පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    පැය දෙකක බෝට්ටු ගමනකින් මන්නාරමෙන් ඉන්දියාවට ගිය එදා තතු

    How to get the most out of Rams bridge

    කිලෝමීටර 30-40ක් වන පටු සමුද්‍රතීරයකින් වෙන්වී ඇති ලංකාවේ තලෙයිමන්නාරම් තොට සහ ඉන්දියාවේ රාමේශ්වරම් යනු පිහිනා එගොඩ මෙගොඩ යෑමටද හැකි තරමේ වැලි පර පෙලක් මතින් තැනුනු පටු මුහුදු තීරයකි. ගුවනින් මේ බැලූ කල පෙනෙන්නේ පාලමකින් යා වී ඇති සෙයකි. මේ පටු මුහුදු තීරය ගුවනින් බැලූ කල මේ දුර බෝට්ටුවකින් යන්නට බැරි ඇයි? යන ගැටළුව නිතැතින්ම පැන නගී. මෙය 1983ට පෙර බෝට්ටු ක්‍රියාත්මක වූ සමුද්‍ර සන්ධියකි. එහෙත් අද වනවිට එවැනි සේවාවක් ක්‍රියාත්මක වන්නේ නැත.

    1. භූගෝලීය පසුබිම​

    How to get the most out of Rams bridge

    අප රට වන ලංකාව දිවයිනක් ලෙස පැවතියත් මෙම වැලි පර මත පිහිටි ආදම්ගේ පාලම හරහා පුරාණයේදී සම්බන්ධව තිබෙන්නට ඇතැයි විශ්වාසයක් පවතී. එහෙත් විජයාවතරණය වැනි පුරාණ වංශකතා විස්තර ඔස්සේ කෙලින්ම උතුරු ඉන්දියාවෙන් ජනයා මෙහි පැමිණි බවක් සඳහන් වේ. පුරාවිද්‍යා සාධක අනුව බොහෝ ඈත කාලයේද ලංකාවේ මනුෂ්‍යයින් වාසය කළා යැයි සැලකේ. හැරත් දකුණු ඉන්දිය රාමේශ්වරම් හි වෙසෙන මිනිසුන්ට වඩා ලංකාවේ දකුණු දිසාවේ මිනිසුන් වෙනස්ය. ලාංකිකයෝ භාෂාව, ඇවතුම් පැවතුම්, සහ ආහාර පාන අතින් ගත්කල යාබද පිහිටි තමිල්නාඩුවේ ජනයාට වඩා කේරළ ජනයාට වඩාත් සමීප වෙති.

    2. අතීතයේ පාලමේ වගතුග​

    How to get the most out of Rams bridge

    පුරාණයේ මෙම පාලම ඔස්සේ රාවණා නම් ලංකාවේ විසූ මහා බලැති රජෙකුට පහරදීමට මෙම ආදම්ගේ පාලම ඔස්සේ හනුමාගේ කණ්ඩායම ලංකාවට පැමිණි බව පුරාවෘත වල සඳහන් වේ. ඒ ගැන ඇතැම් තැන්හි තිබන චිත්‍ර වල අහසින් පියාසර කළ හැකි හනුමන් පිරිසක් අහසින් පාවෙන ගල් ගෙනැවිත් ලංකාවට පාලමක් තැනූ බවට චිත්‍ර පවා දකුණු ඉන්දීය දේවාලවල දක්නට තිබේ. පුරාවිද්‍යාත්මකව සැලකූ කල මෙය පුරාතනයේ පටන් තිබූ පාලමක් දැයි සනාථ කළ හැකි කිසිදු සාධකයක් මෙතෙක් හමු වී නැත. දකුණු ඉන්දීය පුරාවිද්‍යාඥයින් විද්‍යාත්මක සාධක වලට වඩා පුරාවෘත සහ වංශකතා ආදියට මුල්තැන දී එවැනි පාලමකින් රාමගේ වඳුරු හමුදාව පැමිණියේ යැයි කියති.

    3. ඇත්තටම පාලමක් ද?​

    How to get the most out of Rams bridge

    මෙහි ඇති වැලිපර ඔස්සේ පිහිනමින් යා හැකි වුවද එම වැලිපර ස්ථාවරදැයි ස්ථිරවම සනාථ කිරීමට නොහැකිය. එනම් මේ ඔස්සේ පාලමක් තැනීමේදී සැබැවින්ම මෙම වැලිපර මත ලෙහෙසියෙන් පහසුවෙන් පාලම තැනිය හැකිදැයි හරියටම කීමට නොහැකිය. කිලෝමීටර 30ක රළු මුහුද මතින් පාලමක් ඉදිකිරීම යනු දැවැන්ත ව්‍යාපෘතියකි. එවැන්නක් ගැන හුදෙක් දේශපාලන මත ගැටුම් විනා ශක්‍යතා අධ්‍යනයක් වත් සිදු නොවී ඇති බැවින් ඒ ගැන කතා කිරීම පලක් නැත.

    4. ලංකාවෙන් ඉන්දියාවට ඉන්දියාවෙන් ලංකාවට​

    How to get the most out of Rams bridge

    මෙම සමුද්‍ර සන්ධිය හරහා 1964 මහා සුළි කුණාටුව තෙක් බෝට්ටු සේවාවක් තලෙයිමන්නාරම් තොට සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩිය දක්වා සිදු වී තිබේ. නිදහසට පෙර ලංකාව සහ ඉන්දියාව යන දෙරටම එකම බ්‍රිතාන්‍යයට අයිති රටවල් දෙකක් විය. එහි ගනුදෙනු පිණිස 1914 සිට බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වී තිබේ. ඊට පෙර කාලයේදීද ලංකාවෙන් ඉන්දියාවට යෑමට බෝට්ටු පහසුකම තිබූ බැව් ඉංග්‍රීසි යුගයේ වාර්තා බැලූ කල හොඳින්ම පැහැදිලි වේ.

    ඉන්දීය රොකට් සහ පරමාණුක තාක්ෂණයේ පුරෝගාමී ආචාර්ය අබ්දුල් කලාම් මහතා රාමේශ්වරම් හි උපත ලැබ අධ්‍යාපනය ලැබූවෙකි. ඔහුගේ මුත්තා වරුන් එවකට රාමේශ්වරම් සහ ඒ අන්තයේ ධනුෂ්කොඩ්ය අතරත් එතැනින් ශ්‍රී ලංකාවටත් බෝට්ටු සේවාවන් පවත්වාගෙන ගිය ඉසුරුමත් වෙලෙන්දෝ වූ බැව් අබ්දුල් කලාම්ගේ කුඩාකල ජීවන ප්‍රවෘත්ති හි සදහන් ව තිබේ.

    5. තනි ටිකට් එක ඉන්දියාවටම​

    How to get the most out of Rams bridge

    1983 ජාතිවාදී කලකෝලහාල වලට ප්‍රථමයෙන් ලංකාවෙන් ඉන්දියාටව දුම්රියෙන් ම ගොස් ලගාවීමේ පහසුව තිබුණි. දැනටද තලෙයිමන්නාරම් තොට දක්වා කොටුවෙන් දුම්රිය ධාවනය වේ. එකල නම් එතැන් සිට ජැටියෙන් මහ මගී බෝට්ටුවක නැගී ධනුෂ්කෝඩියට හෝ රාමේශ්වරම් කරා යති.

    ඉන්දියාවේ ජනයා ලංකාවේ කතරගම වන්දනාවට පැමිණියේත්, ලංකාවේ බෞද්ධ ඇත්තෝ එකල ලංකාවෙන් දඹදිව වන්දනාමාන කටයුතු සදහා ගියේත් මෙම බෝට්ටු සේවාව හරහාය. එකල ඒ දුම්රිය බෝට්ටු සේවාව දෙපාර්ශවය අතර සමගියෙන් ක්‍රියාත්මක වන්නට ඇත.

    6. පසුකාලීනව වැසී යෑම​

    How to get the most out of Rams bridge

    අදද තලෙයිමන්නාරම් ජැටිය අබලන් වී හෝ තවමත් සුරැකිව තිබේ. දෙපස අතර බෝට්ටු සේවාවක් ඇරඹීම පහසු වැඩකි. එහෙත් එය රටවල් දෙක අතර මෙම ස්ථානයන්හි දී තිබෙන දේශපාලන ඇයි හොඳයිය සුබදායී එකක් නොවේ. ත්‍රස්තවාදීන් ලෙස එල් ටී ටී ඊ සංවිධානය විශාල වී ලොකු මහත්වන්නට දකුණු ඉන්දියාවේ සහයෝගය නොඅඩුව ලැබුණු බව නොරහසකි.

    7. සරණාගත ගැටළුව​

    How to get the most out of Rams bridge

    1983 කාලයේදි ඇති වූ ජාතිවාදි කලබල හේතුවෙන් ඉන්දියාවට ගොස් දැන් එහි සිටින ලාංකික සරණාගතයින් ප්‍රමාණය 64,208 ක් බැව් වාර්තා වල දැක්වේ. එම ප්‍රමාණය ලක්ෂයකට අධික විය හැකි බැව් ඇතැම් වාර්තා වල දැක්වේ. එම ජාතිවාදී කල කෝලහල නිසා ඉන්දියාවට ගිය සරණාගතයින් සරණාගතයින් ලෙස වසර 30කට අධික කාලයක් තිස්සේ තමිල්නාඩු සරණාගත කඳවුරු වල ජීවත් වේ. එම කඳවුරු වල ජීවත්වන නව පරම්පරාවෙන් සැලකිය යුතු කොටසක් ඉන්දියාවේම ඉපදුනු ලංකා පොලවේ පය නොගැසූ ජාතියකි. ඔවුන් අතරද නැවත ලංකාවට යෑමට කැමති අකමැති පිරිස ලෙස දෙකොට්ඨාශයක් වෙතැයි පුවත් වාර්තා සදහන් වේ. මේ හැටදාහක ජනතාවට ආහාර පාන තමිල්නාඩු සහ ඉන්දීය රජයන් මගින් ලබාදුන්නද ඔවුන් ඒ රටේ පුරවැසියන් ලෙස තවමත් සැලකෙන්නේ නැත.

    ලංකාව දෙසින් ගතහොත් තිස් වසක යුද්ධයකින් පසු යාන්තමින් නැගිටින උතුරු නැගෙනහිර දිශාවට තවත් ලක්ෂයක අමතර ජනකායක් යනු බරකි. යම් ලෙසකින් රාමේශ්වරම් සිට තලෙයි මන්නාරමට බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වුවහොත් ඉන්දීය පාර්ශවයන් වෙතින් ලාංකික සරණාගතයින් නැවත ලංකාවටම එවීමට වහ වහා ක්‍රියාමාර්ග ගනු ඇත.

    8. වැදගත්කම​

    How to get the most out of Rams bridge

    ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර ඇති පටු මුහුදු තීරයේ යුරෝ ටනලයෙන් දුම්රිය හරහා දවසකට විශාල ජනකායක් එහා මෙහා යති. එසේ හොංකොන් සහ චීන මැකා දූපත් අතරද පාලමකින් සමබන්ධ කිරීමට ඉදිකිරීම් සිදුකරන අතර එහි දිග කිලෝමීටර 55කි. ලොව රටවල් එසේ යාබද එකිනෙකා අතර සම්බන්ධ වීම ඒ රටවල ආර්ථිකමය සම්බන්ධතාවයන්ට වැදගත් කාර්යයකි. ඉන්දියාව සහ ලංකාව බෝට්ටු සේවාවකින් සම්බන්ධ වීමේ වාසි සහ අවාසි තිබේ. කෙසේ වෙතත් අතීතයේදී ඉතා ඈත මෑත පෙනෙන දුර සිමාවේ සිටි සහෝදර ජනකායක් අද වනවිට එකිනෙකාගෙන් බොහෝ දුරස් වී සිටිති.

    යාපනයේ සිටින දෙමල ජාතිකයෙක්ට සිය වන්දනා කටයුත්තකට රාමේශ්වරම් යා යුතු නම් ඔහු පෑ ගණනාවක් වියදම් කොට කොළඹට විත් කටුනායකින් ගුවනින් චෙන්නයි හෝ මදුරෙයි බලා ගොස් නැවත රාමේශ්වරම් වෙත පැමිණිය යුතුය. එය සම්පූර්ණයෙන් ම දවසක් නාස්ති කරන විශාල මුදලක් වැයවන ගමනකි. යම් ලෙසකින් දෙපස බෝට්ටු සේවාවකින් සම්බන්ධ වී නම් එය පැය කිහිපයක ලාබ ගමනක් පමණි. අනෙක් අතට ලංකාවෙන් වැඩිපුරම සංචාරකයින් නික්මෙන ඉන්දියාවේ දඹදිව වන්දනා සඳහා රුපියල් විසිතිස්දාහක අමතර පිරිවැයක් ගුවන් ගමන් පිණිස වැය වේ. මෙය යමක් කමක් ඇති අයට එතරම් ගනනක් නොවුනද සිය ශාස්තෘෘවරයානන්ගේ පුණ්‍ය භූමි දැකබලාගැනීමට අපේක්ෂා දල්වා සිටින ගම්බද දුප්පත් ජනයාට තරමක සැර ගනනකි.

    9. ඇරීම විශාල ගැටලුවක්ද?​

    How to get the most out of Rams bridge

    ඉන්දියාවෙන් එන දුප්පත් ජනයා දෙස “ අපිරිසිදු දෙමළු“ ලෙස වෙන්කර පිළිකුලෙන් දැකීමත් ලංකාවෙන් තමිල්නාඩු යන සිංහල ජනයා දෙස “අපේ එල් ටී ටී ය නැතිකලේ මුන් තමයි“ ආදී වූ පටු අදහසින් එකිනෙකා දෙස බැලීම දිගින් දිගටම සිදුවන්නේ නම් බෝට්ටු සේවාවකින් දෙරට සම්බන්ධ කිරීම අවුල් ජාලාවක් විය හැකිය. එහෙත් කවදාක හෝ අපද දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාද පෙර කල මෙන් මිතුරු විය හැකිනම් එය රටවල් දෙකටම ආර්ථික අතින් වැදගත් වූ සන්ධිස්ථානයක් විය හැකිය
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාද පෙර කල මෙන් මිතුරු විය හැකිනම් එය රටවල් දෙකටම ආර්ථික අතින් වැදගත් වූ සන්ධිස්ථානයක් විය හැකිය
    එකම විසඳුම

    k1kC8e6.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,015
    18,931
    113
    මන්නාරම නම් ඉන්දියාවෙම කෑල්ලක් වගේ තමා දැනටත් තියෙන්නෙ.. පාලමක් ගැහුවොත් තමිල්නාඩුවේ කෑල්ලක්ම වෙයි.

    ඉන්දියාවෙ tv බලන්නෙ.. indian brand බඩු ඕනෙ තරම් තියනව.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    TFS

    මන්නාරම, තලෙයි මන්නාරම සහ තලෙයිමන්නාරම් තොට කියලා දුම්රිය ස්ථාන තුනක් ඉස්සර තිබුනා. එයින් තලෙයිමන්නාරම් තොට දුම්රිය නැවතුම තමයි දුම් බෝට්ටුවට නගින තැන. ඒක තිබුනේ ජෙටිය (jetty) සමගමයි. දුම්රිය ඒ ජෙටියටම යනවා. එතන තිබුන විශේෂත්වය තමයි ඒ ස්ටේෂන් එකට දුම්රිය ඇතුල් කලාම, මගීන්ට එයින් පිටතට යාමට (ඒ කියන්නේ නැවත ලංකාවේ ගොඩබිමට පැමිණීමට ) නොහැකි වන ලෙස දැල් ගසා හිර කූඩුවක් වගේ ආරක්ෂා කර තිබීම.

    ඊට හේතු උනේ, සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ලංකාවේ සිට ඉන්දියාවට පිටුවහල් කරන වතුකරයේ දෙමළ ජනතාව (මට මතක හැටියට 50% කට ලංකාවේ පුරවැසි කම දෙන්නත්, ඉතිරිය ඉන්දියාව බාර ගන්නත් තමයි ගිවිසුමෙන් තීන්දු උනේ) දුම්රියෙන් තලෙයිමන්නාරම් තොට ට ආරක්ෂාව යටතේ රැගෙන ගියත්, අවසාන මොහොතේ හෝ නැවට නගින්නේ නැතිව හොරෙන් පැනලා ආපසු ලංකාවට එන එක වලක්වන්නයි.

    ඉස්සර TMP රාත්‍රී තැපැල් දුම්රියට අනුරාධපුරයේදී වතුර ටැංකියක් අමුණනවා. මැදවච්චියෙන් පසුව තියන හැම දුම්රියපොලකදීම වාගේ ඒ ටැංකියෙන් වතුර ගන්න මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. උදේ මන්නාරම දුම්රියපොළට දුම්රිය යනකොට කලගෙඩි, බාල්දි, සෙම්බු තියාගෙන මිනිස්සු පෝලිමේ ඉන්නවා.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අපිත් ට්‍රිප් එකක් ගියා පුත්තලම ඉඳන් මන්නාරමට. බලන්න මොකුත්ම තිබුනෙ නෑ. ආ මඩු පල්ලිය තිබුණ. මන්නාරම ට ආපු එකේ වෙන යන්න තැනක් නැති එකේ තලෙයිමන්නාරම ටම යමු කියල කට්ටියම තලෙයිමන්නාරම ගියා එහෙත් ඉතින් බලන්න දෙයක් නැ ජැටියයි වටේ ම මුහුදයි. Km 150 වගෙ ගිහින් මුහුද බලල ආව
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    TFS

    මන්නාරම, තලෙයි මන්නාරම සහ තලෙයිමන්නාරම් තොට කියලා දුම්රිය ස්ථාන තුනක් ඉස්සර තිබුනා. එයින් තලෙයිමන්නාරම් තොට දුම්රිය නැවතුම තමයි දුම් බෝට්ටුවට නගින තැන. ඒක තිබුනේ ජෙටිය (jetty) සමගමයි. දුම්රිය ඒ ජෙටියටම යනවා. එතන තිබුන විශේෂත්වය තමයි ඒ ස්ටේෂන් එකට දුම්රිය ඇතුල් කලාම, මගීන්ට එයින් පිටතට යාමට (ඒ කියන්නේ නැවත ලංකාවේ ගොඩබිමට පැමිණීමට ) නොහැකි වන ලෙස දැල් ගසා හිර කූඩුවක් වගේ ආරක්ෂා කර තිබීම.

    ඊට හේතු උනේ, සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ලංකාවේ සිට ඉන්දියාවට පිටුවහල් කරන වතුකරයේ දෙමළ ජනතාව (මට මතක හැටියට 50% කට ලංකාවේ පුරවැසි කම දෙන්නත්, ඉතිරිය ඉන්දියාව බාර ගන්නත් තමයි ගිවිසුමෙන් තීන්දු උනේ) දුම්රියෙන් තලෙයිමන්නාරම් තොට ට ආරක්ෂාව යටතේ රැගෙන ගියත්, අවසාන මොහොතේ හෝ නැවට නගින්නේ නැතිව හොරෙන් පැනලා ආපසු ලංකාවට එන එක වලක්වන්නයි.

    ඉස්සර TMP රාත්‍රී තැපැල් දුම්රියට අනුරාධපුරයේදී වතුර ටැංකියක් අමුණනවා. මැදවච්චියෙන් පසුව තියන හැම දුම්රියපොලකදීම වාගේ ඒ ටැංකියෙන් වතුර ගන්න මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. උදේ මන්නාරම දුම්රියපොළට දුම්රිය යනකොට කලගෙඩි, බාල්දි, සෙම්බු තියාගෙන මිනිස්සු පෝලිමේ ඉන්නවා.

    ඔබ මේකේ ගිහින් තියෙනවද? තව විස්තර කිව හැකිද.
    දැල් ගසා තිබ්බයි කියන එක දැනගත්තේ අද.
    අවසන් වරට මෙහි steam engine එකක් භාවිත වුනේ කොයි කාලේද?

    Class B1 Steam Locomotive.jpg
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඔබ මේකේ ගිහින් තියෙනවද? තව විස්තර කිව හැකිද.
    දැල් ගසා තිබ්බයි කියන එක දැනගත්තේ අද.
    අවසන් වරට මෙහි steam engine එකක් භාවිත වුනේ කොයි කාලේද?

    View attachment 188191
    නැහැ, මම බෝට්ටුවේ ගිහිල්ලා නැහැ. දුම්රියෙන් ගිහින් තියනවා පමණයි.

    70 දශකයේ මැද කාලයේත් මන්නාරම දුම්රිය ට තිබුනේ ඩීසල් එන්ජින්. ඒ කාලයේ උඩරට මාර්ගයේ දුම්රියට වාෂ්ප එන්ජින් තිබුනා මට හොඳට මතකයි. මතක තිබීමට හේතුව, ඇස් වලට අළු යාමයි. උඩරට මාර්ගයේ හැර, ඒ කාලයේදී වෙනත් දුම්රියයන්ට තිබුනේ ඩීසල් එන්ජින්.

    අපේ තාත්තාගේ batchmate කෙනෙක් මන්නාරමේ හිටියා. කිහිප වතාවක්ම අපි එහි ගිහිල්ලා තියනවා. අප එහි යනවිට, ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ වරකා, කොස් වගේ දේවල්. (තවත් දේවල් තියෙන්න ඇති. මට මතකයට එන්නේ නැහැ) බෝට්ටු/මාළු/කරවල ව්‍යාපාර එහෙම තිබුන ඔව්නට මේ කියන 1970 දශකයෙදීත් ගෙදරට ටෙලිපෝන් තිබුනා. මන්නාරම වගේ තැනක, 70 දශකයෙදීත් ටෙලිපෝන් තියන ගෙදරක් කිව්වාම හිතා ගන්න පුළුවන්නේ.

    තාත්තාගේ යාළුවාට ආබාධිත දරුවෙක් හිටියා. ඒ දරුවාට බෙහෙත් ගන්න ඔවුන් ඉන්දියාවට යනවා. ඒ යන්නේ ඔවුන්ගේ මාළු බෝට්ටු වලිනුයි.

    යුද්දේ පටන් ගත්තාම ඔවුන්ගේ ව්‍යාපාර අඩපන වෙලා, ඒ අංකල් (මුස්ලිම් ජාතික මහතෙක්) අනාථයෙක් වගේ දෙහිවල පැත්තේ
    ගෙදරක හිටියා. ඊට පස්සේ අපිට ඔවුන්ව හොයා ගන්න බැරි උනා.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    TFS

    මන්නාරම, තලෙයි මන්නාරම සහ තලෙයිමන්නාරම් තොට කියලා දුම්රිය ස්ථාන තුනක් ඉස්සර තිබුනා. එයින් තලෙයිමන්නාරම් තොට දුම්රිය නැවතුම තමයි දුම් බෝට්ටුවට නගින තැන. ඒක තිබුනේ ජෙටිය (jetty) සමගමයි. දුම්රිය ඒ ජෙටියටම යනවා. එතන තිබුන විශේෂත්වය තමයි ඒ ස්ටේෂන් එකට දුම්රිය ඇතුල් කලාම, මගීන්ට එයින් පිටතට යාමට (ඒ කියන්නේ නැවත ලංකාවේ ගොඩබිමට පැමිණීමට ) නොහැකි වන ලෙස දැල් ගසා හිර කූඩුවක් වගේ ආරක්ෂා කර තිබීම.

    ඊට හේතු උනේ, සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ලංකාවේ සිට ඉන්දියාවට පිටුවහල් කරන වතුකරයේ දෙමළ ජනතාව (මට මතක හැටියට 50% කට ලංකාවේ පුරවැසි කම දෙන්නත්, ඉතිරිය ඉන්දියාව බාර ගන්නත් තමයි ගිවිසුමෙ තීන්දු උනේ) දුම්රියෙන් තලෙයිමන්නාරම් තොට ට ආරක්ෂාව යටතේ රැගෙන ගියත්, අවසාන මොහොතේ හෝ නැවට නගින්නේ නැතිව හොරෙන් පැනලා ආපසු ලංකාවට එන එක වලක්වන්නයි.

    ඉස්සර TMP රාත්‍රී තැපැල් දුම්රියට අනුරාධපුරයේදී වතුර ටැංකියක් අමුණනවා. මැදවච්චියෙන් පසුව තියන හැම දුම්රියපොලකදීම වාගේ ඒ ටැංකියෙන් වතුර ගන්න මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. උදේ මන්නාරම දුම්රියපොළට දුම්රිය යනකොට කලගෙඩි, බාල්දි, සෙම්බු තියාගෙන මිනිස්සු පෝලිමේ ඉන්නවා.
    සිරිමා ශාස්ත්‍රී ගිවිසුම poddak wisthara karapanko
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    නැහැ, මම බෝට්ටුවේ ගිහිල්ලා නැහැ. දුම්රියෙන් ගිහින් තියනවා පමණයි.

    අපේ තාත්තාගේ batchmate කෙනෙක් මන්නාරමේ හිටියා. කිහිප වතාවක්ම අපි එහි ගිහිල්ලා තියනවා. අප එහි යනවිට, ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ වරකා, කොස් වගේ දේවල්. (තවත් දේවල් තියෙන්න ඇති. මට මතකයට එන්නේ නැහැ) බෝට්ටු/මාළු/කරවල ව්‍යාපාර එහෙම තිබුන ඔව්නට මේ කියන 1970 දශකයෙදීත් ගෙදරට ටෙලිපෝන් තිබුනා. මන්නාරම වගේ තැනක, 70 දශකයෙදීත් ටෙලිපෝන් තියන ගෙදරක් කිව්වාම හිතා ගන්න පුළුවන්නේ.

    තාත්තාගේ යාළුවාට ආබාධිත දරුවෙක් හිටියා. ඒ දරුවාට බෙහෙත් ගන්න ඔවුන් ඉන්දියාවට යනවා. ඒ යන්නේ ඔවුන්ගේ මාළු බෝට්ටු වලිනුයි.

    යුද්දේ පටන් ගත්තාම ඔවුන්ගේ ව්‍යාපාර අඩපන වෙලා, ඒ අංකල් (මුස්ලිම් ජාතික මහතෙක්) අනාථයෙක් වගේ දෙහිවල පැත්තේ
    ගෙදරක හිටියා. ඊට පස්සේ අපිට ඔවුන්ව හොයා ගන්න බැරි උනා.

    හිතවතෙක් බෝට්ටුවෙන් ගිහින් තිබෙනවා කියා මතකයි. නමුත් විස්තර මතක නැහැ.

    සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට මද කලකට පෙරත් මෙම මාර්ගහේ තිබුනේ ඩීසල් එන්ජින් බවට අසන්නට ලැබි තිබෙනවා.

    මාළු බෝට්ටු කිව්වේ ට්‍රෝලර් බෝට්ටු නේද? ඒවයින් නම් පොඩි බෝට්ටු වලට සාපේක්ෂව ගමනේ අනතුරුදායක බව අඩුයි නේද? මම මාළු ඇල්ලීමට ගන්න කැටමාරන් වලින් (ඔරිජිනල් කැටමරන් නෙවේ) මුහුදු ගිහින් තියෙනවා.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    සිරිමා ශාස්ත්‍රී ගිවිසුම poddak wisthara karapanko
    imgn10.jpg

    1964 ඔක්තෝබර් 30 – පුරවැසිභාවය පිළිබඳ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම​

    බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී තේ සහ රබර් වතුවල වැඩ කිරීම සඳහා ගෙනෙන ලද ඉන්දියානු සම්භවයෙන් යුත් මිලියනයක් පමණ පිරිසගේ පුරවැසිභාවය ගැන ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග සම්මුතියකට එළැඹීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. ඇය 1964 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවට ගිය අවස්ථාවේ දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ අනුව 525,000ක් පිරිස ඉන්දියාවට ආපසු යැවීමට ද, 300,000ක් පිරිසට ලංකාවේ පුරවැසිභාවය පිරිනැමීමට ද එකඟත්වය පළ විය.