පැතුම් මල් සුපිපේ...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පැතුම් මල් සුපිපේ...

    divine-comfort.jpg




    ~'~
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ,
    දෙව් විමන් අතරේ...
    පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ,
    පැතුම් මල් සුපිපේ...
    සේද වන් කිරිසිනා පුතු මුවේ ඈ‍ඳෙනා,
    සුන් කරයි මා වේදනා...

    රන් විමන් දු‍ටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ?
    නන් සැපෙන් පිරවීද නිදි දුව ඒ සිහින විමනේ?


    මපුතු සිහිනේ අඳින දෙවිඳේ,
    මුලා නොකරන් මා පුතුන්...
    නොමැත සුව නිදියහන් පුතු හට,
    නොම මවනු මැන ඒ දසුන්...
    තරුවල් ගොතා සඳ කැන් මතින්,
    සතපන්න පුතු හැකිනම්...

    දෙව් ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ..?
    මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්..?


    ඇගේ දෙ අතේ නිදන් පුතුනේ,
    නොම සොයනු අවදිව මවුන්...
    සුව නොමැත මා පහස ඇගෙ මෙන්,
    රලු උනේ උරතල බරින්...
    මාලොව පහන් කල රන් පුතුන් ඔබ,
    රකිමි දිවි හිමියෙන්......
    ~'~


    හිතට අවෙ ලිව්ව හොදනම් රැප් එකක් දෙන්නකෝ​
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මට ඇහිල තියෙනව මේ සිංදුවම සංගීත් විජේසූරිය කියල තියෙනව ව‍ගේ:confused:
    උඹට හොදට ලියන්න පුලුවන්නෙ, උඹද ඒක සංගීත්ට ලියල දුන්නෙ:):)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට ඇහිල තියෙනව මේ සිංදුවම සංගීත් විජේසූරිය කියල තියෙනව ව‍ගේ:confused:
    උඹට හොදට ලියන්න පුලුවන්නෙ, උඹද ඒක සංගීත්ට ලියල දුන්නෙ:):)


    ah ah... :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: