තුන්සියකට පමණ දිවි අහිමිවී ගිය පන්සියයක් පමණ සදාකාලික ආබාධියන් බවට පත්කළ පාස්කු ඉරිදා සමූහ ඝාතන ප්‍රහාර මාලාවට මේ වන විට අවුරුදු හතරක් ගත වී අවසන්ය.
එසේ ගත වූ දවස් 1460 පුරා විශේෂයෙන්ම කතෝලික ජනතාවගේ මනාපයෙන් දියවන්නාවේ සුව පහසු ජීවිත ගතකරන පහත සඳහන් ජුදාස්ලාගේ නිහැඬියාව ගැන ඔබට මවිතය නූපදී ද?
මේ දේශපාලුවන් කිසිදු හිරිකිතයක් නැතිව බහුතර කතෝලික ජනයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු වරදාන වරප්‍රසාද සහිත මැති ඇමති තනතුරු බුදින අතර නිදිමතෙන් අවදිවුවන් සේ එකෙක් දෙන්නෙක් පමණක් පාස්කු ප්‍රහාරය ගැන වචනයක් දෙකක් අමාරුවෙන් පිටකර යළි කාලයක් පුරා නිදා ගනිති. ඔවුන් ඉඳ හිට නින්දෙන් අවදි වුනා වාගේ කතා කරන්නේ තම ජරාජීර්ණ පැවත්ම තහවුරු කරගැනීමේ කපටි උවමනාවට පමණි.
මැතිවරණ සමයේදී පමනක් යුක්තිය ගැන මතක් වී විකාර දොඩවන මෙකී කතෝලික නාමධාරී ව්‍යාජ සළු පොරවාගත් දේශපාලුවන් පිරිස හෙවත් කතෝලිකයන් වී ජුදාස් මෙන් ජේසු තුමන් පාවා දෙමින් සිටින ජුදාස් ලා පිරිස දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය.
අඩු ගණනේ ගෝඨාබයගේ වුවමනාවට සරත් වීරසේකර නම් ඇම්බැට්ට ඊනියා මහජන ආරක්ෂක ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ අකර්මන්‍ය කළේ ඇයි කියා ප්‍රබල ලෙස ප්‍රශ්න කළේ නැත. එදා ඒ මහා අපරාධය විමර්ශනය කළ CID විමර්ශකයින් 400 ක් පමන ඔහුගේ නියෝග පරිදි දූෂ්කර පලාත්වලට මාරු කරද්දී මේ ජුදාස් ලා නිහඬව සිටියා පමණක් නොව අඩුම තරමින් එසේ කළේ ඇයි කියා ප්‍රශ්න කළේ හෝ නැත. කමල් ගුණරත්නලා සරත් වීරසේකරලා එක්ව ‘බොරැල්ල දේවස්ථානයේ බෝම්බ නාටක’ රඟදැක්වුයේ ඇයි කියා ප්‍රශ්න කළේ නැත. ඒවා ගැන පුළුල් පරීක්ෂණ ඉල්ලා පක්ෂ පාටවලින් තොරව එකාබද්ධව බලපෑමක්, සටනක් කළේ නැත.
දිගින් දිගටම එකී ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලවන බවට නිශ්චිතවම දැනගෙන සිංගප්පූරුවේ කල් මැරු හිටපු ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී දිගටම චේතිය පන්නයේ බොරු කීම සම්බන්ධව මේ එකෙක් කිසිදු දිනක සිරිසේනට අභියෝග කළේ නැත. "මම වරදක් කළා කියලා අට පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කොහෙවත් කියලා නෑ" කියා රට නොමග යවන, උසාවියට අපහාස වන බොරු කියද්දී ඊට එරෙහි ජනමතයක් හැදුවේ නැත. අවම වශයෙන් ඒ අවස්ථාවේ සභාවේ රැඳී සිටියා ද යන්න පවා සැක සහිත ය.
මේ ඉහත ඇතැම් තක්කඩි නියෝජිතයන් ජනාධිපති කොමිෂම ක්‍රියාත්මක වූ කාලය තුල එකී කොමිෂමේ වාර්ථාකරනයේ යෙදුණු සහ කොමිෂම හමුවේ පෙනී සිටි ඇතැම් ආරක්ෂක ප්‍රධානීන්ට ද තිබු බරපතල සැක සංකා මතුවු කරුණු පිලිබඳව අවම වශයෙන් පාර්ලිමේන්තුවේ දී හෝ ප්‍රශ්න කරන ලෙස එවැනි පිරිස් එදා ඉල්ලා සිටි නමුත් කසාය බිව් ගොළුවන් සේ එදා උන් නිහඬ වූහ. ඒවා හදවත් නැති මුන්ගේ හෘද සාක්ෂියේ ද සටහන්ව නැත.
වීරයකු මෙන් පාස්කු ප්‍රහාරය ගැන කතා කළ ඔහු පසුව කළේ කුමක්ද? ඔහු කළේ බදුල්ලේ ජනයාට මෙන්ම සමගි ජන බලවේගයට ද කොකා පෙන්වා, රටින් ‘පලා ගිය විරුවා’ගේ අනුප්‍රාප්තිකයා අතින් හිරිකිතයක් නැතිව ඇමති කටුව ඩැහැ ගැනීමයි. වත්තල මීගමුව ගම්පහ කතෝලික ඡන්ද සඳහා කෙල හළමින් අනාගත පටු අපේක්ෂාවෙන් සඳහා පමනක් ඒ සංවේදී මාතෘකාව මසවුලක් කර ගැනීම පමණි. ඒ අතින් බලන කල මෙවැනි අමනයන් අපට අවම වශයෙන් මනුෂ්‍යයන් ලෙස හෝ සැලකිය හැකිද?
මේ ප්‍රහාරයට අදාලව බරපතල සැක සහිත චරිතයක් වන සුරේශ් සලේ එදා හරීන්ලා සහ මනුෂලා විසින් නම් කරන ලද්දේ ‘මහා මොළකාරයා’ ලෙසයි. එසේ කළ හරීන් සහ මනූෂලා ඇමතිකම් දරන රනිල්ගේ ආණ්ඩුවේ රාජ්‍ය බුද්ධි අංශය බාර ප්‍රධානියා ලෙස සලේ දිගටම කටයුතු කරන්නේ ඇයිදැයි ඔවුන් ජනතාවට කිවයුතු නොවේද? දැන් සිය විශ්‍රාමයට කිට්ටුව සිටින සලේට සේවා දිගුවක් අනුමත කර ඔවුන්ට තව දුරටත් මේ තනතුරු දැරිය හැකිද? නැති නම් සලේ මැලේසියාවේ තානාපති කාර්යාලයට යවන්නට ඉඩ දී බලා සිටිනවා ද? හරීන් සහ මනුෂ දැන් කරන්නේ මහ මොළකාරයන් ආරක්ෂා කිරීම නොවේද?
ලැජ්ජාවක් හිරිකිතයක් ගෑවිලාවත් නැති හරීන්ගෙන් මාධ්‍ය ඒ පිලිබදව විමසූවිට ඔහු පිළිතුරු දුන්නේ “මාර වැඩක්නේ යකෝ පාස්කු ප්‍රහාරය ගැන අපි විතරද දිගටම කතා කරන්න ඕනේ, වෙන කවුරුවත් නැද්ද?” කියලා ය. නියම අවස්ථාවාදී බලලෝබී තක්කඩියෙක් හඳුනාගැනීමට ඒ වචන ටික පමනක් වුවත් සෑහේ.
අනෙක් තක්කඩින් දෙදෙනා ජොන්ටා සහ ‘සාන්ත දාන්ත’ කූඩු ලන්සාය. ජොන්ටා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුර දරන කාලය පුරා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ප්‍රශ්න මතු වූ සෑම විටම යකා නටමින් එම හඬ යටපත් කිරීමට හිත් පිත් නැතිව ක්‍රියා කළේය. සාන්ත දාන්ත කූඩු ලන්සා ඊට දෙවැනි නොවේ. තවමත් පාර්ලිමේන්තුව තුළ පාස්කු ප්‍රහාරයේ හඬ මර්දනය කිරීමේ “කසය” ඔහු ය. පාර්ලිමේන්තුවේ එම වීඩියෝ පට යලි යලිත් නරඹන ලෙස අපි විශේෂයෙන් ම කතෝලික ජනතාවට ආරාධනා කරමු.
මෙහි නම් සඳහන් කළ අනෙක් ඊනියා කතෝලික ජනතා නියෝජිතයෝ ‘පතෝලයෝ’ ය. අයුක්තියට සහ අසාධාරණයටත් අසත්‍යයටත් එරහිව සටන් කළ හැකි හෘද සාක්ෂියක්, ශක්තිමත් කොන්දක්, නිරවුල් මනසක් සහ හදවතක්, ප්‍රබල එඩිතර හඬක් නොමැති කතෝලික නියෝජිතයන් ගෙන් මොන පලක්ද ?
දුප්පතුන්, පීඩිතයන්, අයුක්තියට ලක්වූවන්, සමාජයේ කොන්කරන ලද්දවුන්, වැනි අසරණ වූ ජනතාව තුළ තමන් වහන්සේ ජීවත් වන බව ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. මේ අනුව බල ව්‍යාපෘතියක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව ගැන නිහඬව සිට එය සදහටම ජනාධිපති අගමැති මන්දිර වල කාපට් යට වල දමන්නට වක්‍රව සහය දෙන මොවුන්, එම ප්‍රහාරයෙන් මරණයට පවත් වූ සහ වින්දිතයන් බවට පත්ව දුක් විඳින ජේසුන් වහන්සේ නූතන ජුදයින්, නූතන හෙරෝද්ලා පිලාත්ලා සහ නායක පූජකයින් අතට පාවා දෙන ජුදාස් ලා නොවේ නම් වෙන කවුද? ඔවුන්ට සාතන් වැන්නෝ නොවේ යයි කියන්නට පුළුවන් ද?
එක්කෝ මේ ජුදාස්ලා දැන් වත් එළැඹි සිහියට පැමිණ සැබෑ කිතුවන් ලෙස ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් මේ සත්‍යයේ සහ යුක්තියේ සටනේ ක්‍රියාකාරී සාමාජිකයන් විය යුතුය.
නැති නම්, ජුදාස් මෙන් එල්ලෙන්නට වැලක් ඔවුන් එකිනෙකාට ලබා දිය යුතුය.
එසේ ගත වූ දවස් 1460 පුරා විශේෂයෙන්ම කතෝලික ජනතාවගේ මනාපයෙන් දියවන්නාවේ සුව පහසු ජීවිත ගතකරන පහත සඳහන් ජුදාස්ලාගේ නිහැඬියාව ගැන ඔබට මවිතය නූපදී ද?
නූතන ජුදාස් ලා..
සාතන් ගේ හස්තයට හසු වී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ යළිත් පාවා දෙමින් සිටින ඒ ජුදාස් ලා අතරට හරීන් ප්‍රනාන්දු, කාවින්ද ජයවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිරෝෂන් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, අරුන්දික ප්‍රනාන්දු, කූඩු ලන්සා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, යන පක්ෂ විපක්ෂ දේශපාලන තක්කඩි අයත්වෙති.මේ දේශපාලුවන් කිසිදු හිරිකිතයක් නැතිව බහුතර කතෝලික ජනයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු වරදාන වරප්‍රසාද සහිත මැති ඇමති තනතුරු බුදින අතර නිදිමතෙන් අවදිවුවන් සේ එකෙක් දෙන්නෙක් පමණක් පාස්කු ප්‍රහාරය ගැන වචනයක් දෙකක් අමාරුවෙන් පිටකර යළි කාලයක් පුරා නිදා ගනිති. ඔවුන් ඉඳ හිට නින්දෙන් අවදි වුනා වාගේ කතා කරන්නේ තම ජරාජීර්ණ පැවත්ම තහවුරු කරගැනීමේ කපටි උවමනාවට පමණි.
මැතිවරණ සමයේදී පමනක් යුක්තිය ගැන මතක් වී විකාර දොඩවන මෙකී කතෝලික නාමධාරී ව්‍යාජ සළු පොරවාගත් දේශපාලුවන් පිරිස හෙවත් කතෝලිකයන් වී ජුදාස් මෙන් ජේසු තුමන් පාවා දෙමින් සිටින ජුදාස් ලා පිරිස දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය.
නූතන ජුදාස් ලා මොකද කෙළේ.?
සිව්වසරක් ගත වී හෝ තමන් නියෝජනය කරන කතෝලික ආගම අදහන නිරායුධ සුළුජන ආගමික කොටසක් ඉල්ලක්ක කරගෙන ගෝඨාභය රාජපක්ෂ නම් බිහිසුනු නූගතයෙකුට රාජ්‍ය බලය ඩැහැ ගැනීමට එවකට ආන්ඩුවේ වියදමින් නඩත්තු කරවූ සහරාන්ලා ලවා එල්ල කරවන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට වග කිව යුතු සාහසිකයන්ට එරෙහිව යුක්තිය ඉටුකරවීමට අදාලව දැනෙන තරමේ බලපෑමක් ඒකාබද්ධව කිරීමට මේ නූතන ජුදාස් ලා කටයුතු කළේ නැත.අඩු ගණනේ ගෝඨාබයගේ වුවමනාවට සරත් වීරසේකර නම් ඇම්බැට්ට ඊනියා මහජන ආරක්ෂක ඇමති පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ අකර්මන්‍ය කළේ ඇයි කියා ප්‍රබල ලෙස ප්‍රශ්න කළේ නැත. එදා ඒ මහා අපරාධය විමර්ශනය කළ CID විමර්ශකයින් 400 ක් පමන ඔහුගේ නියෝග පරිදි දූෂ්කර පලාත්වලට මාරු කරද්දී මේ ජුදාස් ලා නිහඬව සිටියා පමණක් නොව අඩුම තරමින් එසේ කළේ ඇයි කියා ප්‍රශ්න කළේ හෝ නැත. කමල් ගුණරත්නලා සරත් වීරසේකරලා එක්ව ‘බොරැල්ල දේවස්ථානයේ බෝම්බ නාටක’ රඟදැක්වුයේ ඇයි කියා ප්‍රශ්න කළේ නැත. ඒවා ගැන පුළුල් පරීක්ෂණ ඉල්ලා පක්ෂ පාටවලින් තොරව එකාබද්ධව බලපෑමක්, සටනක් කළේ නැත.
දිගින් දිගටම එකී ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලවන බවට නිශ්චිතවම දැනගෙන සිංගප්පූරුවේ කල් මැරු හිටපු ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී දිගටම චේතිය පන්නයේ බොරු කීම සම්බන්ධව මේ එකෙක් කිසිදු දිනක සිරිසේනට අභියෝග කළේ නැත. "මම වරදක් කළා කියලා අට පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කොහෙවත් කියලා නෑ" කියා රට නොමග යවන, උසාවියට අපහාස වන බොරු කියද්දී ඊට එරෙහි ජනමතයක් හැදුවේ නැත. අවම වශයෙන් ඒ අවස්ථාවේ සභාවේ රැඳී සිටියා ද යන්න පවා සැක සහිත ය.
ජනාධිපති කොමිෂන් සභා වාර්ථාව කියැව්වා ද?
ඉහත සඳහන් ‘ගරු මහජන නියෝජිතයන්’ යන නාමධාරී ජුදාස් ලා මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන පාස්කු ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ එක පිටුවක් හෝ පෙරලා නැත. ඒ සම්බන්ධව බරපතල ගැටළු තැනක් ගැන ගෙවීගිය සිව්වසර තුල එකදු ප්‍රශ්නයක් හෝ අසා නැත .මේ ඉහත ඇතැම් තක්කඩි නියෝජිතයන් ජනාධිපති කොමිෂම ක්‍රියාත්මක වූ කාලය තුල එකී කොමිෂමේ වාර්ථාකරනයේ යෙදුණු සහ කොමිෂම හමුවේ පෙනී සිටි ඇතැම් ආරක්ෂක ප්‍රධානීන්ට ද තිබු බරපතල සැක සංකා මතුවු කරුණු පිලිබඳව අවම වශයෙන් පාර්ලිමේන්තුවේ දී හෝ ප්‍රශ්න කරන ලෙස එවැනි පිරිස් එදා ඉල්ලා සිටි නමුත් කසාය බිව් ගොළුවන් සේ එදා උන් නිහඬ වූහ. ඒවා හදවත් නැති මුන්ගේ හෘද සාක්ෂියේ ද සටහන්ව නැත.
හරීන් ප්‍රනාන්දු නම් දේශපාලන මජර තක්කඩියා
ඇමති වරප්‍රසාදය ඩැහැගැනීමට පෙර හරීන් ප්‍රනාන්දු නම් දේශපාලන මජර තක්කඩියා රඟපෑ හැටි ඔබට අමතකද?වීරයකු මෙන් පාස්කු ප්‍රහාරය ගැන කතා කළ ඔහු පසුව කළේ කුමක්ද? ඔහු කළේ බදුල්ලේ ජනයාට මෙන්ම සමගි ජන බලවේගයට ද කොකා පෙන්වා, රටින් ‘පලා ගිය විරුවා’ගේ අනුප්‍රාප්තිකයා අතින් හිරිකිතයක් නැතිව ඇමති කටුව ඩැහැ ගැනීමයි. වත්තල මීගමුව ගම්පහ කතෝලික ඡන්ද සඳහා කෙල හළමින් අනාගත පටු අපේක්ෂාවෙන් සඳහා පමනක් ඒ සංවේදී මාතෘකාව මසවුලක් කර ගැනීම පමණි. ඒ අතින් බලන කල මෙවැනි අමනයන් අපට අවම වශයෙන් මනුෂ්‍යයන් ලෙස හෝ සැලකිය හැකිද?
අද මහා මොළකරුවන් ආරක්ෂා කරනවා නේද?
හරීන් නම් ඇමති තක්කඩියා වත්මන් ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් ලෙස තම කැබිනට් බලතල උපයෝගීකරගනිමින් හෝ පාස්කු ප්‍රහාරය අධම ලෙස වසංකළ මිනීමරු DIG නිලන්ත ජයවර්ධනලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලපෑමක් කළේ නැත.මේ ප්‍රහාරයට අදාලව බරපතල සැක සහිත චරිතයක් වන සුරේශ් සලේ එදා හරීන්ලා සහ මනුෂලා විසින් නම් කරන ලද්දේ ‘මහා මොළකාරයා’ ලෙසයි. එසේ කළ හරීන් සහ මනූෂලා ඇමතිකම් දරන රනිල්ගේ ආණ්ඩුවේ රාජ්‍ය බුද්ධි අංශය බාර ප්‍රධානියා ලෙස සලේ දිගටම කටයුතු කරන්නේ ඇයිදැයි ඔවුන් ජනතාවට කිවයුතු නොවේද? දැන් සිය විශ්‍රාමයට කිට්ටුව සිටින සලේට සේවා දිගුවක් අනුමත කර ඔවුන්ට තව දුරටත් මේ තනතුරු දැරිය හැකිද? නැති නම් සලේ මැලේසියාවේ තානාපති කාර්යාලයට යවන්නට ඉඩ දී බලා සිටිනවා ද? හරීන් සහ මනුෂ දැන් කරන්නේ මහ මොළකාරයන් ආරක්ෂා කිරීම නොවේද?
ලැජ්ජාවක් හිරිකිතයක් ගෑවිලාවත් නැති හරීන්ගෙන් මාධ්‍ය ඒ පිලිබදව විමසූවිට ඔහු පිළිතුරු දුන්නේ “මාර වැඩක්නේ යකෝ පාස්කු ප්‍රහාරය ගැන අපි විතරද දිගටම කතා කරන්න ඕනේ, වෙන කවුරුවත් නැද්ද?” කියලා ය. නියම අවස්ථාවාදී බලලෝබී තක්කඩියෙක් හඳුනාගැනීමට ඒ වචන ටික පමනක් වුවත් සෑහේ.
අනෙක් තක්කඩින් දෙදෙනා ජොන්ටා සහ ‘සාන්ත දාන්ත’ කූඩු ලන්සාය. ජොන්ටා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුර දරන කාලය පුරා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ප්‍රශ්න මතු වූ සෑම විටම යකා නටමින් එම හඬ යටපත් කිරීමට හිත් පිත් නැතිව ක්‍රියා කළේය. සාන්ත දාන්ත කූඩු ලන්සා ඊට දෙවැනි නොවේ. තවමත් පාර්ලිමේන්තුව තුළ පාස්කු ප්‍රහාරයේ හඬ මර්දනය කිරීමේ “කසය” ඔහු ය. පාර්ලිමේන්තුවේ එම වීඩියෝ පට යලි යලිත් නරඹන ලෙස අපි විශේෂයෙන් ම කතෝලික ජනතාවට ආරාධනා කරමු.
මෙහි නම් සඳහන් කළ අනෙක් ඊනියා කතෝලික ජනතා නියෝජිතයෝ ‘පතෝලයෝ’ ය. අයුක්තියට සහ අසාධාරණයටත් අසත්‍යයටත් එරහිව සටන් කළ හැකි හෘද සාක්ෂියක්, ශක්තිමත් කොන්දක්, නිරවුල් මනසක් සහ හදවතක්, ප්‍රබල එඩිතර හඬක් නොමැති කතෝලික නියෝජිතයන් ගෙන් මොන පලක්ද ?
ජුදාස් ලා නොවේ නම් වෙන කවුද?
“ලුණු වල ලුණු රස නැති වූ විට ඒවා හොඳ, පයින් පාගා දමන්නට පමණක්” බව ක්‍රිස්තුන් වහන්සේ නොවදාළ සේක් ද? එහෙම නම් මොවුන්ට කළ යුත්තේ කුමක්ද?දුප්පතුන්, පීඩිතයන්, අයුක්තියට ලක්වූවන්, සමාජයේ කොන්කරන ලද්දවුන්, වැනි අසරණ වූ ජනතාව තුළ තමන් වහන්සේ ජීවත් වන බව ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. මේ අනුව බල ව්‍යාපෘතියක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව ගැන නිහඬව සිට එය සදහටම ජනාධිපති අගමැති මන්දිර වල කාපට් යට වල දමන්නට වක්‍රව සහය දෙන මොවුන්, එම ප්‍රහාරයෙන් මරණයට පවත් වූ සහ වින්දිතයන් බවට පත්ව දුක් විඳින ජේසුන් වහන්සේ නූතන ජුදයින්, නූතන හෙරෝද්ලා පිලාත්ලා සහ නායක පූජකයින් අතට පාවා දෙන ජුදාස් ලා නොවේ නම් වෙන කවුද? ඔවුන්ට සාතන් වැන්නෝ නොවේ යයි කියන්නට පුළුවන් ද?
එල්ලෙන්නට වැලක් දිය යුතුය...
මේ නිසා මේ ජුදාස් ලා රැල කතෝලික ලේබලය අලවාගෙන මැතිවරණ සමයේ කතෝලික දේවස්ථාන වෙත බඩගාමීන් කතෝලික ජන පදනම සහිත බල ප්‍රදේශවල ශාන්තුවරයන්ගේ නියෝජිතයන් ලෙස රඟපෑ අවසන් ජවනිකා බවට පත්කිරීමට කතෝලික ජනයා දැන්වත් සංවිධානය විය යුතුය.එක්කෝ මේ ජුදාස්ලා දැන් වත් එළැඹි සිහියට පැමිණ සැබෑ කිතුවන් ලෙස ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් මේ සත්‍යයේ සහ යුක්තියේ සටනේ ක්‍රියාකාරී සාමාජිකයන් විය යුතුය.
නැති නම්, ජුදාස් මෙන් එල්ලෙන්නට වැලක් ඔවුන් එකිනෙකාට ලබා දිය යුතුය.