පැතුම්ට වූ හදිය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනුරාධපුරය සහ මහව හන්දිය අතර දුම්රිය ධාවනය මාස 6 කට නතර කර තිබෙන නිසා ඊයේ මහව හන්දියට ආවේ කොළඹ එන කෝච්චියක් අල්ල ගන්න.

    හැබැයි මහවින් කොළඹ එන්න අමතර කෝච්චි දාලා තිබුනේ නෑ. කෝච්චිය නැවැත්තුවාට මොකද ඒකට විකල්ප ක්‍රම තාම හදපු පාටක් පේන්න නෑ. ඉතිං හවස දෙක වෙන කොට මහවට ගිය මට හවස 4 ට ත්‍රිකුණාමලයේ සිට කොළඹ යන කෝච්චියක් එනකං මහවට වෙලා ඉන්න උනා.

    කෝච්චිය එනකං සුවර් නැති නිසා කළින් ටිකට් නිකුත් කරන්නේ නෑ කිව්වා. ටිකට් කවුන්ටර් එකේ හිටපු නිලධාරියා ඇහැව්ව ' ආහ් මේ කර්නල් නේද? දැන් අරගලය කරන්නේ නැද්ද කියලා ' . ඔහුගේ හඬේ තිබුන ටෝන් එකට ඔහුට උත්තර දෙන්න තරම් මහන්සි වෙන්න හිතුනේ නෑ. මම එතනින් පිටවෙලා පාරට ආවා. ලැබුන පැය දෙකක අමතර කාලය තුල ත්‍රිවීල් එකක් අරගෙන මම යාපහුවට ගියා. මහව ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටර් 6 ක්, රුපියල් 600/= ක් ගෙවලා, විනාඩි 15 කින් යාපහුවට යා ගන්න පුළුවන් උනා. මම හිතන්නේ මෙතනට ගොඩ උනේ අවුරුදු 20 කින් විතර.

    යාපහුව ගල උඩටම නගින්න දැන් පඩිපෙළක් දාලා. උඩටම ගියහම වටේම පේන්නේ වියළි කලාපයේ භූමිය. මේ දවස් වල වැස්ස නිසා කොළ පාටයි, වැව් පිරිලා, ගොයම් කිරි වැදෙන කාලේ නිසා කුඹුරු ලස්සන චිත්‍ර වගේ. ඈතින් ඈතට තියෙන ගැමි නිවාස. බැලුබැල්මට වටේම තියෙන්නේ කැලෑ කියලා හිතෙන තරමට ගහ කොළ පිරිලා. අපි මේ ඉඩම් වලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් ඵල නෙලා ගන්නවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.

    ඒත් එක්කම එසැණේ නිව්ස් එකට මෙසේජ් එකක්. ශ්‍රි ලංකාවේ ජනගහනය අඩු වෙනවලු. අර්බුදයට පෙර තිබුනේ වසර 2035 වෙන කොට ශ්‍රී ලංකාවේ ජනගහනය උපරිමයට ලඟා වෙලා ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා කියලා. ඒත් අර්බුදය නිසා මිනිස්සු දරුවන් හදන එක අඩු කරලා වගේම පිටරටට සංක්‍රමණය වීම නිසා දරුවන් ලබන වයසේ තරුණ ප්‍රජාව අඩුවෙලා. යම් රටක ජනගහනයක් පවත්වා ගෙන යන්න ඒ රටේ ඉපදෙන ගැහැණුන් දරුවන් 2.1 ක් බිහි කරන්න ඕනේ. ඒත් අපේ ඒක දැන් අඩුයි. ඒ නිසා 2035 ට කලින් අපේ උපරිමය ලඟා වෙයි.

    වසර 2013 ඉපදුන ප්‍රමාණයට වඩා වසරකට 90,000 ක් අඩුවෙන් දැන් උපදින්නේ. ඒක ලොකු අඩු වීමක්. එහි ප්‍රතිඵලය අපේ රටේ ආර්ථිකය තුල ශ්‍රම බලකාය තුනී වෙනවා කියන එක.

    පසුගිය දා මහ බැංකුවේ තිබුණ ලෙක්චර් එකකට සහභාහී වුන සුප්‍රසිද්ධ ග්‍රන්ථ කතුවර වගේම ආයෝජන බැංකු කරුවෙකු වූ රුචිර් ශර්මා ඔහුගේ "10 Rules of Successful Nations" පොතේ සඳහන් කර ඇති එක Rule එකක් ලෙස කිව්වේ හොඳ ජනගහනයක් රට තුල සිටීම. ඒත් ඒ කරුණු 10 න් අපේ දුර්වලම එක ලෙස ඔහු සඳහන් කළේ අපේ ජනගහනය ප්‍රමාණවත් නොවීම.

    අපි නිතර කතා කරන නිශ්පාදන ආර්ථිකයක් හදන්න නම් මුලින්ම ශ්‍රම මූලික කර්මාන්ත වල වැඩ කරන්න අපි ලඟ ශ්‍රම බලකායක් ඉන්නව ද? මිලියන 22 ක් වෙච්චි අපේ ජනගහනයෙන් ශ්‍රම බලකායට අයිති වෙන්නේ මිලියන 8.5 යි. සංක්‍රමණය සහ උපත් අඩු වීම මත ඒකත් ක්‍රමයෙන් හීන වෙන්න පටන් අරගෙන. ඒ ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් ඉන්නේ කෘෂි කර්මාන්තය තුල. ඔවුන් ගැමියන්.

    මේ යාපහුව ගල වටේට තියෙන ගම් වල මේ පාලු ඉඩම් හා කුඹුරු අස්වද්දන්නේ ඔවුන්. ඉතිං දවසක රට දියුණු වෙන්න නම්, එවිට අවශ්‍ය වල ශ්‍රම බලකාය සපයනන්න වෙන්නෙත් මේ ගම් වලට. එවිට ඔවුන් මේ ගම් බිම් වලින් නික්මිලා රැකියා සොයා ගෙන කාර්මික නගර වලට ඇදී එයි. ගම්බිම් අස්වද්දන්න අඩු ශ්‍රමයකින් යන්ත්‍ර සූත්‍ර ඕනේ වෙයි. කෘෂි කාර්මික නාව්‍යකරණය අපිට එදාට නැතුව බැරි වෙයි. එදාට වන භූමිය 40% දක්වා වැඩි කර ගන්නත්, අලි මිනිස් ගැටුම අඩු කර ගන්නත් පුළුවන් වෙයි.

    මෙය පුළුල් සමාජ පරිවර්තනයක්. ඒක අපිට කළමනාකරණය කර ගන්න වෙනවා. එසේ නොවුන හොත් අපි නූතන ලෝකයෙන් කොන් වෙනවා. එහෙම හිතන ගමන් ආයේ කෝච්චි ස්ටේෂන් එකට මම ආවේ වෙලාව 4 වෙච්චි නිසා. මිනිස්සු ඇවිත් ඉඳගෙන බලං ඉන්නවා. තාම ටිකට් දෙන්න පටන් අරගෙන නෑ. දුම්රිය සේවකයෝ එහෙට මෙහෙට ලත වෙනවා. කෝච්චිය එන පාටක් නෑ. කොහෙන්ද මන්දා ඈතකින් කෝච්චියේ ආපු බඩු පාර්සල් වගයක් ස්ටේෂන් එකේ ගොඩ ගහලා තිබුනා. ඒවායේ අනුරාධපුරය කියලා ලිපිනය ලියලා තිබුනා. දැන් මේ ටික කෝච්චියේ අනුරාධපුරයේ යවන්න බෑ. පීලි ගලවන බව නොදැන කොහෙන් හරි ඒවා බාර ගෙන.

    කෝච්චිය මහවට එන්නම විනාඩි 45 ක් පරක්කු උනා. ඒක මහවින් පිටත් වෙන්න පැය එකහාමාරක් පරක්කු වෙලා වෙලාව හවස 5.30 යි. සැළසුම් කරලා තියෙන විදියට මේක 5.30 ට ගම්පහ ඉන්න ඕනේ. කොහොම හරි යන්තම් රෑ 8.15 ට රාගමින් බැහැ ගත්තා.

    රටේ කළමනාකරණයත් මේ කෝච්චි වගේම තමයි. අයාලේ යන්නේ. එහෙම රටක අර ඉහතින් කිව්ව සමාජ පරිවර්තනය පහසු වෙන එකක් නෑ.

    ඒත් අපි ඒ වෙනුවෙන් සටන් කරන එක නතර කළ යුතු නෑ.

    පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර #පැතූනොමික්ස්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo

    හාමු මුටත් හදී කොරලද ? :(