පාසැල් සමයේ කවි

sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
පාසැල් සමයේ කවි

ඉස්කෝලෙදි ඉගෙනගත්ත ලස්සන කවි තාම මතක අය ඉන්නවනම් මෙතනට දාන්න.


ඔන්න මුලින්ම මගෙන්:

විමලරත්න කුමාරගම මහාතා විසින් රචිත අයියනායක කවි පංතියෙන්:

සෙවනැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මළකා අළුව ගිය ආයුද කැබලි පෙනේ
දෙවියකු නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
මේ සංහිදේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතන රැස් වෙති ගම ගෙවල් වල

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත
ලාකඩ එසේ නැත
එකක් රත්වූ කලට පෑසෙත


:D
 

sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
දෙවි දේවතාවන් සැරිසරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුනේ
මගෙ ගැරහිමට නැත ඒ පිරිස යොමු වුනේ

(අයියනායක)
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ! දෙව්දත් නොදුටු මොක්පුර....
 

sandharuwan1

Member
Mar 20, 2010
28
0
0
බරණැස් නුවර සිට
උදේනී නම් නුවරට
පුරා බඩු ගැල් පිට
රැගෙන ගියෙ වෙළඳු වෙළඳාමට