දමිල හදවතට ගිනි තබා වසර 44යි.

gehanl

Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    FB_IMG_1748822687768.jpg
    යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 44කි. 1950 දශකයේ ආසියාවේ තිබූ විශාලතම පුස්තකාලය ලෙස වැජඹුණු මහා දැනුම් ගබඩාව දැවී අලු වන විට එහි ග්‍රන්ථ ලක්ශයකට ආසන්න ගණනක් තිබිණ. අනාගත දූදරු පරපුරේ ඥාන ගවේෂණය උදෙසා ආරක්ෂා කළ, මිල කළ නොහැකි බුද්ධි සම්භාරයක් ඒ ගිනි දැල් අතරට එක්විය.

    සිංහල දේශපාලන බල ලෝභය විසින් ගිනි තැබූ දමිල බුද්ධියේ කැඩපත සිය දැස් ඉදිරිපිට දැවී අලුවී යනු බලාසිටි නිහඬ සාක්ශිකරුවකුගේ හෘද සාක්ශිය විමසන්නට අපට හැකි විය...

    ඔහු ඒ.ඩී.ඩබ්ලිව් සිරිමාන්න මහතාය. යාපනය මහ නගර සභාවේ සේවය කල අවසාන සිංහල සේවකයාය. ඒ නගර සභාවේ ගබඩා භාරකරුවා වශයෙනි. මේ ඔහුගේ කතාවයි.

    මම පලවෙනි වතාවට යාපනයට යන්නෙ 1979 ජුනි 15 වෙනිදා මගෙ පලවෙනි පත් වීම විදියට යාපනය මහ නගර සභාවෙ ගබඩා භාර කරුවෙක් විදියට. ඒ කාලයේ නාගරික කොමසාරිස් හැටියට හිටියෙ c.v.k. සිවඥානම් මහත්තයා. ඒ කාලයේ වැඩ කරන්න තිබුන ඔක්කොම ලියකියවිලි දෙමල භාෂාවෙන් නිසා මට හරි අමාරු උනා මුල් කාලයේ වැඩ කරන්න. ඒත් සිවඥානම් මහත්තයා මට හුගක් උදව් කලා. ඒ කාලයේ යාපනයේ සිංහල මිනිස්සුත් සෑහෙන ප්‍රමාණයක් හිටියා, මට මතකයි එහේ තිබුනා මල්ලිකා බේකරිය, ඒ අය වැලිගම මිනිස්සු, රත්තරං බඩු කර්මාන්තය කරපු සිංහල අයත් හිටියා. යාපනයේ දෙමළ මිනිස්සු හරිම අවංකයි මිත්‍රශීලියි. සිංහල අපිට සැහෙන්න සැලකුවා, ගරු කලා. එළවළු වගාවක්, ගවයන් දෙතුන් දෙනෙක්, කුකුළු කූඩුවක් හැමගෙදරම වගේ තිබුනා. එයාලා ජීවත් වුනේ හරි සරලව. නමුත් ස්වයංපෝශිතව. ඒ කාලයේ යාපනය හරිම සාමකාමීයි. මම නිවාඩු වෙලාවට පුස්තකාලයට නිතර ගියා, මම එහිදිත් දැක්කා යාපනයේ මිනිස්සුන්ගෙ සංවරය.

    ඒ කාලයේ දිසාපතිවරයා වුණෙ ලයනල් ප්‍රනාන්දු මහත්තයා.යාපනයේ අවසාන සිංහල දිසාපති එතුමා. ලයනල් මහත්තයාට දෙමළ මිනිස්සු. හරිම ආදරෙයි. දෙමල මිනිස්සු එක්ක බොහොම හොඳින් වැඩ කලා, පුදුම ජනප්‍රසාදයක් තිබුනේ. සිංහල දෙමල මිනිස්සු අතරේ එතුමා මිත්‍රත්වයේ පාලමක් හැදුව. සිංහල චිත්‍රපටි එහේ පෙන්නුවා, ධාතු ප්‍රදර්ශන පවා කලා. ඔය අතරෙ තමයි එතුමාව හදිසියේ කොලඹට මාරු කලේ. ඒකට උතුරෙ ජනතාවගේ ලොකු විරෝධයක් තිබුනා. ඔහු මාරු වෙලා යන දවසේ වීරසිංහම් ශාලාවෙ ලොකු උත්සවයක් තිබුනා, කලාකරුවො, දෙමල විද්වතුන් විශාල ප්‍රමාණයක් ඇවිල්ල හිටියා. දෙමළ මිනිස්සු කොඩි දාලා බෙර ගහල පෙහැරකින් තමයි එතුමව එක්කා ගියේ, වෙලාවකට පුදුමයි දෙමළ මිනිස්සු සිංහල මිනිහෙක්ට මෙච්චර ආදරෙ කලාද කියල."

    සිරිමාන්න මහතා උතුරේ ජනතාව ගැන කතා කලේ මහත් ආදරයකිනි. "මම මැරෙනකන් දෙමළ මිනිස්සුට ආදරෙ කරනවා ගරු කරනවා මොකද ඒ මිනිස්සු තරන් තව මිනිහෙක්ට ගරු කරන ජාතියක් මම දැක්කෙ නෑ"

    කොළඹින් ගිය සිංහල මිනිසුන්ට දමිලයෝ ආදරෙයෙන් සැලකූ හැටි ගෞරවයෙන් සිහිපත් කරමින් සිරිමාන්න මහතා කියා සිටී.

    එකල උතුරේ තිබූ මේ දෙමළ සිංහල ආදරණීය මිත්‍රත්වයට කණකොකා හැඬූ හැටිත් සිරිමාන්න මහතාට මතකය.

    "මට දවසක් කච්චේරියෙ හිතවතෙක් කතා කරල කිව්වා අද යාල් දේවි 6හමාරේ කෝච්චියෙන් යන්න ලේස්ති වෙමු, නැත්තන් මැරෙන්නයි වෙන්නෙ. කලබල ඇතිවෙලා තියෙන්නෙ කියල"

    කොළඹ දෙමළ අයට කරදර කරන බවත් ඒ නිසා යාපනයේ ඉන්න එකන සිංහල මිනිහෙක්වත් යහතින් යවන්නැ කියල ගම් වල මිනිස්සු කතා වෙන බව ඔහු කිව්වා. මම එදා රෑ නිදාගත්තෙ නාගරික කොමසාරිස් සිවඥානම් මහත්තයගෙ නිල නිවසේ. එතුමා මාව ආරක්ශා කලා. ඊට පහුවෙනිදම යාල්දේවියේ කොළඹ ආවා.""

    කොළඹ පැමිනි පසු සිරිමාන්න මහතාගේ මීළඟ පත්වීම ලැබුණේ කුරුනෑගල නගර සභාවටය. ඔය අතරේ 1981 සංවර්ධන සභා මැතිවරණය කැඳවා තිබිණ.

    "සංවර්ධන සභා ඡන්දෙ යෙදිලා තිබුණෙ ජුනි 4 වෙනිදා, ජුනි 2 රෑ නාගරික කොමසාරිස් වරයා මට කිව්වා ඡන්ද රාජකාරි වලට යාපනේ යන්න ලේස්තිවෙන්න කියලා, යාපනේ කලබල නේද කියලා මම ඇහුවම එතුමා කිව්ව බය වෙන්නෙපා ආමි එක ඉන්නවා ආරක්ශාව දෙනවා ඔයාට අනික යාපනේ හුරුයිනේ" කියලා, පස්සෙ අපිව බස් වලින් ගිහින් ස්ටේශන් එකට එක්කගෙන ගියා.

    කෝච්චියේ යාපනේ යන්න.

    කෝච්චියෙ අපිට වෙන වෙනම මැදිරි වෙන් කරලා තිබුනා, අපි දැන් කෝච්චියෙ නැගලා ඉන්නවා, ඔය අතරෙ ස්ටේශන් එකේ ලවුඩ්ස්පීකරෙන් කතා කලා ගාමිණී ජයවික්‍රම පෙරේරා. එයා මයික් එකෙන් කිව්වා " මේ යන්නෙ ජාතික වීර ගමනක්, අවශ්‍ය උපදෙස්, සියළු පහසුකම් එහෙන් ලැබෙයි, ඒ අනුව කටයුතු කරන්න " කියලා.

    දුම්රියේ මැදිරි ඇතුලේ රජයේ සේවකයන් වගෙම අමුතු අමුතු මිනිස්සු හිටියා, පච්ච කොටපු අය, සරොන් ඇඳලා කොන්ඩ වවපු අය එහෙම. ඒ හිටියේ මැරයෝ. අපිත් මුකුත් හිතාගන්න බැරුව ගමන ගියා.


    සිරිමාන්න මහතා ඇතුළු පිරිස යාපනයට ලඟා වනවිට යාපනයේ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර තිබුණි. කඩ වීදියේ ගිනිදැල් නැගෙමින් දුමාරයෙන් වැසී ගොසිනි. යාපනයේ තිබූ ස්මාරක කඩා දමා බිම දමා තිබුනි. භයංකර යුද පිටියක ස්වරූපය ගත්තේය.

    යාපනයේ හින්දු විද්‍යාලයේ බංකු උඩ රැය ගත කල පිරිස හිමිදිරියේ අවදිවන විට එතැනට ගාමිණී දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා,
    ජි එම් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. ඡන්දය පවත්වන හැටි ගාමිණි දිසානායක පැහැදිලි කලේය.

    "ඔයාල හැමෝටම දැන් ඡන්ද මධ්‍යස්ථන වලට යන්න පත්වීම් ලිපිය ලැබෙනවා, ආරක්ශාව හමුදාවෙන් ලැබෙනවා ඡන්දය උදේ 7ට පටන් ගෙන 10ට නවත්තන්න, ඒ වෙනකොට ඡන්දේ දාන්න පෝලිම්වල ඉන්න පිරිස හමුදාව දම්මලා විසිරුව හරිනවා, ඉතිරිවෙලා තියෙන බැල්ට් පේපර්ස්වල ඔයාල කතිරෙ ගහලා පෙට්ටියට දාන්න"

    කෙනෙක් ඇහුවා "කාටද කතිරෙ ගහන්න ඕන සර්" කියලා, ගාමිණී දිසානායකගෙ උත්තරෙ උනේ " "දන්නවනේ සතා, සතාට කතිරෙ ගහන්න"

    අපි ඔක්කොම මූණට මූණ බලාගත්තා.

    මේ මොකද්ද මේ වෙන්නෙ කියලා, අපි වමේ මිනිස්සු, අපිට හෘද සාක්ශියක් තියෙනවා, මේක කරන්න මගේ හෘද සාක්ශිය ඉඩ දෙන්නෙ නෑ. මම මගේ යාලුවා හෙට්ටිගේට කිව්වා මම මේක කරන්නැ. අපි කොහොමද මේ අපරාධය කරන්නෙ, අපි මංකොල්ලකාරයො නෙමෙයිනේ, අපි දෙන්නා මේක මග අරිමු කියලා. ඊලඟට අපිට පත්වීම් ලිපි ගන්න පෝලිමේ එන්න කිව්වා. අපි දෙන්නා මඟඇරලා හිටියා. ඒත් පස්සේ ආයෙම අපිව පෝලිම් කරලා බලෙන්ම පත්වීම් ලිපියක් දුන්නා, ඇත්‍තටම ඒ ලිපියේ අපෙ නම තිබුනෙත් නැ. කාගෙදෝ නමක් තියෙන එකක් මට හම්බුනේ"

    ඊට පස්සෙ හමුදාව ගේට්ටු ඇරියා, චන්ද මධ්‍යස්ථන වලට යන්න කියලා බලෙන්ම බස් වලට පැටෙව්වා. වෙලාව උදේ 9ට විතර ඇති.. තවමත් චන්දේ පටන් ගෙන නෑ. එතන අවුල් ජාලාවක්. අපි දෙන්නා හිමීට එතනින් පැනගත්තා. මං කිව්වා අපිට මේ අපරාදෙට හවුල් වෙන්න බෑ. අපි පුස්තකාලේ පැත්තට ගිහින් පත්තරයක් බල බල ඉඳල හවසට එමු කියලා.

    එහෙම කියල අපි දෙන්නා පුස්තකාලෙට පැත්තට යන්න පිටත් උනා, යාපනයේ වැඩ කරපු නිසා මට ඔය අතුරුපාරවල් ටිකක් හුරුයි. ටික දුරක් යනකොට ඈතින් ලොකු කලු දුමාරයක් පේනවා, කලින් දවසේත් කඩවීදි ගිනි තියලා තිබුන නිසා අපි හිතුවේ එහෙම එකක් කියලා. පුස්තකාලය ලගට යනකොට මිනිස්සු කැගහනවා ඇහෙනවා, සමහර දෙමළ මිනිස්සු පපුවට ගහ ගන්නවා, බිම දණ ගහලා විලාප දෙනවා. දෙයියනේ පුස්තකාලය ගිනි තියලා. අපි පණ වගේ ආදරය කරපු තැන, මහ දැනුම් ගබඩාව එකම ගිණි ජාලාවක්, මගේ හදවත මොහොතකට නැවතුනා වගේ. මට කෑගහලා ඇඩුනා.. ජීවිතේ මම මගේ ඇස් දෙකෙන් දැකපු අවාසනාවන්තම පවුකාරම දර්ශනය ඒක"

    සිරිමාන්න මහතා එම සිදුවීම අදත් සිහිපත් කරන්නේ කදුළුපිරි දෑසිනි. දේශපාලන බලලෝභය විසින් ඒ ගිනි තැබුවේ දමිල බුද්ධියට පමණක් නොවේ මේ රටට, පොතට පතට ආදරේ කල සිංහලයාගේද හදවතටය.

    "එදා ඡන්දය මංකොල්ල කන්න හදපු උත්සාහය පරාජය උනා, මැතිවරණ කොමසාරිස් තුමා කොළඹින් වෙනම නිලධාරීන් පිරිසක් යවලා හරියාකාරවම චන්දය පවත්තලා තිබුනා. එ නිසා එක්සත් ජාතික පක්ශයට අන්ත පරාජයක් යාපනනෙන් ලැබුණෙ, ඇපත් රාජසන්තක උනා...


    ...ඒත් ඒ කරපු මහා අපරාධයට වග කිවයුත්තන්ට ස්වභාවධර්මය පස්සෙ කාලෙක දඬුවම් දුන්නා. සිරුර කෑලි කෑලි වලට කැඩිලානෙ ගියේ. රනිල් වික්‍රමසිංහ පස්සෙ කාලෙක ඕකට පාර්ලිමේන්තුවේදී සමාව ගත්තා, නමුත් ඕකට සම්බන්ධ වෙච්ච ඉතිරි අයටත් අනිවාර්‍යෙන් ස්වහාවධර්මය දඩුවම් කරනවා, ඒක මට විශ්වාසයි"


    සිරිමාන්න මහතා උපේක්ශාවෙන් පැවසීය.

    දමිල හදවත ගිනි තබා මහා ඊලාම් යුද්ධයකට පෙරමග තැනූ අවාසනාවන්ත කතාව එසේය...

    - ගෙහාන් සචින්ද ජයසිංහ
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    294
    1,090
    93
    අම්මගේ රෙද්දේ heart එක, එක ලයිබ්‍රියක් ගිනි තියලා අවුරුදු 50ක් අඬනවා. ඔයිට වඩා දහස් ගුණයක් වැදගත් දේවල් මේ රටේ දේවල් නැති උනා. හැම අවුරුද්දෙම "හම්මෝ ලයිබ්‍රිය ලෝකේ හොඳම එක පොත් කෝටි 5000ක් තිබුන ලයිබ්රිය" ගගා හෑලි ලියනවා. කැරි කොටි අනුකම්පා කැම්පේන්...
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    සිරිල් ජයමාන්න කියන එකා වාමාංශිකයෙක්නේ. ඒකා කියන දේ දේව වාක්‍ය වගේ පිලිගන්න බෑ.
    ඌ මුලින් කිව්වා යාපනේ එවුන් ආගන්තුක සත්කාර දන්න. බොහොම කරුනාවන්ත අය කියලා.
    එහෙනම් මොකද පරබේරාගන්න ආපහු ආවේ. එතනම පරස්පරයි.

    යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බේ එල්ටීටීඊ එක. සිංහල මැරයෝ බෝම්බයක් දෙකක් ගැහුවා තමයි. ගිනි තිබ්බේ නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අම්මගේ රෙද්දේ heart එක, එක ලයිබ්‍රියක් ගිනි තියලා අවුරුදු 50ක් අඬනවා. ඔයිට වඩා දහස් ගුණයක් වැදගත් දේවල් මේ රටේ දේවල් නැති උනා. හැම අවුරුද්දෙම "හම්මෝ ලයිබ්‍රිය ලෝකේ හොඳම එක පොත් කෝටි 5000ක් තිබුන ලයිබ්රිය" ගගා හෑලි ලියනවා. කැරි කොටි අනුකම්පා කැම්පේන්...


    ට්‍රාන්ස්ෆෝමර්
    බස්
    හාල් මෝල්
    තේ ෆැක්ටරි
    තැපැල් කන්තෝරු
    අයිඩෙන්ටිටි කාඩ්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena

    gehanl

    Active member
  • Aug 29, 2006
    41
    160
    33
    Colombo
    අම්මගේ රෙද්දේ heart එක, එක ලයිබ්‍රියක් ගිනි තියලා අවුරුදු 50ක් අඬනවා. ඔයිට වඩා දහස් ගුණයක් වැදගත් දේවල් මේ රටේ දේවල් නැති උනා. හැම අවුරුද්දෙම "හම්මෝ ලයිබ්‍රිය ලෝකේ හොඳම එක පොත් කෝටි 5000ක් තිබුන ලයිබ්රිය" ගගා හෑලි ලියනවා. කැරි කොටි අනුකම්පා කැම්පේන්...
    යූඑන්පි නේද ලොල්ලා

    සිරිල් ජයමාන්න කියන එකා වාමාංශිකයෙක්නේ. ඒකා කියන දේ දේව වාක්‍ය වගේ පිලිගන්න බෑ.
    ඌ මුලින් කිව්වා යාපනේ එවුන් ආගන්තුක සත්කාර දන්න. බොහොම කරුනාවන්ත අය කියලා.
    එහෙනම් මොකද පරබේරාගන්න ආපහු ආවේ. එතනම පරස්පරයි.

    යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බේ එල්ටීටීඊ එක. සිංහල මැරයෝ බෝම්බයක් දෙකක් ගැහුවා තමයි. ගිනි තිබ්බේ නෑ.
    එතකොට රනිල් සමාව ගත්තේ පකටද ?
    ------ Post added on Jun 2, 2025 at 6:14 PM