පැණි වළලු මතක පොත පෙරළමින්

Jayashantha84

Active member
  • Sep 18, 2021
    29
    207
    28
    Pani walalu.jpg
    100082916.jpg

    ඉරිදා ලංකාදීපෙ පැණි වළලු තීරුලිපි එකතුකරල පොතක් ගහල තියෙනව කියල මට මුලින්ම ඇහුණේ TV එකේ නිව්ස් වලින් මං හිතන්නෙ. අපේ ගෙදර ඉඳල හිටල තමා අදටත් ඉරිද ලංකාදීපයක් ගන්නේ. ඒත් මම පැණි වළලු කොලම් එකක් දෙකක් අහම්බෙන් කියවල ඇති කියල හිතෙනව පොත එන්න කලින් හරිය මතකයක් නැතිවුනත්. මේ දවස්වල නම් කොරෝනා හින්දා මම පත්තර ඉඳල හිටලවත් ගේන වැඩේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.මම කියවල තියෙන හැටියට කොරෝනා වයිරසේ පත්තරෙන් උනත් එන්න පුළුවන්.මගේ තියරි එකේ හැටියට කොරෝනා බෝවෙන්න පුළුවන් විදි අසීමිතයි.

    මෑතකදී අපි අතරින් වියෝවුණු ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමා ලියපු පැණි වළලු පොත නියමයි කියල මට මුලින්ම කිව්වේ අපේ මාකටින් ටීම් එකට අළුතෙන් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදිහට ජොයින් වෙච්චි අසංකා. අසංකා වැඩිය උස මහත නැති කෙට්ටු කොට චරිතයක්. හැබැයි ඇවිදින පුස්තකාලයක්. අපි අසංකාව බයිට් කලේ අසංකාගේ ඇඟ පුරාම තියෙන්නෙ මොලේ කියල. අසංකා කොහොම හරි පැණි වළලු පොත ඔෆිස් එකට අරන් ආව. මට ඒක කියවන්න ලොකු උනන්දුවක් තිබුනෙ නැතත්,අසංකාගේ පෙරැත්තය හින්දම මම පොත අරන් ආවා අපි ඒ දවස්වල හිටපු මාකුඹුරේ බෝඩිමට.

    පළවෙනි තීරු ලිපිය කියවන්න ගනිද්දිම මට තේරුණා මේක මම එච්චරකල් කියවල තිබුණු සිංහල නවකතා කෙටි කතා තීරු ලිපි වලට වැඩිය වෙනස්ම විදියට ලියපු කතා කරන භාශාවෙන් කවියක් වගේ ලස්සනට ලියපු අළුත්ම රසයක් තියෙන ලියවිල්ලක් කියල.

    "වටිනාපහ වලව්වෙ ශ්‍රීමතී ගිරි මල්ලිකා දිසානායක කුමාරිහාමි මගේ ආච්චි අම්ම. මට යන්තම් අවුරුදු හතර පිරෙද්දි අම්මා අකාලයේ මිය පරලොව ගිය නිස අපේ ජීවිත අතරමං නොවී නතර උණේ ආච්චි අම්මා ළඟ. ඔසරි පොට උල් වෙන්න උඩරට සාරිය ඇඳල, බෝරිච්චි හැට්ටේ උඩින් අගස්ති මාලෙ දාලා, බදල අල්ලන්න බැරිතරම් තඩි වේවැල් පුටුවෙ නේක වර්ණ ගල් අල්ලපු මුදු, වළලු පිරුණු අත් දෙක දෙපැත්තට විසි කරගෙන ආච්චි අම්ම වාඩිවෙලා ඉන්නව ඉස්තෝප්පුවේ..." මෙන්න මෙහෙම තම පැණි වළලු පළවෙනි පොතේ පළවෙනි තීරු ලිපියේ පළවෙනි ඡේදය පටන්ගන්නෙ. වචන වලින් පාට කරන්නත් පුළුවන් කියල කොහෙන් හරි අහල තිබුණට හරියටම ඒක දැණුනේ මේ කොටස කියවද්දි.

    මම මේ තීරු ලියමන් වලට තියෙන ලෝභකම හින්දම එක දිගට කියවගෙන කියවගෙන ගියා. ඒත් ඒක හිතට බරවැඩියි කියල මට තේරුණා.දුක්බර කියන වචනෙට මම හිතන් හිටියට වඩා ගැඹුරු තේරුමක් තියෙනව කියල මට පැණි වළලු කියවද්දි හොඳින්ම දැණුන. පැණිවළලු කියන්නෙ එක දිගට ටිපි ටිප් වගේ කාගෙන කාගෙන යන්න පුළුවන් රසකැවිල්ලක් නෙමෙයි. මේ පොත් හතරමත් එහෙමයි. තවම කියවල නැත්නම් මේ පොත රස විඳින්න නම් මම නම් කියන්නෙ මම කළා වගේ එක හුස්මට කියවල ඉවර කරන්න යන්නෙ නැතුව හිමින් හිමින් කියවන්න. අඩයාලමේ ඉන්න ගොඩක් අය නම් ඔය පොත් හතරම දැනටමත් කියවල ඇති මං හිතන්නේ.

    මට හිතෙන විදිහට සිංහලෙන් පැහැදිලිව ලස්සනට කාටත් තේරෙන විදියට ඒ වගේම මිනිස්සුන්ගෙ හදවතට දැනෙන විදියට සරල භාෂාවෙන් ලියන්න ඉගෙන ගන්න මේ පොත් හතරම හරිම අපූරුයි. හැම පැණි වළලු තීරු ලිපියකම වගේ මගේ හිතට ගැඹුරටම දැණුනු තැන් තියෙනවා. ඒ අතරිනුත් මෙන්න මේ උපුටාගැනීම මට අමතක කරන්න බැරිවිදිහටම හිතට කාවැදිච්චි පේළි කිහිපයක්. කවියක් වගේ ලස්සන ඒ උනාට ඊයම් බරු වගෙ හිතට බරට දැනෙන ලියමනක්.

    "...පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්චි පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදම් කරල තියෙනව. අදටත් තව කාටහරි වියදං කරනවා. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ පොල්ලෙ එල්ලිලා "මාරගම...මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපි පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරල තියෙනව. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා..."

    මේ වගේ ලස්සන රසවත් හරවත් තීරුලිපි අපිට තෑගි කරපු ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්යතුමාට සංසාර දුකින් අත්මිදී නිවන් මගට ඉක්මනින්ම පිවිසෙන්නට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
     

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    29
    207
    28
    මුල්ම කාලෙ ආපු ටික නං සුපිරි.
    ඇඹුල් තියල කන්න ආස හිතිලා, කඩේකට ගිහින් වෙච්ච සිද්ධියක් ලියලා තිබ්බ තාම මතකයි.
    palaweni pothe thiyena thieru lipi tika.

    මාත් ආසවෙන් කියවනවා ඉස්සර
    peredha aye nikan potha aran katha deka thunak kiyewwa. eeta passe meaka liwwe facebook eke adayalamata dhanna. eaka reject kala hindha meake publish kala. pani walalu kiyawapu kenekta mathaka aluth karagannyi. nokiyapu kenekta kiyawanna gannayi. ehema nathnam monawama hari punchi deyak jeewitheta igena kenekuta mea peli keepaya udhawwak weyi kiyala man hithanawa.
    ------ Post added on Sep 19, 2021 at 11:53 AM
     
    • Like
    Reactions: NRTG and batwise