ඒ දවස්වල දැනගෙන හිටියේ නෑනෙ මහමොලකරුවෙක් ඉන්නවා, උන්දැ චන්දෙට එන්න බලාගෙන කරපු දුෂ්ට වැඩක් මේක කියල. ඕක වෙලා මාස හය හතක් යනකොට තමයි මේකෙ නියම ගේම්කාරයෝ ගැන හෝඩුවා හම්බ වුනේ.
සුරේෂ් සලේ සොනික් සොනික් නමින් සහරාන් එක්ක සම්බන්ධකම් තිබුන කියල ගම්මන්පිල එක්කන් ආපු එකත් පිළිගත්තා
https://www.news19.lk/they-scolded-me-not-to-say-a-word-about-saleh-harin/
සුරේෂ් සලේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස එදා තමන්ට බලපෑම් එල්ල වුවද, එදා තමන් හෙළි කළ තොරතුරු අද වන විට සත්‍යයක් වී ඇතැයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, මෙම විමර්ශනය සාධාරණව සිදුවිය යුතු බවත් සලේ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වීමට ඔහුට අවස්ථාව ඇති බවයි.
පාස්කු ප්‍රහාරය පිටුපස තිබූ ‘සොනික් සොනික්’ යන කෝඩ් නාමය සහ හමුදා බුද්ධි අංශ සම්බන්ධය පිළිබඳව මුලින්ම හඬ නැගුවේ තමන් බව හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී සිහිපත් කළ අතර
“මම මේ දේවල් කිව්වේ පාර්ලිමේන්තුවේදී. ඒ නිසා මාව අත්අඩංගුවට ගන්න හැදුවා, මට මොනතරම් වද දුන්නද? ඒ කාලේ වෙච්ච දේවල් ගැන දවසක මම පොතක් ලියනවා,” යනුවෙන් එහිදී පැවසුවා.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් තමන් එදා සොයාගත් කරුණු කතෝලික සභාවේ ප්‍රධානීන්ට පැවසූ අවස්ථාවේදී තමන්ට එල්ල වූ බලපෑම් පිළිබඳව ද ඔහු මෙහිදී අනාවරණය කළා.
“මම කතෝලිකයෙක් විදිහට මේක කියන්න කැමති නැහැ. හැබැයි අපි එදා මේ කරුණු ගැන කිව්වාම අපිට කිව්වේ කටවහගෙන ඉන්න, සලේ ගැන වචනයක් කියන්න එපා කියලා. හැබැයි අද ඒ අයටත් සලේ වැරදිකාරයෙක් වෙලා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකල ගෝඨාභය රාජපක්ෂට බයේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කතා නොකළ බවට හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී චෝදනා කළා.