පැනලා ගිහින් හමාරයි

lostlife

Member
Sep 29, 2013
202
39
0
පැනලා ගිහින් හමාරයි

දිනක් පිස්සන් කණ්ඩායමක්, පිස්සන් කොටුවෙන් හොර රහසේ පැන යාමට සැලසුම් කළහ. කෝකටත් කල් තියා ඊට පෙර පුහුණුවක් ලබා ගැනීම සුදුසු යැයි කල්පනා කළ ඔව්හු පැන යාමට නියමිත දිනයට පෙර දින රාත්‍රියේ කිහිප වරක්ම පිස්සන් කොටුවේ විශාල තාප්පයෙන් එහා මෙහා පනිමින්, පැන යාම සඳහා විධිමත් පෙර පුහුණුවක් ලබා ගත්හ.

stickman_jumping_over_a_wall__by_awsomem-d4w4b8o.gif


අත්හදා බැලීම හිතුවාටත් වඩා හොඳින් සාර්ථක වූ බැවින් ඉතා සතුටට පත් වූ පිරිස, පැන යාම පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව එදින නින්දට ගියහ.

එදින මැදියම් රැයේදී ඇද හැලුණු දැඩි වර්ෂාව නිසා තරමක් අබලන්ව පැවැති පිස්සන් කොටුවේ විශාල තාප්පය තෙතබරිත වී පොළවට ඇද වැටුණේ ය.

images


පසුදා පැන යාමට සැරසුණු පිස්සන් කණ්ඩායම, තාප්පය දෙසට යන විට, පෙර දින රාත්‍රියේ තමා දුටු විශාල තාප්පය තවදුරටත් එහි නොමැති බව දුටු අතර, එහි සිටි නායක පිස්සා මහත් ශෝකයෙන් යුතුව මෙසේ පැවසී ය.

යාළුවනේ, හරිම කණගාටුයි. තාප්පය නැති නිසා අපිට පැනලා යන්න විදියක් නෑ, අපි ඒ වැඩේ කැන්සල් කරමු.

images


කතාව හොදයි නම් රෙප්+ එහෙමත් දෙන්න හොන්දේ :)