පැතුම් දුටු ජවිපේ ඉන්දීය විරෝධය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    පාක්ෂිකයන් සතුටු කරන්න ඔබට විවිධ දේ කියන්න පුළුවන්. ඒත් රට හදන්න ඔබට තියෙන්නේ එක මාර්ගයයි. ඒ මාර්ගයේ නොයා මේ රට කිසි දිනෙක සාර්ථක රටක් කරන්න බැ.

    ඔබ මොන වටේ ගියත්, මොන විරෝධය පෑවත් ඔබට යන්න තියෙන්නේ එක මාර්ගයයි. ඒ ගැන අවබෝධය ඇතුව හෝ නැතුව ඔබ කොච්චර බොරු කිව්වත්, යන කොට යන්න වෙන්නේ ඒ පාරෙමයි. අර අර හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියනවා වගේ.

    විජේවීරගේ කාලේ ඉන්දියානු විරෝධයක් හදන්න ඇත්තේ කරුණු දෙකක් නිසා. එකක් ඉන්දියාව කලාපීය බලවතා ලෙස බටහිර පකිස්තානයෙන් බංග්ලාදේශය ගලවා ගන්න1971 දී සෘජුවම සටන් කරනවා. පකිස්තානය දෙකඩ කරලා ඉන්දියානු ආශිර්වාදය සහිත අලුත් රටක් හදනවා. අනික ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරට කළ බලපෑම.

    ඉන්දියාවෙන් පකිස්තානය 1947 දී වෙන් වන විට වත්මන් පකිස්තානය සහ වත්මන් බංග්ලාදේශය එකම රටක් විදියට වෙන් වෙන්නේ. ඒවා.බටහිර පකිස්තානය සහ නැගෙනහිර පකිස්තානය කියලා හඳුන්වනවා. වැඩේ කියන්නේ මේකෙන් රටේ බලය බටහිර පකිස්තානය සතු වෙද්දි රටේ බහුතරයක් ඉන්නේ බංග්ලාදේශය වෙච්චි නැගෙනහිර පකිස්තානයේ. ඒ නිසා හරියට ඡන්දයක් තියා ගන්න බැරි වෙනවා. මොකද ඡන්දය තියපු ගමන් දිනන්නේ බංග්ලාදේශය පැත්තේ කෙනෙක්. ඒකට උපක්‍රමයක් ලෙස බටහිර පකිස්තානය කරන්නේ හමුදාවට ව්‍යවස්ථාපිත බලයක් දෙන එක. ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල ජරන එක. ඒකෙන් වෙන්නේ හමුදා පාලනයන්ට මග පෑදෙන එක. ඔවුන්ගේ බුද්ධි අංශය වෙච්චි ISI එකේ පාලනයත් හමුදාවට යනවා. ඒ හරහා ඔවුන්ගේ උපක්‍රමය වෙන්නේ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් බිහිකරලා ඉන්දියාවට වක්‍රාකාරයෙන් පහර දෙන එක.

    මේ උපක්‍රමය ගැන ඉන්දියාව සහ ඉන්දිරා ගාන්ධි හොඳින් අධ්‍යනය කරලා තිබුනා. තමන්ගේ රට දෙපැත්තේ තියෙන පකිස්තානයේ කොටස් දෙක දෙකඩ කරන්න මාන බල බල ඉන්න ඇයට ඒ අවස්ථාව ලැබෙන්නේ 1971දී. ඇය එහිදී සාර්ථක වෙනවා. ( ඒ යුද්ධය දිනපු හමුදා පති සෑම් මනෙක්සාවෝ ඉන්දියාවේ පළවෙනි ෆීල්ඩ් මාර්ෂල් බවට පත් වෙනවා. ඔහුගේ ජීවිත කතාව ගිය අවුරුද්දේ ෆිල්ම් එකක් බවට පත් උනා - සෑම් බහාදූර් කියලා) නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය බවට පත් වෙනවා. බටහිර පකිස්තානය වෙන් උනාට අර ව්‍යවස්ථාපිත බලතල ලැබුන හමුදාව දිගටම තියෙනවා. ඒ නිසා විටෙන් විට අද දක්වාම පකිස්තානයේ හමුදා කුමන්ත්‍රණ වලින් ආණ්ඩු හදනවා.

    අපේ උතුරෙත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් බිහි වෙන්නේ හැත්තෑව දශකයේ. 1977 දී ජේආර් විවෘත ආර්ථිකය හදලා ඇමෙරිකාවට සමීප වීම ඉන්දියාව දකින්නේ අනතුරක් ලෙස. සීතල යුද්ධය නැගලා යන ඒ දවස් වල පකිස්තානය ඇමෙරිකානු මිතුරා වගේම ඉන්දියාව හිටියේ සෝවියට් කඳවුර එක්ක. ඉතිං ඇමරිකානු මිතුරෙක් තවත් අසල්වැසියෙක් වෙන එක ඉන්දිරාට ප්‍රශ්නයක් උනා. ඒ නිසා අපේ රට ඇතුලේ ගැටලු හදන්න ඉන්දිරා පාවිච්චි කළේ පකිස්තානය කාෂ්මිරයට පාවිච්චි කල උපක්‍රමය. ඒ තමයි අර සන්නද්ධ කැරළි කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස පුරුදු පුහුණු කරලා බල ගන්වන එක. ඉන්දිරා හිතුවා ඒ කණ්ඩායම් තමන්ට ඕන විදියට පාලනය කරලා ලංකාවේ ආණ්ඩුව නටවන්න.

    එහෙම තමන් හදපු සන්නද්ධ කණ්ඩායම් වලින් වැඩක් ගන්න කලින් ඉන්දිරා මිය යනවා. ඒ කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය පලමු මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ජේආර් සහ කොබ්බෑකඩුව තමයි ඒකට නායකත්වය දෙන්නේ. පළමු ඊළාම් සටන කියන්නේ ඒකට. එහි වඩමාරච්චි මෙහෙයුමේ අවසාන දින දෙක වෙනකොට කොටින් ඇතුලු ඒ සන්නද්ධ කණ්ඩායම් ඉවර වෙන්නම ආවා. ඉන්දිරාගේ පුතා රජිව් ගාන්ධි ගුවනින් පරිප්පු හෙළලා, යුද්ධය නතර කරලා ඇවිත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ඉන්දීය හමුදා ගොඩ බස්සන්නේ ඊට පස්සේ. ඒ අර තමන්ම නිර්මාණය කරපු සන්නද්ධ කණ්ඩායම් නිරායුද කරන පොරොන්දුව පිට. ඉතිං ඔය විජේවීර 'ඉන්දියානු ව්‍යාප්තවාදය' විදියට දකින්නේ ඔය ටික. ඒකට පන්ති පහෙන් වෙනම එකක් නිර්මාණය වෙන්නේ ඒ කාලේ. ඉතිං විජේවීර 1989 දී මිය යනවා.

    හැබැයි ලෝකේ වෙනස් උනා. ඉන්දිරා වගේම රජිව් ගාන්ධිත් මිය යනවා. ජේආර්, විජේවීර, කොබ්බෑකඩුව, ප්‍රභාකරන් මේ කවුරුත් අද නෑ. අලුත් ඉන්දියාව නරසිංහ රාවෝ යටතේ මන්මෝහන් සිං එක්ක 1991 පස්සේ වෙනස් වෙනවා. 2005 න්‍යෂ්ටික ගනුදෙනුව එක්ක ඇමෙරිකාව ඉන්දියාවේ යාලුවෙක් වෙනවා. වෙළෙඳපොළ ආර්ථිකයක් හදා ගෙන ඉන්දියාව වේගයෙන් දියුණු වෙනවා. 2009 කොටි ඉවර වෙනවා. තමන්ගේ සැමියව මරපු කොටි ඉවර කරන දවසේ සෝනියා ගාන්ධිත් අහක බලා ගන්නවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකට ඉන්දියාව කිට්ටු කරනවා. හැමදාම වෙන කවුරු හරි අල්ල ගනියි කියලා බයෙන් හිටපු තැන තමන්ට සම්පුර්ණයෙන් නතු කර ගන්නේ 2022 ආර්ථික අර්බුදයෙන්.

    ඉතිං මෙච්චර කල් ගිහින් ජවිපෙ මේ වෙනකං ඔය ඉන්දියානු විරෝධය කර පින්නා ගෙන ආවා. හැබැයි දැන් ඒක පැත්තකින් තියලා නූතන ලෝකෙට ගැලපෙන්න ටිකක් හෝ වෙනස් වෙන්න පෙළඹිලා තියෙනවා.

    අනික් කරුණුත් ඒ වගේ තමයි. වෙනස් වෙන්න වෙනවා. #රටහදනහරිපාර ට එන්න වෙනවා. වෙන වෙන නම් වලින් කිව්වත්, වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න වෙනවා. අප්ඩේට් වෙන එක වටිනවා. මොකද නැත්නම් ඔවුන්ගේ ටොක්සික් ෆෑන් බේස් එක රටක් හදන අදහස් විනාශ කරනවා. ප්‍රතිසංස්කරණ වලට විරෝධය දක්වලා උද්ඝෝෂණ කරනවා.

    ඉතිං දැන් ටික ටික හෝ මේ ඔවුන්ගේ වෙනස පෙන්වන එක ඒ ෆෑන් බේස් එකේ toxicity එක අඩු කරන්න හේතු වෙයි. අපි කියන ප්‍රතිසංස්කරණම තමයි ඔවුන්ටත් කරන්න වෙන්නේ. වෙන මගක් නෑ. නැත්නම් කාටවත් මේක ගොඩ දාන්න බෑ.

    අපිට පුළුවන්!

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,652
    3,547
    113
    ඉතිං මෙච්චර කල් ගිහින් ජවිපෙ මේ වෙනකං ඔය ඉන්දියානු විරෝධය කර පින්නා ගෙන ආවා.
    මේවා නම් බහුබූත ගොබ්බ කතා. පුලුවන් නම් 2010 පස්සේ jvp එක indian විරෝදී උන තැනක් පෙන්නන .

    2010 කාලේ ඉදන් jvp ඉදියේ indian ලයින් එකේ. ඒක හරිද වැරදිද කියලා මම කියන්න යන්නේ නෑ.
    Political sense නැති උන්ගේ ගොබ්බ කතා.
     
    • Like
    Reactions: haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,390
    52,292

    Dan milco eka amulta denna katha kaloth, SLT eka Jiota dunnoth, tawa monahari adanita dunnoth AKD angilla pukey gahan kata wahan indida?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,330
    741
    113
    මේවා නම් බහුබූත ගොබ්බ කතා. පුලුවන් නම් 2010 පස්සේ jvp එක indian විරෝදී උන තැනක් පෙන්නන .

    2010 කාලේ ඉදන් jvp ඉදියේ indian ලයින් එකේ. ඒක හරිද වැරදිද කියලා මම කියන්න යන්නේ නෑ.
    Political sense නැති උන්ගේ ගොබ්බ කතා.
    ඉන්දියන් විරෝදී වුන තැන් පෙන්නන්න කියන එක නේ අමු ගොබ්බ කතාව. ජෙප්පොන්ගේ පංති 5න් එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ජෙප්පො අද වෙනකන් කියල තියෙනවද උන්ගේ පංතිපහේ ස්තාවරය අදට වලංගු නෑ, විජේවීරයා කියපු කරපුව වලංගු නෑ කියල?? ඉල්මහ විරු සමරුවේ සමරන්නේ ඔය වල්පල්ලට ගිය නායක හැත්ත විතරක් නෙවෙයි, ඒ දේශපාලන මතවාදයත් හරියි කියල උත්කර්ෂයට නංවනවා! ජෙප්පොන්ට වගකීමක් තියෙනව ජනතාව ඉන්දියානු විරෝදයක් මවල උසිගන්නලා දහස් ගානක් වලපල්ලට යවල, අද ඒ ස්තාවරයෙන් ඉවත් වුනා නම් කොන්ද කෙලින් තියාගෙන ඇවිත් ජනතාවට කියන්න. එහෙම නැතුව "2010 න් පස්සේ අපි හොඳ ලමයි, අපි සයිලන්ට් එකේ හිටියා නේහ්" කියන එකා තරම් දේශපාලන අඳබාලයෙක් තවත් නෑ. :D :D
     
    • Like
    Reactions: speedmalli

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,368
    13,695
    113
    වැලිවේරිය
    #අපිට චන්ද එපා රනිල්ට 2048 වෙනකන් මේ රට හදන්න ඉඩ දෙන්න!
    #ලප කොටාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරනු!
     
    ලෝකේ politics වෙනස් වෙනකොට ලන්කාවේ වෙනස් වෙන්න හොද නැද්ද.
    උබලගේ අමු ගොබ්බ තියරි වලට වැඩ කලා නම් අද vietnam කොහොම තියෙයිද?
    Vietnam එවුන් america එක්ක business කරද්දි කිව්වද ho chin min වැරදී කියලා.
    වෙන එකක් අල්ලගනින් බන්. ඉන්දිය සන්චාරේ episode එකෙන් Jvp දිනුම්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,399
    11,453
    113
    United States

    ඡන්දේ නෑ. ජනාධිපතිකමත් අහෝසි කරලා කොහොම හරි රනිල් සර් පුටූවේ ඉන්නයි ලෑස්තිය. මහින් ද අමරවීර අද වොයිස් කට් එකකදි කියනවා, අපි ඉස්සර එදන්ම ජනාධිපතිදූරය අහෝසිකරන මතේ හිටීයලු. එක සැරේට මේවගේ මාතෘකාවක් ගැන කතා කරද්දි හරකා එන්නේ පොල් පැලේ කන්න කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා. ඕනිම නම් මහමැතිවරණයක් තියයි. ඒක්දි බහුතරයක් අය මාලිමාවේ අපේක්‍ෂකයෝ දන්නෙත් නැති ප්‍රශ්නය නිසා මාලිමාවට හිතන තරම් ඡන්ද ලැබෙන එකක් නෑ. මුන් කොහොම හරි එකතු වෙලා 2/3 හොයාගෙන ආයෙත් දැන් වගේම බලය පිහිටුවා ගනීවී
     
    • Sad
    Reactions: beam_tech

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,652
    3,547
    113
    ඕනිම නම් මහමැතිවරණයක් තියයි. ඒක්දි බහුතරයක් අය මාලිමාවේ අපේක්‍ෂකයෝ දන්නෙත් නැති ප්‍රශ්නය නිසා මාලිමාවට හිතන තරම් ඡන්ද ලැබෙන එකක් නෑ. මුන් කොහොම හරි එකතු වෙලා 2/3 හොයාගෙන ආයෙත් දැන් වගේම බලය පිහිටුවා ගනීවී
    FOR POST GENELECT REF
    ඔබේ අදහස් දැක්වීමට ස්තුති
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,330
    741
    113
    ලෝකේ politics වෙනස් වෙනකොට ලන්කාවේ වෙනස් වෙන්න හොද නැද්ද.
    උබලගේ අමු ගොබ්බ තියරි වලට වැඩ කලා නම් අද vietnam කොහොම තියෙයිද?
    Vietnam එවුන් america එක්ක business කරද්දි කිව්වද ho chin min වැරදී කියලා.
    වෙන එකක් අල්ලගනින් බන්. ඉන්දිය සන්චාරේ episode එකෙන් Jvp දිනුම්
    උම්බෑ කියන්න ඉස්සෙල්ල ලියපු එක හරියට කියවගනින්. මෙච්චරකල් දරපු මතවාදේ වෙනස් වුනානම් හොඳයි, හැබැයි කොහෙද කවුද එහෙම කිව්වේ? උඹට රෑට ඇවිල්ල කියල ගියාද අපි දන්නේ නෑ, ප්‍රසිද්ධියේ නම් එහෙම ජනතාවට කියල නෑ. "අපි ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු ව්‍යප්තවාදය ගැන දරපු මතය දැන් අදාල නෑ, ඒ හින්දා ඒක අපි ප්‍රතික්ශේප කරනවා" කියල කොහෙ හරි ටිල්විය හරි අනුරයා හරි කිව්වද? එක එකාට පුන්නක්කු බීලා චූන් වෙලා හීන දකින්න පුලුවන්, හැබයි රියැලිටි එකට මූන දෙන්න.
    ඒ වෙනුවට තාමත් ඉල්මහ සමරුව නම් ජයටම කොරනවා නේ. ඒ මිනීමරුවෝ සමරන කොට කොල්ලෝ හැටදාහක් බාබකිව් කරපු මතවාදේ ප්‍රතික්ශේප වෙනවද? අනේ නිකං පලයං බන් යන්න. දේශපාලනේ ගැන ආ යන්න තියා ලියපු එක හරියට කියව ගන්න බැරි ගොබ්බයෝ අපිට හඳ පෙන්නන්න එනවා. දැන් කියනව විජය මැරුවෙත් උන් නෙවෙයිලු! තේරුම්ගන්න පුලුවන් නේ මුන් අපිව අන්දන්න හදන හැටි!

    වියට්නාමේ ගැන විල්කිපීඩියා එකේ තියෙන මෙන්න මේ ටික ඉන්ගිරිස් තේරෙන කාට හරි කියලා තේරුම් කරව ගන්න, රිෆෝමිස්ට් කියන්නේ ප්‍රතිසංස්කරනවාදියෝ, Ok? ප්‍රතිසංස්කරන ගෙනැල්ලා සෝසලිස්ට් මාකට් ඉකොනොමි ( My ass :D ) එකක් ගෙනාවා කියන්නේ පොලිසි චේන්ජ් එකක් බව තෙරුනාද මංද.

    // At the Sixth National Congress of the Communist Party of Vietnam (CPV) in December 1986, reformist politicians replaced the "old guard" government with new leadership.[167][168] The reformers were led by 71-year-old Nguyễn Văn Linh, who became the party's new general secretary.[167] He and the reformers implemented a series of free-market reforms known as Đổi Mới ("Renovation") that carefully managed the transition from a planned economy to a "socialist-oriented market economy".[169][170] Although the authority of the state remained unchallenged under Đổi Mới, the government encouraged private ownership of farms and factories, economic deregulation, and foreign investment, while maintaining control over strategic industries.[170][171] //
     
    මොනවද බන් කියවන්නේ අගක් මුලක් නැතුව. Wikipedia එකෙන් කෑල්ලක් copy කරලා දාලනේ මූ ටෝක් දෙන්නේ.
    හරියට කියපන් මොකක් ගැනද උබ කියන්නේ කියලා.
    ඉන්දියාව පිලිබද ප්‍රශ්නේ නම්, පැහැදිලිව කියලා තියනවා අදාල කාලේ තිබුන තත්ව අනුවයි තීරන ගත්තේ කියලා.
    උබ කොහෙන් politics ඉගෙන ගත්ත ගොබ්බයෙක්ද මම දන්නේ නෑ. 70s 80s වල ලන්කාව unstable කරන්න ඉන්දියාවෙන් බෙදුම්වාදෙට උදව් කලා. ඒක පෙන්නලා ලන්කාවට හමුදා එව්වා. Thats a fact.
    1991 න් පස්සේ ඉන්දියාවේ ඒ ක්‍රමය වෙනස් උනා.
    ටෝක් දෙන්න කලින් හරියට හොයපන් නිකන් වලිගේ පෙන්නන්නේ නැතුව
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,368
    13,695
    113
    වැලිවේරිය
    ඡන්දේ නෑ. ජනාධිපතිකමත් අහෝසි කරලා කොහොම හරි රනිල් සර් පුටූවේ ඉන්නයි ලෑස්තිය. මහින් ද අමරවීර අද වොයිස් කට් එකකදි කියනවා, අපි ඉස්සර එදන්ම ජනාධිපතිදූරය අහෝසිකරන මතේ හිටීයලු. එක සැරේට මේවගේ මාතෘකාවක් ගැන කතා කරද්දි හරකා එන්නේ පොල් පැලේ කන්න කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා. ඕනිම නම් මහමැතිවරණයක් තියයි. ඒක්දි බහුතරයක් අය මාලිමාවේ අපේක්‍ෂකයෝ දන්නෙත් නැති ප්‍රශ්නය නිසා මාලිමාවට හිතන තරම් ඡන්ද ලැබෙන එකක් නෑ. මුන් කොහොම හරි එකතු වෙලා 2/3 හොයාගෙන ආයෙත් දැන් වගේම බලය පිහිටුවා ගනීවී
    itin api lapa kotage praja ayithiya ahosi karamuko ban...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,480
    7,283
    113
    ඉන්දියන් විරෝදී වුන තැන් පෙන්නන්න කියන එක නේ අමු ගොබ්බ කතාව. ජෙප්පොන්ගේ පංති 5න් එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ජෙප්පො අද වෙනකන් කියල තියෙනවද උන්ගේ පංතිපහේ ස්තාවරය අදට වලංගු නෑ, විජේවීරයා කියපු කරපුව වලංගු නෑ කියල?? ඉල්මහ විරු සමරුවේ සමරන්නේ ඔය වල්පල්ලට ගිය නායක හැත්ත විතරක් නෙවෙයි, ඒ දේශපාලන මතවාදයත් හරියි කියල උත්කර්ෂයට නංවනවා! ජෙප්පොන්ට වගකීමක් තියෙනව ජනතාව ඉන්දියානු විරෝදයක් මවල උසිගන්නලා දහස් ගානක් වලපල්ලට යවල, අද ඒ ස්තාවරයෙන් ඉවත් වුනා නම් කොන්ද කෙලින් තියාගෙන ඇවිත් ජනතාවට කියන්න. එහෙම නැතුව "2010 න් පස්සේ අපි හොඳ ලමයි, අපි සයිලන්ට් එකේ හිටියා නේහ්" කියන එකා තරම් දේශපාලන අඳබාලයෙක් තවත් නෑ. :D :D
    අනේ උඹය් මායි දන්නා පන්ති 5.... :lol: :lol:

    ඡන්දේ නෑ. ජනාධිපතිකමත් අහෝසි කරලා කොහොම හරි රනිල් සර් පුටූවේ ඉන්නයි ලෑස්තිය. මහින් ද අමරවීර අද වොයිස් කට් එකකදි කියනවා, අපි ඉස්සර එදන්ම ජනාධිපතිදූරය අහෝසිකරන මතේ හිටීයලු. එක සැරේට මේවගේ මාතෘකාවක් ගැන කතා කරද්දි හරකා එන්නේ පොල් පැලේ කන්න කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා. ඕනිම නම් මහමැතිවරණයක් තියයි. ඒක්දි බහුතරයක් අය මාලිමාවේ අපේක්‍ෂකයෝ දන්නෙත් නැති ප්‍රශ්නය නිසා මාලිමාවට හිතන තරම් ඡන්ද ලැබෙන එකක් නෑ. මුන් කොහොම හරි එකතු වෙලා 2/3 හොයාගෙන ආයෙත් දැන් වගේම බලය පිහිටුවා ගනීවී
    විධායක ජනාධිපතිකම අහෝසි කරන්න එක පාරම බැහැනේ . පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමතවිචාරණයක් ඕනි. ඒ කියන්නේ අලුත්ම වියවසතාවක් ඕනි. ඊළඟ ජනාධිපතිවරණයට ඉස්සෙල්ල ඔය ඔක්කොම කරන්න වෙලා නැ .
    ------ Post added on Feb 13, 2024 at 6:31 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,399
    11,453
    113
    United States
    අනේ උඹය් මායි දන්නා පන්ති 5.... :lol: :lol:

    විධායක ජනාධිපතිකම අහෝසි කරන්න එක පාරම බැහැනේ . පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමතවිචාරණයක් ඕනි. ඒ කියන්නේ අලුත්ම වියවසතාවක් ඕනි. ඊළඟ ජනාධිපතිවරණයට ඉස්සෙල්ල ඔය ඔක්කොම කරන්න වෙලා නැ .
    ------ Post added on Feb 13, 2024 at 6:31 AM
    රනිල් සර් රට වැසියන් කම්පියුස් වෙලා යන්න වැඩේ කොරයි. අපි නිකමටවත් හිතවද එයා මේ රටේ ජනාධිපතිකමට එයි කියලා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,480
    7,283
    113
    රනිල් සර් රට වැසියන් කම්පියුස් වෙලා යන්න වැඩේ කොරයි. අපි නිකමටවත් හිතවද එයා මේ රටේ ජනාධිපතිකමට එයි කියලා
    රනිල් සර් ට power එක තිබ්බට එළියේ support එක නැ. පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනි , ශ්‍රේෂ්ටධිකරණයෙන් approve වෙන්න ඕනි, election එකක් call කරන්න ඕනි , වැඩ goday .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,390
    52,292
    113
    ලෝකේ politics වෙනස් වෙනකොට ලන්කාවේ වෙනස් වෙන්න හොද නැද්ද.
    උබලගේ අමු ගොබ්බ තියරි වලට වැඩ කලා නම් අද vietnam කොහොම තියෙයිද?
    Vietnam එවුන් america එක්ක business කරද්දි කිව්වද ho chin min වැරදී කියලා.
    වෙන එකක් අල්ලගනින් බන්. ඉන්දිය සන්චාරේ episode එකෙන් Jvp දිනුම්
    Wenas wena eka aulak ne machan, Eth Jeppangei unge set ekei "holier-than-thou" attitude ekai aula tiyenne :yes: :yes:
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,330
    741
    113
    මොනවද බන් කියවන්නේ අගක් මුලක් නැතුව. Wikipedia එකෙන් කෑල්ලක් copy කරලා දාලනේ මූ ටෝක් දෙන්නේ.
    හරියට කියපන් මොකක් ගැනද උබ කියන්නේ කියලා.
    Wiki එකෙන් දැම්මේ හොයාගන්න පුලුවන් ලේසිම තැනින් බැලුවත්, ඔය කියන ප්‍රතිසංස්කරන එක්ක වියට්නාමය ඔෆීසියලි අන්තර්ජාතික ප්‍රජාවට සහතිකයක් දෙනවා කර්මාන්ත සහ ගොවිපල වල පුද්ගලික අයිතිය, ආර්තිකයට රජයේ අතපෙවීම් අවම කිරීම සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනයට. ඒ කියන්නේ වියට්නාම් රජය හෝචිමින්ව සහ සමාජවාදී අර්තික ක්‍රමය ප්‍රතික්ශේප කරනව කියන එක. දැන්වත් තේරුනාද මන්ද! :D :D
    ඉන්දියාව පිලිබද ප්‍රශ්නේ නම්, පැහැදිලිව කියලා තියනවා අදාල කාලේ තිබුන තත්ව අනුවයි තීරන ගත්තේ කියලා.
    අදාල කාලේ අනුව තීරන ගත්තා නම් 71ත් ඉන්දියානු ව්‍යාප්තවාදේ උගන්නලා 88 දිත් ඒක වලංගු වෙන්නේ කොහොමද ? 71 දී සිරිමාවොට ජෙප්පො සමතලා කරන්න උදව් කලේ මාවෝ වාදී චීනයයි වමට බර ඉන්දියාවයි! ඕවා ගිහින් කියපන් තංගල්ල පැත්තේ කොන්ඩේ බැඳපු තැරිදාර ජෙප්පොන්ට!:lol:
    උබ කොහෙන් politics ඉගෙන ගත්ත ගොබ්බයෙක්ද මම දන්නේ නෑ. 70s 80s වල ලන්කාව unstable කරන්න ඉන්දියාවෙන් බෙදුම්වාදෙට උදව් කලා. ඒක පෙන්නලා ලන්කාවට හමුදා එව්වා. Thats a fact.
    1991 න් පස්සේ ඉන්දියාවේ ඒ ක්‍රමය වෙනස් උනා.
    ටෝක් දෙන්න කලින් හරියට හොයපන් නිකන් වලිගේ පෙන්නන්නේ නැතුව
    3hOr.gif

    අනේ උඹ දන්න ජියෝ පොලිටික්ස්! 70 දී නම් ඉන්දියාවට කැසිල්ලක් තිබ්බේ නෑ ලංකාව අස්තාවර කරන්න. ඉන්දියන් ෆොරින් පොලිසි එක ගැන කියවල වරෙන්. ජේ ආර් පප්පාගේ ප්‍රෝ-යැංකි ප්‍රතිපත්ති වලට ඉන්දියාව දුන්න උත්තරය තමයි උතුරේ ත්‍රස්තවාදය. ඔපරේශන් "පවන්": ලංකා ගුවන් සීමාව උල්ලංඝනය කරලා ඉන්දියන් ඒයා ෆෝස් එක අහසින් පරිප්පු දාල IPKF එක ගොඩ බහින්නේ බෙදුම්වාදේ පෙන්නල නෙවෙයි. ඒක අන්තර්ජාතික ප්‍රජාවට පිලිගන්න පුලුවන් හේතුවක්ද ගොන් රජ? නෑ! සුලුතර දෙමල ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම්, ජාතීවාදී ලෙස උල්ලංගනය වෙනවා කියන එක අන්තර්ජාතික ප්‍රජාවට කන්වින්ස් කරලයි ඉන්දියාව උතුරේ කඳවුරු බඳින්නේ. හයියෝ !ගොබ්බයා කවුද කියල පැහැදිලියි. මීට පස්සේවත් මෙහෙම පබ්ලික් පුක්ෂණය නොවී අඩුම ගානේ ඔය පහතින් පෙන්නල තියෙන පොතවත් කියවල වරෙන්. පව් බං උඹ..

    1977955.jpg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,652
    3,547
    113
    Wiki එකෙන් දැම්මේ හොයාගන්න පුලුවන් ලේසිම තැනින් බැලුවත්, ඔය කියන ප්‍රතිසංස්කරන එක්ක වියට්නාමය ඔෆීසියලි අන්තර්ජාතික ප්‍රජාවට සහතිකයක් දෙනවා කර්මාන්ත සහ ගොවිපල වල පුද්ගලික අයිතිය, ආර්තිකයට රජයේ අතපෙවීම් අවම කිරීම සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනයට. ඒ කියන්නේ වියට්නාම් රජය හෝචිමින්ව සහ සමාජවාදී අර්තික ක්‍රමය ප්‍රතික්ශේප කරනව කියන එක. දැන්වත් තේරුනාද මන්ද! :D :D

    අදාල කාලේ අනුව තීරන ගත්තා නම් 71ත් ඉන්දියානු ව්‍යාප්තවාදේ උගන්නලා 88 දිත් ඒක වලංගු වෙන්නේ කොහොමද ? 71 දී සිරිමාවොට ජෙප්පො සමතලා කරන්න උදව් කලේ මාවෝ වාදී චීනයයි වමට බර ඉන්දියාවයි! ඕවා ගිහින් කියපන් තංගල්ල පැත්තේ කොන්ඩේ බැඳපු තැරිදාර ජෙප්පොන්ට!:lol:

    3hOr.gif

    අනේ උඹ දන්න ජියෝ පොලිටික්ස්! 70 දී නම් ඉන්දියාවට කැසිල්ලක් තිබ්බේ නෑ ලංකාව අස්තාවර කරන්න. ඉන්දියන් ෆොරින් පොලිසි එක ගැන කියවල වරෙන්. ජේ ආර් පප්පාගේ ප්‍රෝ-යැංකි ප්‍රතිපත්ති වලට ඉන්දියාව දුන්න උත්තරය තමයි උතුරේ ත්‍රස්තවාදය. ඔපරේශන් "පවන්": ලංකා ගුවන් සීමාව උල්ලංඝනය කරලා ඉන්දියන් ඒයා ෆෝස් එක අහසින් පරිප්පු දාල IPKF එක ගොඩ බහින්නේ බෙදුම්වාදේ පෙන්නල නෙවෙයි. ඒක අන්තර්ජාතික ප්‍රජාවට පිලිගන්න පුලුවන් හේතුවක්ද ගොන් රජ? නෑ! සුලුතර දෙමල ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම්, ජාතීවාදී ලෙස උල්ලංගනය වෙනවා කියන එක අන්තර්ජාතික ප්‍රජාවට කන්වින්ස් කරලයි ඉන්දියාව උතුරේ කඳවුරු බඳින්නේ. හයියෝ !ගොබ්බයා කවුද කියල පැහැදිලියි. මීට පස්සේවත් මෙහෙම පබ්ලික් පුක්ෂණය නොවී අඩුම ගානේ ඔය පහතින් පෙන්නල තියෙන පොතවත් කියවල වරෙන්. පව් බං උඹ..

    1977955.jpg
    එහෙන් මෙහෙන් හෑල්ලක් ලියලා දැම්මට අහපු දේට උත්තර නෑනෙ බන්. රනිල්ටම හරියන ගොන් බය්යෙක් මූ.
    70s කිය්න්නෙයි 70 කියන්නෙයි එකක්ද?
    Human rights violate වෙනවා කියල තමයි උන් එන්නේ. එහෙම තමයි රටවල් ඇතුලට රින්ගන්නේ. ඊට කලින් ඒකට අදාල background එක හැදුවා tamil groups හද්ලා. Wikipedia එකේ තියන එකෙන් ටෝක්ස් දෙන මරු ගොබ්බයෙක්.
    සරලව පහල ප්‍රශ්න වලට උත්තර දීපන්

    දැන් තෝ කියන්නේ ඉන්දියාව ලන්කාවට හමුදා එවලා කරපු මැදිහත් වීම හරිද වැරදිද?

    ඒකට විරුද්ධ වෙන එක හරිද වැරදිද?

    බලවත් රටවල අක්‍රමනශීලි ප්‍ර්තිප්ත්ති වෙනස් වෙද්දී, අපේ වගෙ රටවල ඒ රටවල් එක්ක ගනු දෙනු කරපු විදිය වෙනස් වෙන්න ඕනේ නැද්ද

    එහෙම වෙනස් කලා කියන්නේ ඒකේ තෙරුම ඉන්දියානු ව්‍යප්තවාදයක් තිබ්බේ නෑ කියන එක නෙමේ
     
    • Like
    Reactions: u_make_me_sick_