මම ඇතුලට යන්න කලින් 2003 හරි 2004 හරි දාතු පෙන්නුවා. මමයි කොල්ලො 3 දෙනෙකුයි මාතර ඉදන් කෙලින්ම කොටුවට ඇවිත් එතනින් නුවර බස් එකක නැගලා ගුඩ් ශෙඩ් එකෙන් බැස්සා. පලාතෙම පට්ට සෙනග කන්න කඩයක් වත් නෑ. නුවර මහයියාවෙ අදුරන කොල්ලෙකුත් අපි එනවා කියලා කියපුවම උගෙ ත්‍රී වීල් එකෙන් ඇවිත් හිටියා ගුඩ් ශෙඩ් එකට. එතනින් ත්‍රී වීල් එකෙ නැගලා පෝලිමේ අග හොයාගෙන ගියා මහියන්ගනය පාරෙ කිලෝමීටර් 4කට වඩා. ඒ පෝලිමෙ හිටියොත් දවස් දෙකකින් වත් දාතු බලන්න බැරි නිසා වීල් එක හරවගෙන ආයෙ නුවර ටවුන් එකට ඇවිත් පයින් දලදා මාලිගාවෙ ගේට්ටුව ගාවට ගිහින් බැලුවා ඇතුලට පනින්න විදිහක්. ආතල්ම සීන් එක ගේට්ටුව ගාව ඔක්කොම සෙරප්පු ගලවලා ප්ලේස් එකකට බාර දෙනවා. ඒ විතරක් නෙවෙ තව පොඩි දන්සලකුත් දෙනවා. ඒ නිසා එතන පෝලිම බොක වෙලා. අපිත් ශේප් එකෙ සෙරප්පු දෙක අතෙ අරන් ගිහින් පොලිමට සෙට් වෙන්න විදිහක් බලද්දි පොලිස් කාරයෙක් ඇවිත් කොහෙද ඕයි තමුසෙලා යන්නෙ අන්න අරහෙ පෝලිම එතනින් ඇතුලට යනවා කියලා බැන්නා. අපිත් හරි සර් කියලා උගෙන් බැනුම් අහගෙනම ගේට්ටුව ඇතුලට ගියා. මෝඩ පොලිස්කාරයා නිසා නුවරට ඇවිත් බස් එකෙන් බැහැලා පැයක් යන්න කලින් දාතු බැලුවා.
