පැතිර යන අලුත්ම පරිගණක වෛරසය

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    පැතිර යන අලුත්ම පරිගණක වෛරසය

    පැතිර යන අලුත්ම පරිගණක වෛරසය ගැන ඔබ දැනුවත්ද?

    DNS Changer නම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන ඇත.

    මෙම වෛරසය පැතිරීම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය මගින් අත්හිටුවා ඇති අතර ඔවුන් විසින් දැනට වෛරසය පැතිරුණු පරිගණක සොයා මෙහෙයුමක් දියත්කොට ඇත.

    වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අප වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට අපව නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ.

    ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.

    තවමත් ලංකාවේ මෙය පැතිරී ඇති පැමිණිලි නොලැබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

    වෛරසය පැතිරුණු පරිගණක ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීම වැලැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ලබන ජුලි මස 9 වනදා සිට වෛරසය පැතිරුණු පරිගණක අන්තර්ජාලයට සම්බන්ධවීම වලක්වනු ලැබේ.

    එයට පෙර ඔබගේ පරිගණකයටත් මෙම වෛරසය පැතිරී ඇත්දැයි පහත සබැඳියෙන් බලා ගත හැක.


    එහිදී DNS Resolution = GREEN
    ලෙස ලැබෙන්නේ නම් ඔබේ පරිගණකයට වෛරසය පැතිරී නැත.

    DNS Resolution = RED ලැබෙන්නේ නම් වෛරසය පැතිරී ඇත.
     
    Last edited:

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy