පාස්කු_ප්‍රහාරය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පාස්කු_ප්‍රහාරය



    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මින් පෙර මාවනැල්ල සිදුවීමේදි අත්අඩංගුවට ගෙන පසුව දේශපාලන බලපෑම් නිසා නිදහස් කළ පුද්ගලයෙකි. ඔහු නිදහස් කිරීමට බලපෑම් කර ඇත්තේ ජනපති මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ය.

    දෙමටගොඩ ප්‍රහාරය එල්ල කිරීමට පහසුකම් සැපයූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් මැද කොළඹ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකි. 2015 මහින්ද රාජපක්ෂ රජය පරාජය කිරීමට දැඩි ලෙස කැපවූ අයෙකි.

    ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඉතා සමීපව දේශපාලනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ ස්ථානයක් පවා ලබා දීමට මොහොමඩ් ඊබ්‍රහීම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙක් විය. ජවිපෙට සෑම මැතිවරණ ව්‍යාපාරයකටම කෝටි ගණනක මුදල් ආධාර ඊබ්‍රහීම්ගෙන් හිමිව තිබේ. ඒ සදහා ජවිපෙ කෘතගුණ දක්වා ඇත්තේ ඊබ්‍රහීම්ලාගේ අන්තවාදය සගවා සිංහලයන්ට චෝදනා කරමිනි.

    ඊබ්‍රහීම් හොදම ව්‍යාපාරිකයෙකු ලෙස වර්තමාන රජයෙන් සම්මාන පවා දිනා ගත්තෙකි. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, සුජීව සේනසිංහ හා අමාත්‍ය රිෂාද් බදියුදීන් ඊබ්‍රහීම්ගේ සමීපතම මිතුරන් ය.

    මේ වනවිටත් කොළඹ නගරය පුරාවටම පුපුරණ ද්‍රව්‍ය සොයා ගනිමින් තිබේ. මේ සියල්ල තවුහීද් ජමාද් සංවිධානය නිදහසේ කොළඹට ගෙනැවිත් ස්ථානගත කළ ඒවාය. කොළඹ ත්‍රස්ත ක්‍රියා සදහා දේශපාලන අනුග්‍රහය හිමි වූයේ මුජිබර් රහුමාන්ගෙනි.

    තවුහීද් ජමාද් මූලස්ථානය පැවතියේ කාත්තන්කුඩු ප්‍රදේශයේය. ඒ සදහා ආරක්ෂාව සහ අනුග්‍රහය හිමි වූයේ ජනපති මෛත්‍රීගේ පක්ෂය හා අගමැති රනිල්ගේ පක්ෂය නියෝජනය කරනා බදියුදීන් සහ හිස්බුල්ලාගෙනි.

    අයිසීස් ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලාංකික ශාඛාව වන තවුහීද් ජමාද් සංවිධානයට දේශපාලන ආරක්ෂාව ලබා දුන්නේ රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා, අබ්දුල් කාසීම් සහ මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.

    අනෙක් පසට අග්‍රාමාත්‍ය රනිල් සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දුර්වල කරමින්, සහජීවනයේ නාමයෙන් මෙම ත්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට පරිසරය සැකසුවේය. ඔවුන් නිරතුරුව සිංහල ජනතාව දෙස සැකයෙන් බලමින් ඔවුන් පීඩනයට ලක් කළ අතර සැබෑ අන්තවාදයට ප්‍රබල ආරක්ෂාවක් ලබා දී එය සහජීවනය යැයි කීවේය.

    මේ වනවිට අත්අඩංගුවේ පසුවන ත්‍රස්තවාදීන් පවා දේශපාලන බලපෑම් හමුවේ නිදහස් වූවද පුදුම විය යුතු නැත. වත්මන් රජය එතරම් ත්‍රස්ත හිතවාදී ආණ්ඩුවකි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් මොකෝ බ්‍රෝ පාස්කුවේ තත්වේ.. ස' ට කල් මදිද මොළකාරයා අල්ලන්න. නැත්තං මොළ කාරයා ජනාදිපති උන නිසා අල්ලගන්න අමාරුයි ද
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් උඹටම මතක නෑ උඹත් ඡන්දෙ දුන්නෙ ගෝඨාභයට කියලා නේ? අනේ යකෝ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් මොකෝ බ්‍රෝ පාස්කුවේ තත්වේ.. ස' ට කල් මදිද මොළකාරයා අල්ලන්න. නැත්තං මොළ කාරයා ජනාදිපති උන නිසා අල්ලගන්න අමාරුයි ද

    :nerd:
     

    Similar threads