පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( One Day Service )

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    කට හරි වැදගත් වෙයි කියල හිතල දාන්නෙ.... පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( අලුතෙන් ගන්නවනම් එක දවසෙන් එත් මේ විදියම තමයි. පරන පාස්පොර්ට් එක ඔන කිය්න එක අයින් කරල කියවන්න )

    උවමනා කරන දෙවල් ටික
    1. ඇපොයිමන්ට් එක දාපු රිසිප්ට් එකේ කොපියක් ( ප්‍රින්ට් අවුට් එකක්)
    2. ස්ටුඩියෝ එකෙන් දෙන රිසිප්ට් එක ( පාස්පොර්ට් ඔෆිස් එකට දෙන්න කියල දෙන කොලේ)
    3. පරන පාස්පොර්ට් එක සහ පොටො කොපියක් ( පිටු අංක 02 හා 03 - තමන්ගේ විස්තර තියන පිටුව )
    4. ඔර්ජිනල් උප්පැන්න සහතිකය සහ පොටො කොපියක්
    5. ජතික හැදුනුම් පත සහ පොටො කොපියක් (මේව කවුරුවත් සහතික කරන්න ඔනා නෑ)
    6. රැකියාව දාගන්න ඔන නම් ඔෆිස් එකේන් තමන්ගෙ තනතුර සහතික කල ලිපියක් සහ පොටො කොපියක්


    01. මුලින්ම කරන්න ඔනා අපොයිමන්ට් එකක් දාගන්න එක. ලින්ක් එක මෙතනින්.
    Appointment Link
    (අපොයිමන්ට් එකක් දානකොට පොටෝ එකේ රෙෆර්න්ස් එක නැත්නම් ඒක ෆිල් කරන්නෙ නැතුව අපොයිමන්ට් දාන්න.)
    02. ස්ටුඩියෝ එකකකට ගිහින් පාස්පොර්ට් එකට පොටො එක ගන්න. එයලා පොටො එක අප්ලොඩ් කරල රිසිප්ට් එකක් දෙයි
    03. අවශය්ය කරන ලියකියවිලි ලැස්ති කරගත්තට පස්සේ ඇපොයිමන්ට් එක දපු වෙලවට පොඩ්ඩක් කලින් එත්නට යන්න.
    (අපි ඇපොයිමනට් එක දගත්ත වේලාව උදේ 08.00 - 08.15 කියල හිතමු. එතකොට උදේ 07.45 වගේ වෙද්දි ගියම ඇති.)
    පාස්පොර්ට් ඇප්ලිකේශන් එක මෙතනින් ගන්න
    Application Link
    පස්පොර්ට් ඔෆිස් එකට ගියට පස්සේ.

    04. ඔන්ලියින් අප්පොයිමන්ට් දපු අය යන්න ඕනා ගේට්ටු අංක 03 න් ඇතුලට.
    ( මේන් ගේට් එක පහු කරගෙන ඉස්සරහට යන්න. ගිහින් දකුනට හැරෙන්න. පුද්ගලයින් ලියාපදින්චි කිරිමේ දෙපාර්තුමේන්තුව පැත්තේ තමා 03 ගේට්ටුව තියෙන්නේ )
    අපොයිමන්ට් එක දාපු කොලේ පෙන්නල අතුලට යන්න. ගිහින් වමට හැරුනම තියනවා පාස්පොර්ට් ඉශු කරන බිල්ඩින් එක
    එතන සමහර වෙලවට පොලිම් තිබ්බොත්. ඔයගේ ඇපොයිමන්ට් වෙලව 08.00-08.15 නම් පොලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට ගිහින් සිකියුරිටි කෙනෙක්ට කොලේ පෙන්නල ඇතුලට යන්න. ( ඔතන පොලිමේ සමහර වෙලවට 10.00-10.15 ඇපොයිමන්ට් දාපු කට්ටියත් ඇවිත් හිටගෙන ඉන්නවා)
    05. ඇතුලට ගියට පස්සේ ඇපොයිමන්ට් එක දාපු කොලේ සහ ස්ටුඩියෝ එකෙන් දීපු කොලේ කවුන්ටර් එකට දෙන්න. එතනින් එක චෙක් කරල නොම්බරයක් දාල දෙයි.
    1. ඔයා ඇපොයිමන්ට් එක දලා වන්ඩේ පාස්පොර්ට් එක ගන්නවනම් 02 තට්ටුවට යන්න ඔනා
    2. ඔයා ඇපොයිමන්ට් එක දලා ලියකියවිලි විතරක් බාර දෙනවනම් 01 තට්ටුවට යන්න ඔනා

    06. දෙවෙනි හරි පලවෙනි හරි තට්ටුවට ගියාම. තියන කවුන්ටර් එකට පාස්පොර්ට් ඇප්ලිකෙශන් එකයි, මුලින් කවුන්ටර් එකෙන් ලියල දුන්න කොලෙයි දෙන්න.
    එතනින් තමා ඔයාට ටෝකන් නම්බර් එක හම්බෙන්නේ.

    07. දැන් ඇතුලට ගිහින් අයෙ පොඩි පොලිමක ඉදල එතන තියන කවුන්ටර් එකට ඔයගෙ ඔක්කොම අදාල ලියකියවිලි දෙන්න. එ කවුන්ටර් එකේ ඉන්න කෙනා එ ටික බලල වැරදි තියනවනම් හදගෙන එන්න කියවි. නැත්නම් ලියකියවිලි ටික එකට ස්ටෙප්‍රර් කරල අපහු දෙයි.

    08. ඉට පස්සේ ටෝකන් එකේ තියන අන්ක විදිහට ඇතුලට යවයි. ඇතුලට ගියම තියන කවුන්ටර් එකට ලියකියවිලි බාර දෙන්න. (මෙතනදි ඔයගේ පරන පස්පොර්ට් එකයි, හැදුනුම්පතයි අපහු දෙනව. ලියකියවිලි විතරයි බාරගන්නේ )

    09. ඉට පස්සේ එතනින් එහා තියනව ඇගිලි සලකුනු ස්කැන් කරන තැන. එතනට ගිහින් ඒ ටිකත් කරන්න. ( එ කවුන්ටර් එකට ටොකන් එක මුලින් පෙන්වන්න )

    10. එක ඉවර උනම. සල්ලි ගෙවන්න තියෙන්න. කැශියර් එක ලගට ගිහින් අදාල මුදල ගෙවල රිසිප්ට් එක ගන්න.

    දැන් වැඩ ටික ඉවරයි. ඔය ඔක්කොම කරගන්න යන්නේ පැය 1-2 අතර කාලයක්

    ව්න් ඩේ සර්විස් පාස්පොර්ට් ගන්නවනම් , ප්‍රින්ට් කරපු පාස්පොර්ට් දෙන්න පටන් ගන්නේ හවස 02.00න් පස්සෙ. එක හින්ද. එලියට ගිහින් 2න් පස්සේ එන්න. ( කැශියර් එකෙන් දීපු කොලෙ පෙන්නල එලියට ගිහින් ඇතුලට එන්න පුලුවන් ගේට් අංක 03න් )
    මෙතන පස්පොර්ට් එක දෙන්න නම කතා කරල. සහ මෙතන තම අවුල්ම තැන. සෙනග වැඩියෙන්ම පිලිවෙලක් නැතුව බලන් ඉන්නේ මෙතන.

    කැශියර් එකෙන් දීපු කොලෙ තියනව. මොන කවුන්ටර් එකටද ඔයගේ පාස්පොර්ට් එක ප්‍රින්ට් වෙලා එන්නේ කියල. එතනට යන්න 2න් පස්සෙ. උදෙම බාරදීපු එවා තමා මුලින්ම දෙන්නෙ. තව ඒ කැශියර් එකෙන් දීපු කොලෙ තියනව ඔයාට හම්බෙන්න යන පස්පොර්ට් අංකය. බැරි වෙලවත් ඔයාට හිතෙනවනම්, ඔයා නැති වෙලවෙ නම කියල ඇති කියල. කෙලින්ම අදාල කවුන්ටර් එකට ගිහින් නම හරි හම්බෙන්න යන පස්පොර්ට් අංකය හරි කියල අහන්න. ඇවිල්ල තිබ්බොත් දෙයි.


    ජය වේවා..
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මචං පාස්පෝට් එක එක්ස්පයාර් වෙන්න අවුරුද්දකට වගේ කලින් පාස්පෝට් රිනිව් කරගන්න බැරිද ?​

     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    2pm walin passe passport collect karaganna yanna oni passport eka ayithi ekkenamada? Receipt ekath ekka wena kenek giyoth berida?
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    මචං පාස්පෝට් එක එක්ස්පයාර් වෙන්න අවුරුද්දකට වගේ කලින් පාස්පෝට් රිනිව් කරගන්න බැරිද ?​

    පුලුවන්

    renew keeyak giyada.?
    15000 යි වන් ඩේ සර්විස්. මේ ගාන ලගදි වැඩිවෙයි කියල කතාවක් යනවා
    ------ Post added on Jul 3, 2022 at 8:14 AM

    2pm walin passe passport collect karaganna yanna oni passport eka ayithi ekkenamada? Receipt ekath ekka wena kenek giyoth berida?
    සල්ලි ගෙවපු රිසිප්ට් එක අරන් ගිහින් කියල ගන්න පුලුවන්.
    ------ Post added on Jul 3, 2022 at 8:15 AM
     
    • Like
    Reactions: CoolMan88

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට නම් දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔෆිස් එක ගාවට යන්නෙ කොහොමද කියන එක.

    පෙට්‍රල් නෑ. ළඟට වත් හයර් එකක් යන්න කැබ් නෑ ත්‍රී වීලර් නෑ. අමාරුවෙන් කට්ට කාලා දාගත්තු ඇපොයිමන්ට් එකටත් කෙළවෙයි වගේ.
     
    • Like
    Reactions: TCB Rox

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මට නම් දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔෆිස් එක ගාවට යන්නෙ කොහොමද කියන එක.

    පෙට්‍රල් නෑ. ළඟට වත් හයර් එකක් යන්න කැබ් නෑ ත්‍රී වීලර් නෑ. අමාරුවෙන් කට්ට කාලා දාගත්තු ඇපොයිමන්ට් එකටත් කෙළවෙයි වගේ.
    බස් නම් වැඩ කරනවා. 17 පානදුර - නුවර
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නොදකින් පාස්පෝට් එක renew කරන්නත් passport එක පලවෙනි සැරේ ගන්න ඉල්ලපු documents + පරන පාස්පෝට් එකත් ඕනි. මොන මගුලටද birth certificate, ID original and copy ආපහු ඉල්ලන්නෙ?
     
    • Like
    Reactions: Ozone4

    samitharandhika

    Active member
  • May 15, 2010
    319
    164
    43
    dan ethakota family ekatama පාස්පොර්ට් eka ganna oni unama.. wena wenama reservation 4k karanna oni da ?
    babalata gannakotath same a ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks, machan
    මචන් ඉස්සර නම් එතනින් නේ අප්ප්ලිකේෂන් එක දෙන්නේ. දැන් මේ ඔන්ලයින් එක ප්‍රින්ට් කරලා ෆිල් කරන යන්න ඕනෙද?
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    Thanks, machan
    මචන් ඉස්සර නම් එතනින් නේ අප්ප්ලිකේෂන් එක දෙන්නේ. දැන් මේ ඔන්ලයින් එක ප්‍රින්ට් කරලා ෆිල් කරන යන්න ඕනෙද?
    එතනින් ඇප්ලිකේශන් දෙනවද කියන එක නම් දන්නේ නෑ..ආව හැමොම පුරවපු ඇප්ලිකෙශන් එකක් අතේ තියගෙන තමයි හිටියේ.
     
    • Like
    Reactions: HAneo