පැණි වෙදකම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කිරියේ පැනිය බිම දාගෙන නෙලන ත්‍රෙඩ් බොහොමයි. කෙටියෙන්ම මේකයි කියන්න තියෙන්නේ

    ආණ්ඩුව කොරෝනා සම්බන්ද බෙහෙත් වෙනුවෙන් බාගයක් අසාර්ථකයි බාගයක් සාර්ථකයි (දෙවෙනි රැල්ල වැඩිපුර අසාර්ථක පැත්තට බරයි)



    ආණ්ඩුවට තිබ්බා කොරෝනා වෙනුවෙන් බෙහෙත් හොයන්න සියලුම වෛද්‍ය ක්‍රම වලට විවුර්ත ආරාධනයක් කරන්න, විශ්ව විද්‍යාල තනි තනිව හෝ සම්බන්ද වෙලා හරි එහෙම දෙයක් කරන්න යම් ප්‍රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

    බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්දේශ කරන්න ඒ සදහාම වෙන් වුන පර්යේෂණ ආයතනයක් පිහිටුවන්න මේ සදහාද යම් ප්‍රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

    කුමන විදියේ බෙහෙත් සදහා වුවද සායනික පර්යේෂණ කෙරෙන විදියක් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය (මේක හොද වැඩක්) හා වෛද්‍ය සභාව සමග නියාමනය කෙරෙන විදියක් හදන්න.

    ලෝකයේ හෝ මෙහෙ සාර්ථක වෙන බෙහෙතක් බෙදන ක්‍රමයක් සකසන්න ලෝකයේ හොයන බෙහෙත් ගෙන්වා බෙදාහරින්න ක්‍රමයක් සකස් කරලා මිනිස්සුන්ට දැනුම් දෙන්න



    නොමිලේ අමතන්න පුළුවන් කෝල් සෙන්ටර් එකක් මැප් එකක් තියෙන වෙබ් පිටුවක් (මේක කරලා තියෙනවා නමුත් ප්‍රසිද්දියක් දීලා නැහැ හරියට අනික සෙන්ට්‍රල් සිස්ටම් එකක් නැහැ) වගේ දේවල් හදන්න

    https://www.hpb.health.gov.lk/en

    http://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=228&lang=en

    https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=225&lang=en



    රටේ පුරවැසියන් වෙනුවෙන් මානසික තත්වය ඉහල දමන්නයි පිළිපැදිය යුතු කරුණු පිලිබදවයි නව නීති හා ඒවා කැඩුවොත් දෙන දඩ ක්‍රමයක් ගැනයි අර "අපි වෙනුවෙන් අපි" වගේ ආකර්ශනීය වෙළද දැන්වීම් ටිකක් හදලා හැම ගුවන් හා රුපවාහිනී නාලිකාවකම, සමාජ මාද්‍ය වල, පුවත් පත් හා අත් පත්‍රිකා හරහා වගේම sms හරහා call recording හරහා බෙදුවා නම් වටිනවා.

    සියලු මාද්‍ය සදහා මේකට ආරාධනයක් කරා ස්වෙච්චාවෙනුත් මේකට උදවු කරයි පුළුවන් අය.



    අනෙක් අතට

    ත්‍රස්තවාදී හෝ වසංගත හෝ ස්භාවික ආපදාවක්

    හේතු කරගෙන රජයක් පෙරලන්න හදනවා කියන්නේ රටේ මිනිස්සුන්ට කරන අවැඩක් මිසක් හොදක් නෙවේ.

    මේක බලන්න



    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

    නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

    ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

    බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

    ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

    නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

    තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

    බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.


    "ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත්"

    මෙන්න මේක මමත් පිලිගන්නවා

    බටහිරත් ඉස්සර එක එක ක්‍රම වලට ලෙඩ හොද කරා පස්සේ ඒ මිනිස්සු තම තමන් දන්නා දේ ක්‍රමවත්ව වර්දනය කරගන්න ක්‍රමයක් හදා ගත්තා ඒක සාර්ථක උන එකේ ප්‍රතිපල තමා අද තියෙන බටහිර වෛද්‍ය ක්‍රමය.

    බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ විවිධ සමාගම් බෙහෙත් හදාගන්නෙත් ගොඩක් ශාක වර්ග ආශ්‍රිතයෙන් තමයි කියන එක අපි අවබෝද කරගන්න ඕනේ.



    අපේ මිනිස්සු හෙන කුහකයි ඒකයි සමහර වෙදකම් ඒ ඒ පරම්පරාවල් එක්ක වල පල්ලට ගිහින් තියෙන්නේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රභූවරු පාන් පෙත්ත කනවා, ඉතිරිවෙන වාටිය ගැන ගුණ ගායනා කරලා සොන්නලුන්ට විසිකරනවා, මෝඩ සොන්නලු දොහොත් මුදුන් දීලා හිස් මුදුනින් පිලි අරන් රොඩ්ඩයි, වාටියයි කනවා පෙත්ත ඊට වඩා රසයි කියලා කියන උන්ටත් බැන බැන.
    බුද්ධිමත්ව මේ අඩුකම, පව්කාරකම
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Ethics committee) නොලැබීම හේතුවෙන් බව වාර්තා වේ.

    මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි තීරණය වී තිබුනේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදීය. රජරට වෛද්‍ය පීඨ කමිටුව කාර්යක්ෂම ලෙස අයදුම්පත සලකා දින දෙකක් තුළ තීරණයක් ලබා දේයැයි පැවති විශ්වාසය නිසා ඔවුන්ට එම වගකීම පැවරුවද සති 3 ආසන්න කාලයක් විවිධ හේතු දක්වමින් ඔවුන් අවසන් තීරණයක් ලබා දීම කල් මරමින් ඇත.

    මීට ආසන්නම හේතුව එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් පැණිය පිලිබඳ පරීක්ෂණයට අනුමැතිය නොදෙන ලෙස පවසමින් සිදු කරන අයුතු බලපෑම් බවද පැවසේ.

    පැණියේ හොඳ නරක සතියක් ඇතුලත පරීක්ෂා කර රටට හෙළි කිරීමට ආරම්භයේ දී සැලසුම් කලද ඒ සියල්ල අඩාල වුයේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය කමිටුවේ අලස, පක්ෂපාතී ක්‍රියා කලාපය නිසා බව චෝදනා එල්ල වෙමින් පවතී.

    යම් හෙයකින් පැණියේ ගුණයක් ඇතිනම් එහි ප්‍රතිපල රටට ලබා ගත නොහැකි වීමේ වගකීමත්, එහි ගුණයක් නැතිනම් රටේ අනවශ්‍ය පැණි පොකුරක් ඇති වීමේ වගකීමත් පරීක්ෂණ හිතා මතා ප්‍රමාද කල රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුව භාර ගත යුතු බව චෝදනාවක් එල්ල වී ඇත.

    – ඩී.එම්. විජේරත්න
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මිනිස්සුන්ට ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ රජයෙන් හරියට සායනික පරීක්ෂාවන් කරලා බටහිර අනුමැතිය නැතිව හරි ආයුර්වේද අනුමැතියක් ඇතිව එලියට දැම්මා නම්. නමුත් අවුරුද්දක් තිස්සේ ඒක කරගන්න බැරි වුනා.
    ධම්මිකගේ පැණියට වඩා හොඳ ආයුර්වේද බෙහෙත් තියන බව වැඩිය මාධ්‍යවල ප්‍රචාරය කරන්නේ නැහැ. ඒක සැක සහිතයි.

    මම හිතන්නේ දෙරණ, හිරු වගේ මාධ්‍ය මේ මානසික රෝගී පුද්ගලයා promote කරලා යම් විදිහකින් හම්බ කරගන්න උත්සහ දරන්න ඇති කියලා.

    රජයේ ආයතනවල ඉහළ ඉන්න බොහෝ නිලධාරීන් පැහැදිලි දැක්මක් ඇති අය නෙවෙයි. ලංකාවේ ගොඩක් අයට දේවල් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේ. හැබැයි වැඩ කරන යම් පිරිසක් නිසා කොහොම හරි රට දුවනවා.

    හැබැයි මම තවත් පැත්තක් දකිනවා. අපි සුපිරි පැනියක් හැදුවත් මම හිතන්නේ නෑ ජාත්‍යන්තර ආයතන අපට ඒවා විකුණන්න ඉඩ දෙයි කියලා. මොකද හැම එකම වෙළඳාමක්. බෙහෙත් කියන්නෙත් මාෆියාවක්. අපට එන්නත් මතම යැපෙන විදිහට තමයි වැඩේ කරන්නේ.
    අපි ආනයන අඩු කළාම යුරෝපා සංගමය ලෙඩ දැම්ම මතක ඇති.
     
    Last edited: