙනවද? අනිත් එක කතාවෙන් සහ පෙනුමෙන් මේ මනුස්සයා තස්ත්‍රවාදියෙක් කියලා පෙනුනේ නැත්තනම් වෙඩි තියන්න තියා ඒ ගැන හිතන්නවත් බැහැ. යන්න එපා කිවුවම ගියා කියලා වෙඩි තියන්න පුලුවන්ද? කරන්න තිබුනේ අත් අඩංගුවට ගන්න එකනේ...

    agree
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    monawa unath marala dapu ekata mama ekaga naha, papuwatama thiyanna tharam thibba factors monawada meeka terrorist kenek kiyala, kakul dekata thiyala damma nam wade shape, e manussaya ada jiwath wenawa, army buwatath kisi case ekak watenne na, wenna ona deyan newei une.

    papuwata pahalin kiyala news wala tibbe… weapon eka uduruwa kiyalane kiyanne
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වුනු සිද්ධිය කනගාටුදායකයි. දෙපිරිසම ඉවසිල්ලෙන් කටයුතු කලානම් මෙය වලක්වා ගන්න තිබුනා. විශේෂයෙන්ම මෙවැනි කාල වකවානුවක දෙමව්පියන් හැටියට පාසලට ඇතුළුවීමේදී අදාළ උපදෙස් පිළිපැදීම වැදගත්. නමුත් ප්‍රධානම දේ පසුගිය බෝම්බ සිද්දියට වගකිය යුත්තන් සහ හමුදාව පාසල් වලට යෙදවීමට සිදුවූ හේතුව අමතකකර හමුදාවට දොස් නැගීම වැරදියි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇම්බියුලන්ස් රියදුරන් සයිරන් ගහගෙන පුළුවන් හැම විදියටම යන්නේ ඔහුගේ ආතල් එකට නෙමේ.ඔහු නොදන්නා කෙනෙක්ගේ ජ්විතයක් රැකගන්න.හමුදා සෙබලෙක් උදේ ඉඳන් අඩුම ගානේ හෙවනකටවත් නොවී වතුර පොදක් නොබී අර ඔක්කොම මගුල් එල්ලගෙන පාසැල් ඉස්සරහ හිටගෙන ඉන්නේ තමුන්ගේ දරුවා නෙමේ තමුන්ගේ නෑදෑයෙක්ගේ දරුවෙක් නැති පාසලක ළමයි රකින්න.ඔය රස්සා දෙකම ඇඟ බේරාගෙන කරන්න පුළුවන් එතකොට එක සේවයක් නෙමේ ජොබ් එකක් වෙනවා.අවුරුද්දකට සැරයක් වත් බෝම්බයක් ඕනේ අමතක නොවෙන්න.නාවික සෙබලෙක් මේ කාලයක තමුන්ගේ ළමය වෙනුවෙන් ආත්මාර්ථකාමී විදියට හැසිරීම නිවැරදි ලෙස ඔබ දකී නම් අදම ලේස්ති වන්න හෙට ඔබගේ දරු පවුල සහ ඔබ රැකගන්න ඔබටම මුණ දෙන දවස වැඩි දුරක නෑ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    හැම ප්‍රශ්නේම මූ තමා වැරදි මූ තමා හරි කියලා බෙදන්න බෑ .....මේක්ත් ඒ වගේ තමා...හමුදා පාලනයයි මේකෙයි ගලපන එක එකම වගේ නෙමෙයනේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    කියනදේ අහන්නෙ නැති, මුරන්ඩු, ගේම ඉල්ලන මිනිස්සු ඕනෙ තැනක ඉන්නව. එහෙම කියල උන්ව මරන්න ඕනෙද?
    ඒ ආවෙ ත්‍රස්තවාදියෙක් නම් බෝම්බෙකින් ළමයි 300ක් විතර කුඩු වෙලා ගියා නම් උබම ෆොන්ට් සයිස් 7න් විතර කමෙන් කරල අහයි නේද රාජකාරි කරපු හමුදාවෙ එකා මොකද කලේ කිය.. පර සිංහලු..
     
    • Like
    Reactions: richlife

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    උපරිම ගණයේ අපරාධකාරයෙක්ට උනත් උපරිම තස්ත්‍රවාදියෙක් උනත් එහෙම එක පාරට වෙඩි තියන්නේ නැහැ. තුවක්කුවක් අතට දෙන්නේ වෙඩි තියන්නම නෙමෙයි. වෙඩි තියන එක ඇවිත් අන්තිම විසදුම. මුලින්ම කරන්න ඕන අතින් පයින් හරි වචනවලින් හරි තුවකුක් මිටෙන් ගහලා හරි අදාල පුද්ගලයව මෙල්ල කරන එකයි. එහෙමත් කරලා හරියන්නේ නැහැ කියලා හිතුනොත් කරන්න ඕන අහසට වෙඩි තියලා පුද්ගලයා මෙල්ල කරන එකයි. ඊටත් බැරිනම් නොමැරෙන විදිහට වෙඩි තියලා පුද්ගලයා අඩපන කරන්න ඕන. මේ දේවල් එකක් වත් වෙලා තියෙනවද? අනිත් එක කතාවෙන් සහ පෙනුමෙන් මේ මනුස්සයා තස්ත්‍රවාදියෙක් කියලා පෙනුනේ නැත්තනම් වෙඩි තියන්න තියා ඒ ගැන හිතන්නවත් බැහැ. යන්න එපා කිවුවම ගියා කියලා වෙඩි තියන්න පුලුවන්ද? කරන්න තිබුනේ අත් අඩංගුවට ගන්න එකනේ...
    බෝම්බ 8 ක් එකදවසෙ පුපුරපු රටේ තියෙන්නෙ හමුදා නීතිය. ඒකෙදි බබාහුකුන් නෑ. ඔලුවට් හරහ වෙඩි තියන්න උපරිම බලය දීල තියෙන්නෙ.. ආන්ඩුවෙන් ඒ බලය දීල තියෙන්නෙ ආරක්ශාවට තරජනයක් තියන නිසා. මෙල්ල කර කර ඉන්න කාලයක් නැති නිසා. ජාතිඅ ආරක්ශක අමාත්‍යශයෙන් ගැසට් කරල නීති හදල බලය දීල තියෙද්දි මෙල්ල කරකර බබාහුකුන් කරන්න ඕනෙ නෑ. ඔලුකටු කුඩු වෙන්න වෙඩි තියන්න ඕනෙ. :yes::yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ ආවෙ ත්‍රස්තවාදියෙක් නම් බෝම්බෙකින් ළමයි 300ක් විතර කුඩු වෙලා ගියා නම් උබම ෆොන්ට් සයිස් 7න් විතර කමෙන් කරල අහයි නේද රාජකාරි කරපු හමුදාවෙ එකා මොකද කලේ කිය.. පර සිංහලු..

    ඔව් ඔය විදියටම අහන්න පුලුවන් ඒ ආවෙ පිටසක්වල ජීවියෙක්ද, ඒහෙම උනොත් ෆොන්ට් සයිස් එක 7ද, ඒ ආවෙ හිට්ලර්ගෙ ආච්චිද? එතකොට ෆොන්ට් සයිස් කීයද කියල. වැඩේ තියෙන්නෙ මොකා ආවත් අන්තිමට මරල දාලා තියෙන්නෙ නිරායුධ සිංහල මනුස්සයෙක්. ඒකයි උඹලගෙ මෝඩ මොලවලට නොතේරෙන දේ.

    රටවටේට බෝම්බ ගහල සියගානක් මරනකල් හමුදාව දන්නෑ? එතකොට උඹල සද්දත් නෑ. දැන් අහිංසක සිංහල මිනිස්සු මරනකොට ඒකට මිනිස්සු විරුද්ධ වෙනකොට උඹල උඩ පැනගෙන එන්නෙ. පර සිංහලු
     
    Last edited:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ගොං පොන්නයෙක් වෙන්න එපා. යකෝ තමන්ගෙ වෙපන් එක උදුරගන්න හදන එකාට වෙඩි තියන්නෙ නැතුව ස්වයං වින්දනය කරන්න කියලද උඹ කියන්නෙ? අනික මේක හදිසි නීතිය තියන කාලයක්. එහෙම එකේ අර මහ එකාට තේරුනේ නැද්ද ඒ වගේ දෙයක් කරන එක හොඳ නෑ කියලා. බැරි වෙලාවත් අරූ වෙපන් එක උදුරගෙන ළමයි මැරුවනම් උඹ ඒකටත් බනින්නෙ ආමි එකේ එකාට නේද? වෙන රටක උනා නම් army එකේ එකාව interrogate කරන්නෙ වත් නෑ. කොච්චර හොඳ කළත් ඒවා අමතක වෙන උඹල වගේ පව්කාරයො ඉන්න කාලකන්නි රටක ඉපදුන එකත් මහ පවක්.
     
    • Like
    Reactions: Pessimist

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ දැක්කද උදුරගන්නව? උඹල වගේ ගොං පොන්සිය‍ා නිසා තමයි මේ රටේ හොරුයි මිනීමරුවොයි ‍පොරවල් වෙන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    හැම ඉස්කෝලෙකම වෙපන් අරන් ආමි එකෙන් දවසට පැය 8කට වඩා හිටගෙන කටු කන්නෙ මොකටද. අණ නොතකා හොරෙන් පයින එකට වෙඩි තියන්න බැරි නම් උන්ට දෙකේ දෙකේ පොල්ලක් දියන් මෙල්ල කොරන්න.. නැතනම් උබ දෙකේ දෙකේ පොල්ලකින් ගහගනින් මොලේ පෑදෙන්න...

    කොච්චර හොඳ කළත් ඒවා අමතක වෙන උඹල වගේ පව්කාරයො ඉන්න කාලකන්නි රටක ඉපදුන එකත් මහ පවක්. :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදිසි නීතිය දන්නේ නැති ෆොන්ස්ලා මේක කියවල කට උක වහං හිටපල්ලා. රටේ නීතිය දන්නේ නැතිව මගුලක් කියවනවා. හදිසිනීතිය අස්සේ හරි වැරදි උකවල් නෑ කොච්චර වැරදි වුනත් 99.99%ම හමුදාව තමයි හරි. නීතිය ගැන දැනුවත්වෙලා අපේ උන් එක්ක සහයෝගෙන් හිටපල්ලා නැත්තං ඉතිං බල්ලෝ බළල්ලු ගානට මැරෙන්න තමයි වෙන්නේ. ඕක ඔයිට අන්තයි දෙමල්ලුන්ට හදිසිනීතිය තියනකොට සින්හළු දෙමල්ලු පාලනය කරනකොට කොච්චර රිදෙන්න ඇත්ද, කොටි හදිසි නිතිය යටතේ සිංහලු පාලනය කළානම් කොහොමද සනීපේ.:baffled::baffled:

    රටේ මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය මැඬලීම පිණිස පසුගියදා හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා තීරණය කෙළේය. එහෙත් හදිසි නීතිය යනු කුමක්දැයි බොහෝ දෙනා තුළ අවබෝධයක් නැති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කළ යුතුය.හදිසි නීතිය යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අබිබවා යමින් නියෝග නිකුත් කිරීමයි. ඒ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. ජනාධිපතිවරයා හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේය.මහජන ආරක්ෂක පනතේ පස් වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ.මූලික වශයෙන්ම හදිසි නීතියක් පැනවීමේ අරමුණ වන්නේ මහජන සාමය පවත්වාගැනීම සඳහා හමුදා අංශ යෙදවීමය. පොලිසියට ආරක්ෂක තත්ත්වය පාලනය කිරීම අපහසු වීම හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය මඟින් ලබාදීමට නොහැකි බව ඒත්තු ගියහොත් හෝ මතු අවශ්‍ය ආරක්ෂාව උදෙසා හෝ හදිසි නීතිය පැනවීමේ බලය හිමි වේ.යම් හදිසි තත්ත්වයක්, සිවිල් ආරවුල් තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා එවැනි බලයක් විධායකයට පැවරේ.හදිසි නීතිය පැන වූ විට රටේ බල පවත්වනු ලබන සිවිල් නීති සියල්ලම හා අනෙකුත් මූලික අයිතීන් සියල්ල අබිබවා හදිසි නීතියට බලය හිමි වේ.හදිසි නීතිය පැන වූ විට සියලු රට වැසියන් එයට යටත් විය යුතුය.උදාහරණයක් ලෙස සාමාන්‍ය සිවිල් නීතිය යටතේ අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් නැතිව නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමේ බලයක් පොලිසියට නැත. එසේ සෝදිසි කිරීමක් සිදු කළහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමේ හැකියාවක් පවතී. හමුදාවට එවන් පරීක්ෂාවට කිසිදු අයිතියක් නැත. සෝදිසි වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගැනීමට හැකියාවක්ද නැත.එහෙත් හදිසි නීතියට අනුව මහජන ආරක්ෂක පනතේ දොළොස් වන වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සන්නද්ධ හමුදා කැඳවීමේ බලයද ඔහු සතු වේ.විශේෂයෙන්ම මෙරට හදිසි නීතිය පැනවීමේ මූලික අවශ්‍යතාව වන්නේ එයයි. මහජන ආරක්ෂක පනතේ දහතුන් වන වගන්තියට අනුව ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන්ගෙන් ඒවා ලබාගැනීමේ අවසරය රජයට හිමි වේ. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලය හිමි වේ.හදිසි නීතිය යටතේ නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමට කිසිදු අධිකරණමය සෝදිසි වරෙන්තු අවශ්‍ය නැත.හදිසි නීතිය යටතේ පොලිසියට හෝ හමුදාවට පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත හැකි වේ.*වරෙන්තු නැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය හිමි වීම*සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම*සැකකරුවන්ගේ පාපෝච්චාරණ සාක්ෂි ලෙසින් යොදාගැනීමේ හැකියාව*නිශ්චල සහ චංචල දේපළ රජයේ පාලනයට ගැනීම*සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවලට පැවරීම*නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය ලබාදීම*රැස්වීම් පැවැත්වීම සීමා කිරීම*නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වීම.*ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවාගැනීම*පවතින පොදු නීතිය අබිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමඑම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැඟෙන වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ. එසේම අවශ්‍ය අවස්ථාවක ඇඳිරි නීතිය පැනවීමේ බලය පවා හිමි වේ.මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යෑම සහ කැරැල්ලක් මැඬපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා එම හදිසි අවස්ථා මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරේ. එසේම යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමි වේ.ඒ අනුව කිසිදු අවසරයක් නැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට හා ත්‍රිවිධ හමුදාවටම හිමි වේ. විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ එම නීතිය කඩ කිරීමකදී අවශ්‍ය පරිදි හෝ සුදුසු පරිදි මහජන ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමේ බලය පවා හමුදාවට හිමි වේ.ජනාධිපතිවරයාට උපරිම මාසයක පමණ කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි නමුත් එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.මහජන ආරක්ෂක පනතේ හත් වන වගන්තියට අනුව රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහළින් හදිසි නීතිය බලපැවැත්වෙන නිසා වෙනත් නීති හො රෙගුලාසියක් යටතේ එය අභියෝගයට ලක් කළ නොහැකිය‍. එමෙන්ම කිසිදු අධිකරණයක් මඟින් ඒ සඳහා ප්‍රශ්න කළ නොහැකිය. ඒ බව පැහැදිලිවම පනතේ අටවන වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.පසුගිය 22 වැනිදා ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි මඟින් සිදු කර ඇත්තේ ත්‍රස්තවාදයට බල පැවැත්වෙන ආකාරයේ ඉහත දැක්වූ පරිදි සිදු කරනු ලබන මෙහෙයුම්ය.ඒ අනුව සියලු සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂාව, සැකකටයුතු ස්ථාන පරීක්ෂාව, සැකකටයුතු වාහන පරීක්ෂාව, හිමිකරුවන් සොයාගත නොහැකි සැකකටයුතු දේපළ විනාශ කිරීම සිදු කළ හැකිය.පසුගියදා වැල්ලවත්තේදී හා කටානේදී සැකකටයුතු ලෙස නවතා ගිය යතුරු පැදි දෙකක් බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් පුපුරවා හරින ලද අතර කටුවපිටිය ප්‍රදේශයේදී සැකකටයුතු පාර්සලයක් පුපුරවා හරින ලද අතර එහි තිබූ විදුලි ආම්පන්න ගෙනා පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.ඒ හදිසි නීතිය යටතේය. එහි දී අදාළ තැනැත්තන් තම අනන්‍යතාව තහවුරු කරගැනීමට හැකි වන සේ යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් ඒ විනාශය සිදු වන්නේ නැත. දැන් පාඩුව අදාළ යතුරුපැදි හිමිකරුවන්ටය. එපමණක් නොව ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින්නටද සිදු විය හැකිය.ඒ මහජන ආරක්ෂක පනත යටතේ හා හදිසි නීතිය යටතේය.හදිසි නීතිය මහජන ආරක්ෂාව පිණිස බව ඒ අනුව අපට පෙනී යනු ඇත. හදිසි නීතිය යටතේ ප්‍රකාශ කරනු ලබන නිවේදන හා දැනුම් දෙන නියෝග පිළිපැදීමෙන් රටේම ආරක්ෂාව තහවුරු වන බව මේ අනුව අපට පෙනී යන අතර හදිසි නීතියේ වැදගත්කමද පෙනී යනු ඇත.සේයාරුව - අන්තර් ජාලයෙනි