දේශබන්දු ගේ යුක්තිය මෙහෙයුමට ලන්සලා ඇතුළු කුඩු මෙරටට ගෙන්වන තෝරු මෝරු අහු වෙන්නේ නැත්තේ කියලා ගොඩක් අය ඇහුවනේ. ඒක මේ වගේ.
කුඩු හෝ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළක් සකස් වෙලා තියෙන්නේ ස්ථර 5 කින්. අපි ඒ ස්ථර ටික අරගෙන බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා.
ඕකේ පහළම පලවෙනි ස්ථරය තමයි street level vendor කියන එක. ඒ කියන්නේ පහළම තැන. බොහෝ විට කුඩු ගහන පාරිභෝගිකයා ඒක මිළදී ගන්න ගමේ පොට් එක. ඒක ඕන තැනක් වෙන්න පුළුවන්. සමහරු කුඩු බීලම එක අඩියක් උසස් වීමක් ලබලා ඉතා කුඩා මට්ටමේ අලෙවි කරන්නෙකු බවට පත් වෙනවා. ඔවුන් තමයි මේ ජාලයේ customer interface එක..
මෙතනින් ඔබ්බට තියෙන ඊළඟ තට්ටු දෙක බොහෝ විට ප්‍රාදේශීය distributors chain එක. ඒ කියන්නේ එක එක පළාත්, ප්‍රදේශ වල ඉන්න ඒ ටිකේ මාකට් එකට බඩු ටික ගේන කට්ටිය. මේ ටිකේ ඉන්නේ අර street vendors ලට බඩු බෙදන කට්ටිය සහ ඒ අයට ප්‍රධාන සැපයුමෙන් බඩු අරගෙන දෙන සෙට් එක.
කුඩු ලංකාවට එන තැන් වලින් රට පුරා බෙදා හරින ජාල තිබෙනවා. සමහර විට දුර ගමන් සේවා බස් රථ වල මේවා යන්නේ. බස් වල හොරට හදපු පුංචි රහස් කුටි තියෙනවා මේ වැඩේටම. සමහර විට ලොරි වෙන්නත් පුළුවන්.
මේ ජාල බලා ගන්න, ඒවා එකිනෙකා කළමනාකරණය කර ගන්න, සැපයුම් ජාලය නඩත්තු කර ගන්න ඉන්න සෙට් එකක් ඉන්නවා. ඒ අය ලෙවල් 3 වලට දාන්න පුළුවන්. මේ ලෙවල් 3 එකේ කට්ටිය තමයි ඩුබායි වල ඉඳගෙන ෆෝන් වලින් බඩු අදාල තැනට ඩිලිවරි වෙන එක මැනේජ් කරන්නේ. සමහර විට ඇෆ්ගනිස්තානයේ පකිස්තානයේ සිට ලංකාවට බඩු එන එක, ඒ එන ඒවා රටේ ප්‍රාදේශීය ලෙවල් 2 එකේ කට්ටියට යන එක, සැපයුම් ජාලය නඩත්තු කර ගැනීම් වගේ දේවල් ඔවුන් කරන්නේ.
ලෙවල් 4 එකට එන කොට තමයි පාතාලේ නම් දරාපු ලොක්කෝ ටික එන්නේ. වෙලේ සුදා, කන්ජිපානි ඉම්‍රාන්, ගනේමුල්ලේ සංජීව, මාකඳුරේ මදූෂ් ඔය වගේ නම් කාලෙන් කාලෙට මතු වෙන්නේ ඒ අයගේ. මේ අය තමයි කුඩු වෙළඳමට අවශ්‍ය පතාල අවි බලය සපයන්නේ. මේ අය රටේම නෙට් වර්ක් එක තමන්ගේ අතට ගන්න බලනවා. මේ අයත් අනිත් ලෙවල් වල වැඩ කරලා උඩට ආපු අය. ක්ෂේත්‍රය ගැන දැන ගෙන, ඒකේ පාලනයට ටික ටික ඉහළට ආපු අය. ආපහු හැරිල යන්න බැරුව ඒකෙම හිර උන අය. සමස්ථ මෙහෙයුම් ජාලයම පාලනය කරන්නේ මේ අය. හැබැයි මේ හැමෝගෙම ආයුෂ හරි කෙටියි. ඉක්මනින් මැරෙනවා. වෙන කෙනෙක් ප්‍රමෝට් වෙනවා.
අන්තිම ලෙවල් එක තමයි ලංසලා ඉන්නේ. හැමෝම ලංසා ගැන දන්නවා උනාට, ඒ ලෙවල් එකේ තව නොදන්න අය ඉන්නවා. ඔවුන් කිසි විටෙක එළියට නිරාවරණය නොවන අය. අනිවාර්යයෙන් දේශපාලන බලය තිය ගෙන ඉන්න, පොලිසියේ ආරක්ෂාව ලබන අය. ඔවුන් සෘජුවම ගනුදෙනු කරන්නේ ලෙවල් 2 එකේ ඉන්න පාතාල නායකයින් සමග පමණයි. ඔවුන් තමයි ලෝකේ තියෙන ප්‍රබල කුඩු කාටල් එක්ක ගනුදෙනු කරන්නේ. ඕඩර් දාන්නේ. ගේන්නේ. ඔවුන් තමයි සියල්ලන් නටවන්නේ. හැබැයි ඔවුන් ලඟට අභියෝගයක් වෙලා අර ලෙවල් 4 ඉන්න කට්ටියට බේරෙන්න බෑ. යම් කිසි අයුරින් අභියෝගයක් වෙච්චි ගමන් හිරේට දානවා, මරණවා. ඒ මරණ වලට ජනතාව කැමති වෙන විදියට ලොකු පාතාල නායකයෙක් මැරුවා කියලා කතාවක් එක්ක මරණවා.
මම හිරේ හිටපු දවස් ටිකේ ඔය ලෙවල් වලින් ලෙවල් 3 වෙනකං කට්ටිය එක්ක ආශ්‍රය කළා. ඒ කූඩු වලට මදුෂ්ල, කොස්ගොඩ තාරකලා ඉඳලා ගිහිල්ලා තිබුනා. හැබැයි ලෙවල් 5 කවුරුත් ඇවිත් ගිහින් තිබුණේ නෑ.
ටිරාන් සහ දේශබන්දු ගේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ ඔය කුඩු පාරිභෝගිකයන් සහ street level vendors හෙවත් ලෙවල් 5 වෙනකං විතරයි. එතනින් උඩට යන්න බෑ. එකක් කලින් බැඳීම් නිසා, අනික ඒ ලෙවල් එකෙන් උඩට ගියොත් මැරුම් කන්න වෙනවා.
ලෝකයේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 500 ක් පමණ වෙනවා. නීතිය උපරිමයෙන් තියෙන රටක පවා මත්ද්‍රව්‍ය තිබෙනවා. අපරාධ අවමව තියෙන සිංගප්පූරුවේ, ජපානයේ පවා මත්ද්‍රව්‍ය වෙළෙඳපොළක් ක්‍රියාත්මක වෙනවා. ඒ සැපයුම් ජාලා එතරම් ප්‍රභලයි. ඒ නිසා මතින් තොර රටක් හෙව්වට මේ ලෝක තලයේ එහෙම එකක් හම්බෙන්නේ නෑ. හොඳම උපක්‍රමය ලෙස දැන් ඔප්පු වෙලා තියෙන්නේ පාරිභෝගිකයා ඒ වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීම, පුනරුත්ථාපන වගේ විසඳුම්. කුඩු නෙට්වර්ක් එකට ගහලා ඒක පාලනය කරන්න බෑ. එකක් බිඳින කොට තව එකක් උපදිනවා. එකෙක් මරණ කොට තව දෙන්නෙක් ප්‍රමෝට් වෙනවා.
දේශපාලකයත් මේ වගේ. පාර්ලිමේන්තුව කුඩු කරලා, 225 එලවලා ඒක විසඳන්න බෑ. මොකද එක් කෙනෙක් යන කොට තව දහ දෙනෙක් බලාගෙන ඉන්නවා ඒ තැන ගන්න. ඒ නිසා වෙනස් කරන්න පුළුවන් පාරිභෝගිකයා හෙවත් පුරවැසියා පමණයි. ඒ නිසා දේශපාලනයට බැන බැන ඉන්නේ නැතුව තමන් වෙනස් වෙන්න.
පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත