මම කලින් දවසක එළකිරි එකේ දාපු ත්‍රෙඩ් එකකට පොස්ට් එකක් දාලා තිබුනා මාළු ඇඹුල් තියල් හදන්නේ කොහොමද කියලා අහලා. ඉතින් ඔය පහල පින්තුර වල තියෙන්නේ මම මේවා හදන විදියට. කොහොමත් මම හිතන්නේ අපේ රටේ කෑම වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් දේ තමයි මාළු ඇඹුල් තියල් කියන්නේ.
මාළු ඇඹුල් තියල් වලට ගොඩක්ම හොද අලුත් බල මාළු. බල මාළු කන්නේ නැති අය ඉන්නවා නං කෙලවල්ලෝ හෝ තලපත් හොදයි.
මාළු වල මිල බලද්දිත් බල මාළු මිල සාපේක්ෂකව සැලකිය යුතු ලෙස මිල අඩුයි කෙලවල්ලෝ සහ තලපත් මාළු වලට වැඩිය. තලපත් මාළු තමයි ලංකාවේ සාමාන්‍ය වෙළද පොලේ ගොඩක් වෙලාවට මිල ඉහලම. මේ දවස් වල කටු රහිත හොදම තත්වයේ තලපත් කිලෝ එකක් රුපියල් 2800 ක් වගේ වෙනවා සිල්ලරට ගන්නවා නං.
පෑලියගොඩ මාර්කට් එකේ ඊට අඩුයි.
ඉතින් මම මේ පාර තලපත් මාළු කිලෝ තුනකින් ඇඹුල් තියල් හැදුවේ, මාළු කිලෝ තුනක් කටු රහිතව තෝරා ගෙන කාලි කපාගෙන ගෙනවා. තලපත් වගේ මාළු කිලෝ එකක් කෑලි 20 කට කපන්න පුළුවන්.
ඊට පස්සේ මාළු ටික හෝදලා වතුර බේරෙන්න තියන්න. ඒ අතර තුරේ ගොරකා පේස්ට්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකට අනා ගන්න. මම නං මාළු කිලෝ තුනට දැම්මේ ගොරකා පේස්ට් ග්‍රෑම් 250 ක්. ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු රස පදමට.
ඊට පස්සේ හෝදාලා වතුර බේරෙන්න තියපු මාළු ටිකට අර අපි කලින් හදා ගත්තු ගොරකා, ලුණු, ගම්මිරිස් මිශ්‍රණය දාලා හොදින් මාළු එක්ක මිශ්‍ර කරන්න.
ඊට පස්සේ ගන්න මැටි වළඳක්. එකේ අඩියට කෙසෙල් කොළයක් දමන්න. පහල පින්තුරක් තියෙනවා.
ඊට පස්සේ ඊට උඩින් රම්පෙ කොළ තීරුවක් අතුරන්න.
ඊළගට අපේ මාළු මිශ්‍රණය අරගෙන එකින් එක වළඳේ අහුරා ගන්න පහල පින්තුරයේ පරිදි.
ඊළගට මේක උඩින් කරපිංචා අතු කිහිපයක් දාන්න.
ඉලට කෙසෙල් කොළයකින් වළඳේ කට වහලා මැටි පියනකින් වළඳ වහන්න.
ඊලගට අඩු ගින්දරේ පැය දෙකක් පමණ පිස ගන්න. සරින් සැරේ පියන ඇරලා බලන්න. වතුර ගතිය හිඳෙනකන්ම තියන්න.
ඔය තියෙන්නේ එහෙම හදා ගත්තු මාළු ඇඹුල් තියල්.
දර ලිපේ රැයක් එළිවෙනකන් ගිනි රස්නෙට තියලා තමයි ඉස්සර මේක හැදුවේ. දැන් නං මම හදන්නේ ඔහොම ගෑස් ලිපේ.
මේක අද හදනවා නං හෙට ඉදලා තමයි කෑමට වඩාත් රස.
උණු උණු දුම් දාන සුදු බත් එක්ක මාළු ඇඹුල් තියල්, කොටා ගත්තු පොල් සම්බෝලයක්, කිරි හොද්දක් තියෙනවා නං නියම ශ්‍රී ලාංකේය රස කෑමක්.
- මාගේ වෙනත් ත්‍රෙඩ් -
2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්
3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
5) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්
6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්
8) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල
9) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?
10) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්
11) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්
12) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
13) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්
14) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්
15) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
16) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්
17) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්
ස්තුතියි.

1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්