කර්නර්ගේ අරගලය
1. උදේ අරගලයට ආවා.
2. කොල්ලො අරගල කරල ගේම ඉල්ලන කොට පස්සෙ ඉදන් ලයිව් දි දි හිටියා.
3. ලයිව් එක අතරතුර, "පොඩ්ඩක් ඉන්න අපි කදුලු ගෑස් කාලා එන්නම් " කියලා ඉදිරියට ගියා.
4. ආයෙත් ඇවිත් ලයිව් එකක් දුන්නා. ජීවිතේ ප්‍රථම වතාවට කදුලු ගෑස් කෑ බවත් ප්‍රකාශ කලා. ආයෙත් කදුලු ගෑස් කන්න යන බව ප්‍රකාශ කලා.
5. සිංහයෝ වගේ තමන්ගේ ගෝලයෝ විස්සක් තිහක් එක්ක දෙරණට ගියා.
6. දෙරණ ජාතියෙන් සමාව ගත යුතු බව සිංහ සෙයියාවෙන් ප්‍රකාශ කලා.
7. හතර දෙනෙක් දෙරණ ඇතුලට ගියා. උන්ට ලයිව් ප්‍රොග්‍රෑම් එකක ඉඩ ලැබුනා විතරයි, "සමාව ගැනීම" අමතක වුනා.

දිගට හරහට විපක්ශෙට නෙලන්න ගත්තා.
8. අරගලයේ නිර්මාපකයන් බව එත්තු වෙන්න එක එක කතා කියන්න ගත්තා. මයික් ටයිසන්ල වගේ.
9. කලුවර වෑටී එනකොට 7 ට වගෙ කස්ටිය විසිරුනා.
ඒ වුනාට අරගලයේ නිර්මාපකයන් ඔවුන්ලු. දිශානතිය දෙන්නෙ ඔවුන්ලු.
මහජනතාව තාම අරගලේ. ගෝටා ගිහින් වත් නෑ. රනිල් තාම අගමැති.
අරගල නිර්මාතෘ කර්නර් නම් ගෙදර ගියා.