CONTAINER SHIPS යටතේ වර්ග කරලා තියෙන PANAMEX, POST PANAMEX, SUEZMAX, POST SUEZMAX හා POST MALACCAMAX ගැන තමයි දැන් විස්තර කරන්නේ....
මේ PANAMEX කියලා හඳුන්වන්නේ ඇත්තටම මිනුම් ඒකකයක් මිසක් නැව් වර්ගයක් එහෙම නෙවෙයි....... ඒ කියන්නේ මේක සම්බන්ධ “පැනමා ඇල” එක්ක නිසා..... පැනමා ඇල කියන්නේ කිලෝමීටර 77.1ක් දිග අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය සම්බන්ධ කරන ඇලක්....... (මෙහෙ තියෙන ඇලවල් ගානට දාලා හිතන්න එපා මේක නැව් යන ඇලක්.....) ඉතිං මේ ඇලෙන් අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය සම්බන්ධ උනාට මේ සාගර දෙකම තියෙන්නේ ඇලට වඩා පහතින්..... හත්ඉලව්වේ මුහුදේ ඉඳං නැව් කොහොමද එහෙනං ඇලට ඇතුළුවෙන්නේ එහා පැත්තේ මුහුදට යන්න......? මුහුදේ කොහෙද කඳු පල්ලම්....... ඔන්න ඔතනදි තමයි දිය අඟුල් කියන දේ (මේකට කියන සිංහල වචනේ මේකමද කියලානම් දන්නේ නෑ......) උදව් වෙන්නේ..... අපි පඩි පෙලක් නැග නැග උඩට යනවා වගේම පඩි බැහ බැහ පහලට බහිනවා වගේම සිද්දියක් තමයි නැව් වලටත් පැනමා ඇලේදී කරන්න වෙලා තියෙන්නේ....
![]()
![]()
වඩාත්ම පැහැදිලි වෙයි මම හිතන්නේ මේ රූපේ බැලුවාම.....
![]()
ඉතිං මෙහෙම තියෙන දිය අඟුල් (WATER LOCKS) වලින් හැම නැවකටම යන්න බෑනේ....... (හරියට මියා යන තැනින් අලියාට යන්න බෑ වගේ......) පේනවානේ කොහොමද ගමන කියලා.....
![]()
ඒ නිසා PANAMA CANAL AUTHORITY කියන අය හැදුවා නීති රීති ටිකක් නැව් වලට...... ඒ කියන්නේ එයාලා නියම කරා මෙච්චර මෙච්චර දිග, පළල, උස හා බර තියෙන නැව් වලට විතරයි මේ පැනමා ඇලෙන් එගොඩ මෙගොඩ වෙන්න පුළුවන් කියලා.... ඒ කියන්නේ.......
දිග - අඩි 950කට අඩු හා පළල - අඩි 106කට අඩු (ප්රධානම සුදුසුකම් ඉතිං මේ දෙකනේ.....)
ඔන්න ඒ සුදුසුකම් සපුරලා තියෙන නැව් තමයි මේ PANAMEX කියන කොටසට වැටෙන්නේ.......
එතකොට POST PANAMEX කියලා කියන්නේ මේ මිනුම් වලට වඩා විශාල නැව් වලට..... ඒවාට පැනමා ඇල සුම්මා තමයි.......
watapitawa nam maru.aith cross karanna asaimama keepa sarayak cross karala theyanawa.
lock gates 3k theyanawa
Gatun Locks
Pedro Miguel Locks
Gatun Locks
ea locks waladi train engine 4kin thami nawa issarahata passata adan yanne.
watapitaawa maarama lassanai

watapitawa nam maru.aith cross karanna asai![]()



උඹත් shipping ෆීල්ඩ් එකේද ඉන්නේ.......?![]()