අවශ්‍ය දෙවල් ;
පාන් පිටි 500g
මාජරින් 150 g
රස අනුව ලුණු
අවශ්‍ය ප්‍රමාණයට අයිස් වතුර
පාන් පිටි 500g
මාජරින් 150 g
රස අනුව ලුණු
අවශ්‍ය ප්‍රමාණයට අයිස් වතුර
මුලින් පිටි එකට ලුණු ටික දමා හොඳින් කලවම් කර ගෙන එයට මාජරින් ටික දමා හොඳින් කලවම් කර ගන්න.පසු අයිස් වතුර ටික ටික දමා හොඳ සෝප්ට් පිටි මිශ්‍රණයක් හදා ගන්න.දැන් මේ පිටි මිශ්‍රණය පැයක් පමණ වසා තියන්න.
පැටිස් එකේ ෆිලින් එක සදහා :
හොඳින් පොඩි කර ගත් සැමන් ටිකක්
තම්බා හොඳින් පොඩි කර ගත් අල ටිකක්
හිනියට කපා ගත් ලුනු ටිකක් /අමුමිරිස් ටිකක් හා කරපිංචා ටිකක්
රස අනුව ලුණු හා දෙහි ඉස්ම
තලා ගත් සුදුලුනු ටිකක්
අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු /මිරිස් කුඩු
හොඳින් පොඩි කර ගත් සැමන් ටිකක්
තම්බා හොඳින් පොඩි කර ගත් අල ටිකක්
හිනියට කපා ගත් ලුනු ටිකක් /අමුමිරිස් ටිකක් හා කරපිංචා ටිකක්
රස අනුව ලුණු හා දෙහි ඉස්ම
තලා ගත් සුදුලුනු ටිකක්
අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් කුඩු /මිරිස් කුඩු
මුලින් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු එයට තලා ගත් සුදුලුනු ටික දමා බැදෙන්නට හරින්න.එයටම කපා ගත් ලුනු /අමුමිරිස් හා කරපිංචා ටික දමා හොඳින් තෙම්පරාදු වෙන්න යවන්න
දැන් එයට සැමන් ටික දමා හොඳින් කලවම් කර ගෙන , එයට රස අනුව ලුණු /ගම්මිරිස් කුඩු හා මිරිස් කුඩු දමා හොඳින් කලවම් කරන්න
ටික වේලාවක් ගියාම එයට පොඩි කර ගත් අල ටික ද දමා හොඳින් කලවම් කර ගෙන ,එයට දෙහි ඉස්ම ද දමා හොඳින් කලවම් කර ගන්න .
දැන් හදා ගත් මේ මිශ්‍රණය හොඳින් නිවෙන්න තියන්න
පැටිස් හදා ගනිමු :
දැන් හදා ගත් පැටිස් පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන පිටි ඉස ගත් ලැල්ලක තියා හොඳින් තුනි කර ගන්න.පිටි මිශ්‍රණය තුනි කර ගන්න කොට දෙපැත්තටම පිටි ගා ගෙන තුනි කර ගන්න .
එතකොට පහසුවෙන් පිටි මිශ්‍රණය හොඳට තුනි කර ගන්න පුලුවන්
දැන් තුනි කර ගත් පිටි මිශ්‍රණයෙන් පැටිස් අච්චුවක් තියෙනවා නම් තියා රවුම් කපා ගන්න .
පසු එ කපා ගත් පිටි රවුමක් , එ පැටිස් අච්චුව මත තියා හොඳින් ෂේප් කර ගෙන එ මැදට හදා ගත් සැමන් මිශ්‍රණයෙන් ටිකක් තියා ගන්න .
පසු පැටිස් අච්චුවේ තියෙන පිටි මිශ්‍රණය මත වතුර ටිකක් බ්‍රෂ් කර ගන්න .බොහොම ටිකක් එතකොට පැටිස් එක බදින කොට ඔපන් නොවි හොඳට සීල් වෙන නිසා .
පසු පැටිස් අච්චුව හිමින් වසා තද කර ගෙන , හදා ගත් පැටිස් එක අච්චුවෙන් ඉවතට ගන්න
පසු හොඳින් රත් වු තෙල් වලට දමා රන්වන් පාටට බැද ගන්න.ඔයාලාට පැටිස් බේක් කර ගැනිමට ද පුලුවන්.ට්‍රේ එකක් අරගෙන එයට පොයිල් පේපර් එකක් දමා ගෙන , එයට මාජරින් ටිකක් හෝ ඔලිව් ඔයිල් ටිකක් ගා ගෙන , හදා ගත් පැටිස් ටික ට්‍රේ එක මත තියා ගන්න
පසු එ පැටිස් මත ඔලිව් ඔයිල් ටිකක් ගාගෙන අවන් කරන්න
180C විනාඩි 15 - 20
180C විනාඩි 15 - 20
credits goes to Kanchi-Kitchen facebook page



