පාහර ප්‍රේමය

Apr 27, 2010
44
6
0
oslo_to_paris_oct_2007015.jpg

*********************

සුදුයි

ඈ ලස්සනයි

තනි කරලෙ කොන්ඩේ

ඇවිදින්නෙ හරි හෙමින්

පොලවටත් රිදේදෝ

පාන්දරම දැක්කේ

හෝල්ට් එකේ හිටියේ

මට වඩා තරුනයි

ඈ හුඟක් බාලයි

මා ළඟට ආවා

මා ලඟට ලංවෙලා

හිමීහිට ඇහුවා….

මාත් එක්ක යන්න පුළුවන්ද ?

හාං

මං කිව්වා

මගේ අත අල්ලාන

ඈ හෙමින් පාවුනා

අපි දෙන්න ඇවිද්දා

ඈ ලඟ හරි සුවඳයි..

හදවතේ මුල්ලටම කිඳායන සුවඳයි

ඇගෙ සුමුදු කම්මුලක්

උරහිසේ වදිනවා

ඔයාට කෙල්ලෙක් නැද්ද ?

වචන බා‍ගයක් අරං

මං දමල විද්දා

ම්හ් …නෑ..

ඔයා හරිම කරුනාවන්තයි.

ම්හ්..

මාව ගෙනත් ඇරළලුවාට

ඔයාට බොහෝම

ස්තූතියි….

සින්දුවක තනුවගේ

පද්දලා කිව්වා

ඇගේ සුදු සැරයටිය

අතෑරලා මං ගියා.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අමුතු අාරක නිර්මානයක් සහේ. අන්ධ යුවතියක අතින් අල්ලා පාර මාරුකිරීමක් නේද? අැයි අරවගෙ නමක් දැම්මෙ කියල හිතුන. සංවෙදී නිර්මානයක්. ඔබට ජය!
 
Apr 27, 2010
44
6
0
අමුතු අාරක නිර්මානයක් සහේ. අන්ධ යුවතියක අතින් අල්ලා පාර මාරුකිරීමක් නේද? අැයි අරවගෙ නමක් දැම්මෙ කියල හිතුන. සංවෙදී නිර්මානයක්. ඔබට ජය!

චන්දි මේතැනදි කවියා ඇත්තටම ඇයට කැමතියිනෙ...එයා උදව්වත් කරල ඇය අන්ධ නිසානෙ දාල යන්නෙ...ඒ නිසා තමයි "කවියා" පාහරයෙක් කියල කියන්නෙ..
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අංඇවිත්;7383917 said:
චන්දි මේතැනදි කවියා ඇත්තටම ඇයට කැමතියිනෙ...එයා උදව්වත් කරල ඇය අන්ධ නිසානෙ දාල යන්නෙ...ඒ නිසා තමයි "කවියා" පාහරයෙක් කියල කියන්නෙ..
එ උනාට එක ටිකක් සැර වැඩියි නෙද සහො. එයා ගොඩාක් හොද දෙයක් නෙ කරෙ. :)