මේ කඩේ හම්බ උනේ හොරොව්පතාන අනුරාධපුර පාරෙදී. හොරොව්පතාන පහුවෙලා අනුරාධපුර පැත්තට ටික දුරක් යනකොට. රෑට මෙතනින් යන ලොරි වලට කෑම සපයන පොඩි කඩයක්.
මෙහම පොඩි කඩ වල ගමේ ගොඩේ කෑම හරිම රසයි. ගෙදර උයපු රහ...
හැම තැනම තියෙන පොල් රොටි වගේ නෙවෙයි, මෙතන තිබුනා පොල් දාපු, තුනීයට හදා ගත්ත කර කර ගාන්න කරවුන නියම ගෙදර හදා ගත්තා වගේ ගමේ රොටියක්. ඒක කන්න අමුමිරිස් තලපු ලුණු මිරිසක්.
ඉඳි ආප්ප කන්න අල සහ හාල් මැස්සේ කිරට උයපු හොද්දක්. සම්බෝලේ රතට රතේ සැරට.
ආප්ප දාන්නේ ලොකු ඇතිලි වල. හොඳ සයිස් එක. පුංචි නෑ. රසය ගමේ ගෙදර රහමයි. ප්ලේන්ටිය දර ලිපේ.
මේක නියම බුෆේ එකක්. ගමේ රහට, ලෝබ නැතිව. අපි 5 දෙනෙක් හොඳට කාලා අපිට ගියේ 1500/= යි. නැවුම්ව හදපු උණු උණුවේ පිළිගන්වන ගමේ කෑම වේලක් ඒ ගාණට මරු.
කාලෙකින් හීනයක් හැබෑ උනා වගේ. මෙහෙම ගමක පාරේ අයිනේ පුංචි පැළක අටව ගත්ත පුංචි කඩේක ජීවිතේ හොයන හොඳම රහවල් තිබුනා.
කරුණාවන්ත මුදලාලි සහ ඔහුගේ නෝනා ලබා දුන්න පාරිභෝගික සේවයත් ඉස්තරම්.
ගෙදරම කඩේ තියෙන නිසා අඩු වියදමෙන් මේක දුවන්න පුළුවන්. කඩ කුලියක් නෑ. දර ටික සහ මිරිස් පොල් ටික වත්තෙන්. ශ්‍රමයත් ගෙදර සාමූහිකව බෙදෙනවා. ප්‍රවහන වියදම් ආදිය අඩුයි. ඒ නිසා අඩු වියදමෙන් මේ කෑම ලබා ගැනීමට ලැබීම පාරිභෝගිකයා ට වාසියක්. හැබැයි නගරේ මෙච්චර අඩුවට මේ වැඩේ කරන්න බෑ. එතන ආර්ථික ක්‍රියාවලිය වෙනස්.
ඔවුන් දවසක දියුණු වේවි.
ජයවේවා !
පැතුම් කර්නර්
#reviewedbypathumkerner