පාස්පෝට් ගැටළුව යලිත්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.


    ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ගලා ඒමට නියමිත බවත් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් තොරතුරු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


    රට රැකියාවලට යෑමට බලාපොරොත්තුවන්නන් හේතුවෙන් ඉදිරි සති කීපයේදී විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 30,000 ක් පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.


    එසේම විදේශ රැකියා නියෝජිතයන් ද රට රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරයකින් තොරව විදේශ ගමන් බලපත්‍ර ලැබෙන බව සහතික කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව ද පැවැසෙයි.


    දිගින් දිගටම රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබෙන ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථා අනෙක් රටවල ශ්‍රම වෙළඳපොළ වෙත යොමුවීමේ අවදානමක් තිබෙන බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇතත් එහිදී මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ද පැවැසෙයි.


    මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බාර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ දැරුවත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබිණි.


    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටියේ පසුගියදා පැවැති රැස්වීමේදී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ගැටලුව මතුකළ බවයි.


    hey @Walter White aththada me kiyanne???
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔක්තොම්බර් වලින් පස්සේ පාස්පෝර්ට් පෝලිම් ඉවරයි කියලා නේද අර වැඩියෙන්ම චන්ද ගත්ත විජිතයා පම්පෝරි ගැහුවේ.ලංකාවේ උනුත් හැම පාරම වැඩියෙන්ම චන්ද දීලා දිනවන්නේ වැඩ බැරි උන්වමයි.🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔක්තොම්බර් වලින් පස්සේ පාස්පෝර්ට් පෝලිම් ඉවරයි කියලා නේද අර වැඩියෙන්ම චන්ද ගත්ත විජිතයා පම්පෝරි ගැහුවේ.ලංකාවේ උනුත් හැම පාරම වැඩියෙන්ම චන්ද දීලා දිනවන්නේ වැඩ බැරි උන්වමයි.🤣

    owta uththara denna kiriyata anduwen appoint karala inne @Walter White thamai