පාස්කු ප‍්‍රහාරය පසුපස කුමන්ත‍්‍රණයක්....- විශ‍්‍රාම යන නීතිපති

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    පාස්කු ප‍්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත‍්‍රණයක්.. නවුෆර් මවුලවි මහ මොලකරු කියන්න බෑ..- විශ‍්‍රාම යන නීතිපති ආන්දෝලනාත්මක හෙලිදරවුවක…

    May 17, 2021 at 10:26 pm | lanka C news
    පාස්කු ප‍්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත‍්‍රණයක්.. නවුෆර් මවුලවි මහ මොලකරු කියන්න බෑ..- විශ‍්‍රාම යන නීතිපති ආන්දෝලනාත්මක හෙලිදරවුවක…

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවය.

    මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.

    කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී කියා සිටියේය.

    මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බව ද නීතිපතිවරයා පැවසුවේය.

    දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක් විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවය.

    – newsfirst
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් අන්වර් මවුලවි අල්ලල බාර දුන්නෙත් සවුදියෙ ඉද්දි, එහෙදි අනිවාර්යෙන් විදේශ සම්බන්ධතා තියන් ඉන්ඩ ඇති..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    මෙහෙමයි ඉතින් සී ලාන්කික බ්‍රිතාන්‍ය‍ය, ඕස්ට්‍රේලියන්, ඇමරිකන් සිටිසන් තියෙන උනුත් විදේශ තමා ලොජික් වලට අනුව.

    මේක හොයන්න ඕනි කවුද දැන් නීතිපතිටත් බැරි නන්.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    memath aparada........ munta hena wadinneth nene..... salli walata onema para wedak karanwa... thattu maru karameta hora kanawa....