පැපරාසියන්ව හොයලා මරනවා-කුඩු මර්වින්
2011 නොවැම්බර් 20 වෙනි ඉරිදා, 18:36 1 Comments
රටේ වැදගත් උගත් මිනිසුන්ට අපහාස කරන පැපරාසියෝ නම් මාධ්‍යවේදීන් ජාතියක් ඇති බවත්, මල් ශාලාවකට ගොස් කරුණාකර පෙට්ටියක් වෙන්කරවා ගන්නා ලෙස තමන් ඔවුන්ට පවසන බවත් මහජන කටයුතු සහ මහජන සබඳතා අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
අද (20 ඉරිදා) කටුනායක ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"මාධ්‍යයේ ඉන්නවා පැපරාසියෝ කියලා ජාතියක්. උන්ගේ ඇඩ්රස් දන්නෙ නෑ මම. උන්ට මං කියන්නේ මෙච්චරයි. උඹලාගේ ඇඩ්රස් දන්නවා නම් මල්ශාලාවට ගිහිල්ලා බුක්කරගනිල්ලා කරුණාකරලා පෙට්ටියක්. ඉන්නවා මේකේ හොරු ටිකක් මේ රටේ වැදගත් උගත් මිනිස්සුන්ට අපහාස කරන, නොයෙක් දේ බොරු මවාපාන, රාජ්‍යයන්ට විරුද්ධව කටයුතු කරන, ඩොලර්වලට යටවෙච්ච පාහරයෝ ටිකක් ඉන්නවා. මං සොයනවා උන්ව. මටත් විරුද්ධව එක එක දේවල් දානවා. මට කමක් නෑ. මං ගමෙන් ආව මිනිහෙක්. මං හඳපානේ නරි අල්ලපු මිනිහෙක්. ඒ නිසා මං නරිය ගැනත් දන්නවා අලියා ගැනත් දන්නවා. බල්ලා ගැනත් දන්නවා. ඒක නිසා කොටන කුකුළට මොන කොටුවත් එකයි. මට කොටන්න හිතුනොත් ඕන කොටුවක මම සෙල්ලම් කරන්න සූදානම්. ඒ මගේ උප්පත්ති ගතිය."