පැණි පොකුර 😐

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    100% එකගයි රිසර්ච් ප්‍රොපෝසල් එකක් විදියට ගන්න පුළුවන්. රිසර්ච් එකක් කරන්න වටින දෙයක් තියෙනව. ඒත් ඒකෙන් hypothesis එක prove කරන්න බෑ.



    වතුරෙන් දිව්ව කාර් එක මතක් උනා. උගෙත් පැත්තක ප්‍රෙට්‍රල් තිබිලනෙ.

    මේකත් වතුරෙන් කාර් දිවුව එකේ අනික් එක.
    ඕනම දේක ප්‍රතිඵල 100% නම්, පුදුම සහගත වගේ නං, ඒවට සම්භන්ධ අනෙක් ෆීල්ඩ් තඹේකට මායිං කරන්නෙ නැති කෙනෙක් නං හදලා තියෙන්නෙ බොරුවක්ම තමයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    me ada awarenko puka palala yawanna..... free beer ekak dennam...

    උඹ වගේ කැම්පේන් කාරයාගේ කැරි කුප්පිය බීල ඉන්න හිඟන්නෙක් කොහොමද බං අනෙත් උන්ට බොන්න දෙන්නෙ? පොඩ්ඩක් ලොජිකල් විදියට කතා කරපං. 😂
     
    • Like
    Reactions: ewijesekara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,391
    113
    මෙන්න මේක නිසා තමයි අර විදියට හදලා ලිවුවම සාමාන්‍ය තරමෙ දැනුමක් තියන ඉගෙන ගත්තු එවුනුත් නොමග යන විදියට ලියන්න පුලුවන්.
    අපි ඉන්න ෆීල්ඩ් එකේ තියන ඕන දෙයක් වෙනත් අර්තයක් එන විදියට අපිට ලියන්න පුලුවන්, වෙන ෆීල්ඩ් වල ඉන්න ඉගෙන ගත්තු බුද්ධිමත් එවුන් අහුවන්න ලියන්න පුලුවන්, facts ඕන විදියට තෝරල දාල ලියන්න පුලුවන් එතකොට ඒ දාපු facts විතරක් සර්ච් කරපු කෙනෙක්ට ලොකු ට්‍රස්ට් එකක් හැදෙනනවා.

    ඔය විදියට සර්ච් කරලා ඕන නම් අපි එදිනෙදා ගෙදර යූස් කරන ඕනම දේක වගේ තියන සංයෝග ගැන හොයල ඒව Covid වලට ප්‍රතිකාරයක් විදියට යූස් කරන්න කියලා කියන්න පුලුවන්.

    still proves the @BadBlueGenius 's point
    එහෙම බැලුවොත් මචන් කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් පිලිගන්න බෑ. උබල කියන දේවල් උනත් ඒ ගොඩේ දාතහැකි. බහුතරයක් research papers ගත්තත් ඔය තියරියමයි. Refference වලට පරන රිසර්ච් ටිකක් දාලා මොනා හරි ඩේටා ටිකක් වගුවක දාලා එයාලගෙ opinion එක දානව අන්තිමට. (again බහුතරයක්)

    මම කිවුවෙ ඔය ආටිකල් එක බලල මේකෙන් corona හොද වෙනව කියල prove වෙනව කියල නෙමේ. Entry point එකක් ගන්න පුලුවන් බෙහෙත test කරන කෙනෙක්ට උනත්. අර Prima facie කියල කියන්නෙ. ඒ කියන්නෙ මොකක් හරි දෙයක් ටෙස්ට් කරල බලන්නත් හේතුවක් තියෙන්න එපැයි. නැත්තන් ගල් අරක්කුත් කොරෝනා වලට හරියනවද කියල ටෙස්ට් කරන්න වෙනවනෙ.


    ඔයා කියන පැත්තත් මට තේරෙනවා .
    දැනට අපි දන්නේ virus එකම අරන් සැර බාල කරලා
    ඒක ඇගට දීල ඇගෙන්ම immune response එකක් ගන්න එකනේ .
    දැන් උඩ comment වල NEMESIS කිව්වෙත් එක එක ඒවා දාල කලවම් කරා කියල vaccine එකක්නම් එන්න විදියක් නැහැ කියල .
    ඒ වගේම දීර්ග කාලයක් virus රෝගයක් නොහැදී තියෙන්නනම් vaccine එකක්ම ඕන කියල අපි ඉගෙන ගෙන තියෙනවා .
    දැන් ඔයා කියන්නේ vaccine එකක් නොවෙන වෙනම මුහුණුවරකින්
    මේ ප්‍රශ්නේට මේ වෙදමහත්තයා මුහුණ දීල මිනිස්සුන්ව corona වලට immune කරන්න ක්‍රමයක් හොයාගන්න ඇති කියලනේ .
    එත් මචං මේ වෙදමහත්තයා කොහොමද හරියට පරික්ෂනයක්වත් පවත්වන්නේ නැතුව කියන්නේ
    මේක බිව්වහම ආයේ corona හැදෙන්නේ නැහැ කියල .
    පරීක්ෂණ කරන්න රජයෙන් resources දීල තියෙද්දිත් ඇයි ඒකෙ results එන්නත් කලින් අවදානමක් අරගෙන මිනිස්සුන්ට බෙදන්න ගත්තේ ?
    ඔයවගේ වැඩවලින්ම තේරෙනවා නේද මෙයාගැන විශ්වාසයක් තියන්න බැහැ කියල .

    අපි දන්න විදිහට එහෙම බැරි උනාට වෙනත් mechanism එකකින් වැඩ කරන බෙහෙතක් තියෙන්න පුලුවන්. ආයුර්වේද වෛද්‍යක්‍රමයෙ බෙහෙත් කරන විදිහ theoratical මට්ටමෙන්ම වෙනස්. ශර්‍රීරයේ ක්‍රියාවලි ඉදන් වෙනස්. ආයුර්වේදයේ මං දන්න තරමින් ප්‍රතිශක්තිය කියල දෙයක්වත් ඇත්තෙ නෑ මාධ්‍ය වල ඒ වචනෙ භාවිත උනාට. ආයුර්වේදය සම්පූර්ණ වෙනස් context එකක්. ඒ උනාට බෙහෙත් වලින් මිනිස්සුන්ට හොද වෙනවනෙ. බටහිර බෙහෙත් උනත් ලොකු ගානක් තියෙනව දේශීය වෛද්‍ය ක්‍රමවල බෙහෙත් දියුණු කරපුව. (anyway ඔය මං දාපු ආටිකල් එකේ ඩොක්ටර් කියනව මේක cure එකක් මිසක් vaccine එකක් නෙමේ කියල) අපේ අයගෙ තියෙන ඉහවහා ගිය දේශීයත්වය හින්ද හොද හෝ නරක වේවා නරි නාටක නටනව. මේක දැක්කම කෙනෙක්ට හිතෙන්න පුලුවන් නූගත්කම කියල. නමුත් drama සිද්දි පැත්තකින් තියල බෙහෙත effective ද කියල බලන්න ඕනෙ. ඔය කියන double blind ටෙස්ට් එක හරියට කෙරුනනන් අනිවාර්‍යෙන් මොකක් හරි මේකෙන් effect එකක් තියෙන්න ඕනෙනෙ.

    අපි බලමු මොකක්ද වෙන්නෙ කියල
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේකත් වතුරෙන් කාර් දිවුව එකේ අනික් එක.
    ඕනම දේක ප්‍රතිඵල 100% නම්, පුදුම සහගත වගේ නං, ඒවට සම්භන්ධ අනෙක් ෆීල්ඩ් තඹේකට මායිං කරන්නෙ නැති කෙනෙක් නං හදලා තියෙන්නෙ බොරුවක්ම තමයි

    ඕව කිව්වට වැඩක් නෑ බං. නිකං මත් පෙත්තක් ගහලා වගේ ඕව ඩිෆෙන්ඩ් කරන එවුන්, කතා කරන ඒවල අගක් මුලක් නෑ. :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දම්මීක බාස් අනුරාධපුර යන්න කලින් හැමවෙලෙම උඩම ට්‍රෙන්ඩින් වෙන පැණි ත්‍රෙඩ් කීපයක්ම තිබ්බා... දැන් නැත්තේ මොකද?😂
     
    • Haha
    Reactions: Ragna_SL