පාසැල් පොත් අන්තර් ජාලයට

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
පාසැල් පොත් අන්තර් ජාලයට

දේශීය පොත් ප්‍රකාශකයින් හා කතුවරුන් වෙනුවෙන් පොත් අලෙවිකරන්නන් හා මෘදුකාංග සමාගමක් සමග එක්ව අන්තර් ජාල ඉලෙක්ට්‍රොනික පොත් සාප්පුවක් (online e-book store) ආරම්භ කිරීමට එටිසලාට් සමාගම කටයුතු කරයි.

Book Hub හෙවත් පොත් මධ්‍යස්ථානය ලෙසින් නම්කර තිබෙන මෙය ලබන මාර්තුව වනවිට වාණිජ වශයෙන් එළි දැක්වීමට සැලසුම් කර තිබේ.
මෙම අන්තර් ජාල පොත් සාප්පුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම පොත් ඕනෑම සන්නිවේදන සමාගමක සම්බන්ධතාවය හරහා අන්තර්ජාලය ඔස්සේ කියවීමට හැකිබව එටිසලාට් සමාගම කියයි.

මෙහිදී, යම් මිලක් ගෙවා පරිගණක හා ජංගම දුරකතන ඔස්සේ මෙම ප්‍රකාශන කියවීමට අවස්ථාව හිමිවේ.
මෙයට සම්බන්ධ ගිවිසුමකට ඊයේ එටිසලාට් සමාගම හා එම්.ඩී. ගුණසේන පොත් සමාගම කොළඹදී අත්සන් කළ අතර මෙම අන්තර් ජාල පොත් සාප්පුවට අදාළ තාක්ෂණය Microimage මෘදුකාංග සමාගම විසින් නිපදවා තිබේ.

“අපි බලාපොරොත්තු වෙනවා මෙම අන්තර් ජාල පොත් සාප්පුවට හැකි තරම් පොත් ඇතුළු කිරීමට. මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රකාශකයින් සමග අපි සාකච්ඡා කරමින් සිටිනවා ඔවුන්ගේ උනන්දුව ගොඩක් හොඳයි.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එටිසලාට් සමාගමේ ප්‍රධාන විධායක දුමින්ද රත්නායක පැවසීය.
“මෙම ක්‍රියාදාමය මගින් ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක සිට පහසුවෙන් අදාළ පොත් අඩු මිලට පරිශීලනය කිරීමට අවස්ථාව ලැබෙනවා.“
යනුවෙන්ද හෙතෙම කීය.

පාසැල් පොත්ද මේ ආකාරයෙන් අන්තර් ජාලයට එක්කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බවද රත්නායක මහතා පැවසූ අතර ඔහු පෙන්වා දුන්නේ ළමුන්ට කුඩා පරිගණකයක් රැගෙන පාසැල් යාම පොත් ගොඩක් රැගෙන යාමට වඩා පහසු බවයි.
“පොත් අච්චු ගහනවාට වඩා අධ්‍යාපන අමාත්‍යංශයටත් එය පහසු කටයුත්තක්.“



meya gossip9 web adawiyen uputath web lipyaki.
 

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මු ආවත් හරි, අර බෞද්ධයන්ට බැන බැන දාපු ත්‍රෙඩ් ඔක්කොම නැවතුනා

    ලොලේ ලොල් තමයි
    :lol::lol::lol::lol:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මු ආවත් හරි, අර බෞද්ධයන්ට බැන බැන දාපු ත්‍රෙඩ් ඔක්කොම නැවතුනා

    ලොලේ ලොල් තමයි
    :lol::lol::lol::lol:




    :yes::yes::yes:
    මූ හීන් නූලේ යටින් ගේම දෙන්නේ උඩින් සමගිය ගැන කථා කරන ගමන්
    . :D