පාස්‌ටර්, තහනම් ​ගසේ ගෙඩි කඩා මාට්ටු

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    පාස්‌ටර්, තහනම් ​ගසේ ගෙඩි කඩා මාට්ටු වෙයි.....

    දැරියන් 4 දෙනකු අපයෝජනයට ලක්‌ කළැයි
    සැකකාර පාස්‌ටර් රක්‍ෂිත බන්ධනාගාර ගත කරයි

    බාල වයස්‌කාර දැරියන් සිවුදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි අත්අඩංගුවට ගනු ලැබූ ජාඇල හාවස්‌ට්‌ ළමා නිවාසයේ බාරකාර පාස්‌ටර්වරයා ලබන 29 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් වයි. ප්‍රනාන්දු මෙනෙවිය ඊයේ (26 දා) නියෝග කළාය.

    ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් සිදුකළ විමර්ශනයක්‌ අනුව අත්අඩංගුවට ගෙන මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ රාගම ක¹න පදිංචි රොඩ්නි පෙරේරා නමැති සැකකාර පාස්‌ටර්වරයාය.

    සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්‌වූ ජාතික ළමා රක්‍ෂක අධිකාරිය ක්‍රිස්‌තියානි පූජකවරුන් පිරිසක්‌ කරන ලද දැනුම්දීමක්‌ අනුව මෙහි විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවත් සිද්ධියට අදාළව තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බැවින් සැකකරු රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් ඉල්ලා සිටියේය.

    ක්‍රිස්‌තියානි පූජකවරයකු ලෙස පෙනී සිටින සැකකරුගේ බාරකාරත්වයේ පවතින ජාඇල හාවස්‌ට්‌ ළමා නිවාසයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල වයස අවුරුදු 6 ත් 15 ත් අතර පිරිමි ළමුන් 21 දෙනකු හා ගැහැනු ළමුන් 10 දෙනකු රැකවරණය ලබන බවත් ඔවුන් අතර ගැහැනු ළමුන් සිවු දෙනකුහට සැකකරු කාලයක්‌ තිස්‌සේ ලිංගික අතවර කරමින් ඔවුන්ව බරපතළ ලිංගික අපයෝජනය ලක්‌ව ඇති බවත් දන්වා සිටි ළමාරක්‍ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් හා ළමා නිවාස පාලිකාවගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් කරුණු අනාවරණය වී ඇති බව කියා සිටියේය.

    සිද්ධියට අදාළව තවදුරටත් පරීක්‍ෂණ කටයුතු සිදු කරන බැවින් සැකකරු රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසද ඉල්ලා සිටි ළමාරක්‍ෂක අධිකාරිය වින්දිත දැරියන් සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා කැඳවීමට කටයුතු යොදා ඇති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී වාර්තා ගොනු කරන බවත් පැවසුවේය.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා කරුණු දක්‌වමින් ළමාරක්‍ෂක අධිකාරියේ එකම ඉල්ලීම සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම පමණක්‌a බවට පෙනී යන බවක්‌ පරීක්‍ෂණ වලට තමන්ද සහාය දැක්‌වීමට සූදානම් බැවින් ඕනෑම කොන්දේසියක්‌ මත ඇපයක්‌ නියම කර මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු ලබන 29 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් එදිනම වැඩිදුර වාර්තා ගොනු කරන ලෙසත් නියෝග කළාය.


     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar267406_17.gif
     

    giramala

    Member
    Aug 17, 2011
    13
    2
    0
    tawa tawa dapalla heweli dance tv eke
    tawa tawa dapalla 18+ keli net eke
    tawa tawa dapalla night club rata hema tena
    party waladi nonala maru karaganilla
    ita passe boruwata media haraha wedi bana kiyapalla

    etakota aduwei mewani kriya

    mataka beriwuna kiyanna ahinsakayanta boru chadana naga marapalla