පැතුම් 2023 ට ඉලක්කයක් දෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලය ඉවර ද?

    නැත.

    අරගලය තුල සුවිශේෂීම කරුණ නම් ඒ තුල වූ මතවාදී ගුණය ය. ලංකාවේ පළවෙනි වරට එය සාමකාමී වූයේය; අවිහිංසාවාදී වූයේ ය; නායකයෙකු හෝ සංවිධානයකින් තොරව ජනතාව අතරින් බිහි වූයේ ය.

    එනිසාවෙන්ම මෙතෙක් පැවති අරගල මෙන් නොව එය සාර්ථක වුයේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනාධිපති වරෙයෙකු ගෙදර යැව්වේ ය. රජෙකු හෝ අග්‍රාණ්ඩුකාරයෙකු පලවා හැරීමට අසමත් වූ ජාතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සිටිමින්, ජනාධිපතිවරයෙකු පලවා හැරියේ ය. ලෝකයේ කිසිදු රටක මෙන් නොව එම ජනාධිපතිවරයාට සිය මව් රටට පැමිණීමට යළි අවස්ථාව ද ලබා දුන්නේ ය.

    දැන් ඇත්තේ විවේක කාලයකි. අරගලයේ මීළඟ අදියරක උණුසුම දැනෙමින් තිබේ. මේ දේශපාලන ක්‍රමය අවසන් කරන තුරු රටේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවන බව සක් සුදක් සේ පැහැදිලි ය. එය කර ගන්නා තුරු අර්බුදය අවසන් නොවේ. අර්බුදය අවසන් වන තුරු අරගලය අවසන් නොවේ. එබැවින් ආයේ ආයේත් අරගලය ඉස්මතු වීම නොවැළැක්විය හැකිය.

    අරගලයේ මීළඟ ඉලක්කය විය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම හෙවත් රෙජීමය බිඳ ගැනීම ය. රාජපක්ෂ රෙජීමය බිඳීම තවමත් ඉතිරිය. එය සාර්ථක කර ගන්නා තුරු අරගලය අසම්පූර්ණය.

    මීට පෙර අරගලය තුල වූවා මෙන්ම අරගලය සතු ප්‍රධාන ගුණයන් රැක ගැනීමට අප කටයුතු කල යුතුය. එහි තුල වූ අවිහිංසාවාදය, සාමකාමීත්වය, සංවිධානයක් නොමැති කම මෙන්ම නායකත්වය නොමැති කම පැවතුණහොත් පමණක් එය සැබෑ මහජන අරගලයක් ලෙස පවතිනු ඇත.

    මිනිස්සු පාරට බැස අරගල කිරීමේ වාසිය රැගෙන යෑමට විවිධ පක්ෂ උත්සාහ කිරීම ස්වාභාවිකය. ඔවුන් මීට පෙර ද ඒ සඳහා උත්සාහ කල බව පැහැදිලිව දකින්නට තිබිණ. මෙය පංති අරගලයක් බව ඔවුන් කියනු ඇත. මෙය අධිරාජ්‍යය වාදයට එරෙහි සටනක් බව , බටහිරට එරෙහි සටනක් බව ඔවුන් කියනු ඇත. එහෙත් මෙහි එවන්නක් නොමැත. මේ දූෂිත දේශපාලන ක්‍රමයකට එරෙහි සටනකි. මේ සටන පංතියකට සීමා වී නැත. එය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම සටනකි.

    සන්නද්ධ අරගල කොට පරාජිත වූවන් පෙරමුණ ගැනීමෙන් මේ අරගලය සාර්ථක කර ගත නොහැකිය. මෙය ජය ගත හැක්කේ නව ලෝකයට ගැලපෙන අලුත් චින්තනයකින් යුතු නායකයෝ පෙරමුණ ගැනීමෙනි. ජනතාව අවිහිංසාවාදයේ රාමුව තුල ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් කරා ගෙන යෑමෙනි. එබැවින් අරගලයේ නාමයෙන් සිය දේශපාලන ගමන යෑමට සැරසෙන දේශපාලන පක්ෂ වල රැවටීම් වලට හසු නෝවී මෙතෙක් පැවතියාක් මෙන් අරගලය නිර්පාක්ෂිකව තබා ගැනීම ඔබට බාර ය. එය නිර්පාක්ෂිකව තිබෙන තාක් කල් පුළුල් මහජන සහභාගීත්වයෙන් පණ ගසා නැගිටීමට අවශ්‍ය ජීව ගුණය එතුල ආරක්ෂා වෙනු ඇත.

    අරගලය ආරක්ෂා කර ගන්න.

    #DissolveSLParliament2023

    පැතුම් කර්නර්
     
    • Dislike
    Reactions: rasidass

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    OP0v47m.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පැතුම් අරගලයේ නායකයා වෙන්න ගිහින් ගුටි කාපු හැටි අමතක වෙලා 🤣🤣
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    එබැවින් අරගලයේ නාමයෙන් සිය දේශපාලන ගමන යෑමට සැරසෙන දේශපාලන පක්ෂ වල රැවටීම් වලට හසු නෝවී මෙතෙක් පැවතියාක් මෙන් අරගලය නිර්පාක්ෂිකව තබා ගැනීම ඔබට බාර ය. 🥸🥸🔥👍