පැණියක් මඟින් ඇදුමට සුවයක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පැණියක් මඟින් ඇදුමට සුවයක්

    බොහෝදෙනා අතර සුවකිරීමට ඉතා අපහසු යැයි සැලකෙන ඇදුම රෝගය සුවකිරීමට අපහසු යැයි ඔබත් සිතනවාද ?.එය එසේ නොවේ.හෙළ වෙදකමේ මහිමයෙන් මෙයද නිට්ටාවටම සුවකළ හැකි රෝගයකි.ඇදුම රෝගයට හේතු වනුයේ පෙනහළු තුලින් වාතය ගමන් කරන මාර්ගයේ ඇතිවන ප්‍රදාහ තත්වයයි.පහත සඳහන් ඔසුව නිසි අයුරින් සකසාගෙන නිසි පරිදි භාවිතයෙන් රෝගය සුවකරගත හැකිවනු ඇත.

    අවශ්‍ය ද්‍රව්‍ය

    • වැලමී කලං 6 (30 g)
    • වියළි ඉඟුරු කලං 1 ½
    • තිප්පිලි කලං 1 ½

    ඉහත සඳහන් ද්‍රව්‍ය හොඳින් සෝදා මද පවනේ වියලා චුර්ණ (කුඩු)කරගන්න.පසුව එයට උක්පැණි පතයි(240g) , තල්සුකිරි කලං 6යි,බැගින් එක්කර හොඳින් මිශ්‍රකරන්න.මේවා මැටි මුට්ටියක හෝ එවැනි මැටි භාජනයක දමා රත්කර පැණි පදමට ගෙන තේ හැන්ද බැගින් උදේ සවස පානය කරනු.


    දුම් දුවිලි ආදී පාරිසරික තත්ව මඟින් හා මානසික ව්‍යාකූලතාවය වැනි හේතු නිසාවෙන්ද ඇදුම රෝගය ඇතිවිය හැක.මේවා පිළිබඳව සැළකිලිමත් වන්න.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif