පැතුම් ගියපු අපූරු තැන මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අද අනුරාධපුරයේ යන්න වාහනයක් සෙට් උනා. කුරුණෑගල හයිවේ එකෙන් දඹුල්ල පාරට දාලා මැල්සිරිපුර පහුවෙලා ගලේවෙලට කිට්ටු වෙන කොට කන්න නැවැත්තුවා අහම්බෙන් තැනක.

    මාර ගස් හෙවණක පාරේ දකුණු පැත්තේ මේ තිබ්බ තැන දැක්කම හරි සරළ තැනක්. Open concept එකට හදපු පොඩි ගොඩ නැගිල්ලක්. පොඩ්ඩක් එහායින් ගස් හෙවණේ කුඹුරු යායක් දිහා බලාගෙන තියෙන restaurant එකක්.

    කොරෝනාව නිසා අමාරුවෙ වැටුණු ටුවරිසම් කරපු යාළුවෝ තුන් දෙනෙක් එකතු වෙලා දා ගත්ත තැනක්. ගිය ගමන් හැමෝටම උණුසුම් පිළිගැනීමක් ලැබුනා. තැන ලස්සනයි පිළිවෙළයි. වැසිකිළි තියෙන තැන අහන්නෙත් නැතුව පෙන්නුවා.

    කඩේ පෙනුමට තියලා තියෙන්නේ ලස්සන පලතුරු වට්ටියක්. ඒකෙන් පලතුරු වලින් ජූස් හදලා දෙනවා.

    කෑමට කලින් බීමට නොමිලේම රසම් එකක් ලැබුනා. ඒකට කට ඇඹුලට මිරිසට උණුසුම් කරලා දෙනවා බඩගිනි වෙන්නම. කෑම ටික ලස්සනට පිළිවෙලට බෙදලා කෙසෙල් කොළයක් එලපු පිඟානක ආවා. කෑම මරු. මිළ සාධාරණයි.

    මට මේ review එක ලියන්න හිතුන විශේෂ කාරණය තමයි ඔවුන් ලබා දුන්න customer service එක. Customer Service ගත්තම මට නම් ලංකාවේ හොඳම customer service එකට වඩා සිංගප්පූරුවේ තැපැල් කන්තෝරුවත් හොඳයි. ඒ තරම් අපේ ඒක දුර්වලයි. ලොකු හෝටල් වල ඉඳලා පෙට්ටි කඩේ වෙනකං අපේ පාරිභෝගික සේවය ලබා දීමේ උනන්දුව ඉතා දුර්වලයි. බොහෝම කලාතුරකින් තමයි හොඳ customer service එකක් ලැබෙන්නේ. ඒකේ වටිනාකම ගැන සමාජ කථිකාවක් නෑ.

    හැබැයි "මාර" රෙස්ටුරන්ට් එකේ මේ යාළුවෝ තුන් දෙනා ඒක දිනලා. බොහෝම කඩිසරව දුවලා පැනලා සේවය ලබා දුන්නා. පපඩම් ගේන පොඩි භාජනේට ඉඳලා ඔවුන්ගේ අවදානය යොමු වෙලා තිබුනා. සමහර විටඒ ඔවුන් සංචාරක කර්මාන්තයෙන් ඒ පුහුණුව ලබා ගත්ත නිසා වෙන්න ඇති. ඒ හැකියාව දේශීය වෙළඳපොළට යොමු කිරීමට ඔවුන් දක්ෂ වෙලා. එය සිත් ගන්නා සුළුයි.

    ඒ වගේම මිළ සාධාරණයි. අපි 7 දෙනෙකුට රුපියල් 6300/= යි. ඔව් ඒ fresh අඹ ජූස් එකත් එක්කම.

    හොඳ දේවල් අගේ කරන එක අනිත් අයව උනන්දු කරවීමක්. ඒ නිසා මේ තුන් දෙනා දීපූ හොඳ දේ මම ලෝකෙත් එක්ක බෙදා ගන්නවා.

    Customer Service , ලංකාවේ දුර්වලම අංගයක්. ඒ දුර්වල කම නැති කර ගන්නම ඕනේ. ඒක කරන්න පුළුවන්.

    ඔබත් "මාර යාළුවෝ" වගේ වෙන්න.

    පැතුම් කර්නර්
     
    • Dislike
    Reactions: SLK_sri