පැයක් යන්න කලින් දාතු බලපු විදිහ

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    144
    489
    63
    Matara
    මම ඇතුලට යන්න කලින් 2003 හරි 2004 හරි දාතු පෙන්නුවා. මමයි කොල්ලො 3 දෙනෙකුයි මාතර ඉදන් කෙලින්ම කොටුවට ඇවිත් එතනින් නුවර බස් එකක නැගලා ගුඩ් ශෙඩ් එකෙන් බැස්සා. පලාතෙම පට්ට සෙනග කන්න කඩයක් වත් නෑ. නුවර මහයියාවෙ අදුරන කොල්ලෙකුත් අපි එනවා කියලා කියපුවම උගෙ ත්‍රී වීල් එකෙන් ඇවිත් හිටියා ගුඩ් ශෙඩ් එකට. එතනින් ත්‍රී වීල් එකෙ නැගලා පෝලිමේ අග හොයාගෙන ගියා මහියන්ගනය පාරෙ කිලෝමීටර් 4කට වඩා. ඒ පෝලිමෙ හිටියොත් දවස් දෙකකින් වත් දාතු බලන්න බැරි නිසා වීල් එක හරවගෙන ආයෙ නුවර ටවුන් එකට ඇවිත් පයින් දලදා මාලිගාවෙ ගේට්ටුව ගාවට ගිහින් බැලුවා ඇතුලට පනින්න විදිහක්. ආතල්ම සීන් එක ගේට්ටුව ගාව ඔක්කොම සෙරප්පු ගලවලා ප්ලේස් එකකට බාර දෙනවා. ඒ විතරක් නෙවෙ තව පොඩි දන්සලකුත් දෙනවා. ඒ නිසා එතන පෝලිම බොක වෙලා. අපිත් ශේප් එකෙ සෙරප්පු දෙක අතෙ අරන් ගිහින් පොලිමට සෙට් වෙන්න විදිහක් බලද්දි පොලිස් කාරයෙක් ඇවිත් කොහෙද ඕයි තමුසෙලා යන්නෙ අන්න අරහෙ පෝලිම එතනින් ඇතුලට යනවා කියලා බැන්නා. අපිත් හරි සර් කියලා උගෙන් බැනුම් අහගෙනම ගේට්ටුව ඇතුලට ගියා. මෝඩ පොලිස්කාරයා නිසා නුවරට ඇවිත් බස් එකෙන් බැහැලා පැයක් යන්න කලින් දාතු බැලුවා.
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    දඹුලුත් ගිහින් තලගොයිත් මරන් ඇවිත් 🫡
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ධාතු බලන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ කියල කමෙන්ට් එකක් දාන්න හදල.. සෙන්සිටිව් රිලිජස් ටොපික් එකක් හින්ද සද්ද නැතුව ඉන්න ඕන කියල හිතුන 😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ධාතු බලන්න ඉතින් අතේ ගහල කැරි දිහා බලන් ඉඳපන්කො. ඕනෙම නම් බඩු ගියාම සාදු කාරයකුත් දීපන්. :-)
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒකාලෙ සපත්තු කවුන්ටරේ තිබුනෙත් නෑ
    ඔහොම සපත්තු බාරදෙන්න තැනක් තිබුනෙත් නෑ 🤭
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ධාතු බලන්න ඉතින් අතේ ගහල කැරි දිහා බලන් ඉඳපන්කො. ඕනෙම නම් බඩු ගියාම සාදු කාරයකුත් දීපන්. :-)
    උබටනම් ලෙඩක් බන්, උබව නානසාර හාන්දුරුවෝට අල්ලලා දෙන්න ඕනේ :yes:
     
    • Sad
    Reactions: Candid-B

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ධාතු බලන්න ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ කියල කමෙන්ට් එකක් දාන්න හදල.. සෙන්සිටිව් රිලිජස් ටොපික් එකක් හින්ද සද්ද නැතුව ඉන්න ඕන කියල හිතුන 😅
    රොබින් දැන් කිරියේ නෑ නේද