පැය භාගෙන් අමිහිරි මතක මකමු...

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    anigif_enhanced-4725-1427907838-5.gif
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නියම ත්‍රෙඩ් එකක් !
    මේ ක්‍රමේ තව ගොඩක් දේවල් වලට අත්හදා බලන්න පුළුවන්

    :yes::yes:
     
    Feb 8, 2018
    49
    10
    0
    ලංකාව වගේ රටක පාරක ගියත් කෝච්චියේ බස් එකේ ගියත් කඩේකට ගියත් අමිහිරි මතක තමා මනසට එකතු වෙන්නේ.අන්තිමට එහෙම අත්දැකීම් එකතුවෙලා මනස දූෂණය වෙනවා කාලයක් ගියාම.මේ අතර අතලොස්සක් මිනිස්සු තාමත් ඉන්නවා ගුණ යහපත්.එහෙම සමාජෙක පීඩනයෙන් ජීවත් වෙන මනසකට වැදගත් දෙයක් කියලා හිතෙනවා.
    බම්ප් බම්ප්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මමත් ආසම ෆීල්ඩ් එකක් මනො විද්‍යාව. මෙ දවස්වල මේක කියවනවා.මෙකෙ පොත් 2 ක් තියනවා.

    yatisitha_obe_wismitha_mehekaru_leelananda_gamachchi-500x500.jpg
    yatisitha_2_leelananda_gamachchi-500x500.jpg
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මෙන්න ක්‍රමය :-

    මුලින්ම ජිවිතේ උබට තියන උබ මුහුණදීපු අමිහිරි මතකයක් තෝරගනිං...මුලින්ම ලොකූ ප්‍රශ්න ලව් කේස් එහෙම මතක් කරගන්න එපා ඈ..පොඩි කේස් එකක් මතක් කරගනිං උබ සෙනගක් මැද්දෙ චාටර් උන කේස් එකක් වගේ...මතක් කරහම මළ චාටර් එකට පොලව පලන් යන්න හිතෙන සීන් එකක් මතක් කරගනිං...ඊටපස්සෙ නිස්කලංක තැනකට ගිහිං උබට පහසු ඉරියව්වකින් හිටපන්...(නිදාගෙන පහසුනං එහෙම හිටපං/ඉදගෙන පහසුනං එහෙම හිටපං) ඇස් පියාගෙන 10 ඉදන් එකට හුස්ම ගන්න ගමන් ගනන් කරලා හිත රිලැක්ස් කරගනිං...

    ඊටපස්සෙ ඇස් පියාගෙන මවා ගනිං උබ අදුරු ෆිල්ම් හෝල් එකක මැද තනියම වාඩිවෙලා ඉන්නවා කියලා....ඊටපස්සෙ ඒ හෝල් එකේ තිරයේ කලර් ෆිල්ම් එකක් විදිහට උබ අර මූණදීපු චාටර් සීන් එක මුල ඉදන් ප්ලේ වෙනවා මවා ගනිං...ඒ ෆිල්ම් එකේ ඉන්න උබ දිහා උබම හෝල් එකේ ඉදගෙන පිට ඉදන් බලාගෙන ඉන්නවා මවාගනිං...දැන් ප්ලේ කරපන් ෆිල්ම් එක...ඒකෙ ඉන්න උබ අනිත් චරිත උබ ඒවෙලාවෙ පත්වුණු අපහසුතාවය අනිත් එවුන්ගෙ මූණුවල තිබ්බ හැගීම් වගේ හැම දෙයක්ම හොදට අධ්‍යනය කරපන්...මේ වෙද්දි ඒ සීන් එක මේ දැන් උනාවගේ අපහසුතාවයක් / පොලව පලං යන්න හිතෙන හැගීම උබට එන්න ඕන විනාඩියක් දෙකක් ඒ අපහසුතාවය විදපන්...ඒක අග වෙනකංම බලලා නවත්තපන් නවත්තලා මුලට ගනිං දැන් ආයෙත් ඒ සීන් එක බලන්න යන්නෙ හැබැයි පොඩි වෙනස්කම් ටිකක් කරලා....මෙන්න මේ විදිහට..

    දැන් ඒ සීන් එකේ උබයි තව දෙන්නෙකුයි ඉන්නවනං....තුන් දෙනාටම ලොකු බූරු කන් තියනවා කියලා මවාගනිං නහයවල් වෙනුවට තඩි දම්පාට කැරට් අල දාපන් නැටි තුනකුත් දාපන් පසුබිමින් දේදුන්නක් මවාගනිං පසුබිමින් ආතල් මියුසික් එකකුත් ඇහෙනවා කියලා මවාගනිං..(හොදට මතක තියාගනිං ඔක්කොම ෆුල් කලර්ඩ් ඈ) දැන් ඔය වෙනස්කම් ටික ඇඩ් කරලා ෆිල්ම් එක ආය මුල ඉදන් ප්ලේ කරපන්...( තෝ ගංජා ගහලද බොල ත්‍රෙඩ් දාන්නෙ කියලා අහන්න එපා ඈ :D :D :P මේ දගලන්නෙ අර මෙමරිය තැම්පත් වෙලා තියන සිස්ටම් එක අනුපිළිවෙල අවුල් කරලා විකාර කරන්න) ඒක අග වෙනකම්ම බලලා අන්තිමට සීන් එකට ආවම ෆිල්ම් එක Pause කරපන්..ඒකරලා ඒ කලර්ඩ් ෆිල්ම් එක කලු සුදට හරවපන්...හරවලා කලු සුදු විදිහටම වේගෙන් ආපස්සට ( අග ඉදන් මුලට) ප්ලේ කරපන්...මුලට ආවම ඇස් ඇරපන්....

    ආයෙත් ඇස් දෙක වහපන් අමිහිරි මතකෙ මතක් කරගනිං ඒ ෆිල්ම් එක අග වෙනකං බලපන් නවත්තපන්.... බූරු කන් දාලා විකාර කරලා ආය මුල ඉදන් බලපන්...අගට ආවම Pause කරපන් කලු සුදට හරවපන් කලු සුදු ෆිල්ම් එකක් විදිහට වේගෙන් ආපස්සට ප්ලේ කරපන්..මුලට ආවම ඇස් ඇරපන්..මේටික පස් පාරක් කරපන් ඒකරලා මවා ගනිං තිරයේ " The End" වැටෙනවා ඊටපස්සෙ අර අදුරු හෝල් එකේ ඉන්න උබ නැගිටලා හෝල් එකෙන් එලියට එනවා දැන් ඇස් ඇරපන්....

    දැන් අර චාටර් අමිහිරි මතකෙ මතක් කරලා බලපන් ඉස්සරලා වගේ ක්ලියර් නෑ මතකේ ලාවට වගේ එහෙම සීන් එකක් උනා කියලා මතක තිබ්බට අර කලින් දැනුන අපහසුතාවය පොලව පලං යන්න හිතෙන හැගීම 100% ක්ම නැතිවෙලාම ගිහිං...

    "මේක ලෝකෙ පුරා මිනිස්සු ලක්ෂ ගානකට පුදුම සහනයක් ලබා දුන්න ක්‍රමයක්..අවුරුදු 10ය 20ස්ස අමිහිරි මතක හින්දා දුක් වින්ද එදිනෙදා ජීවිතේ අවුල් කරගත්ත ජීවිතේ ඉස්සරහට යන්න බැරුව එකතැන හිරවෙලා හිටපු මිනිස්සුන්ට මේ ක්‍රමය පාවිච්චි කරලා පැය භාගෙන් ඒ අමිහිරි මතකෙන් එන බලපෑම නැති කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වෙලා තියනවා" කියලා Dr ගෙ ලිපියෙ තිබ්බා...අත්දැකීමෙන් කියන්නෙ ඒක 100% ක් ඇත්ත මචංලා උබලා මේක කරලා බලලම කමෙන්ට් එකක් දාපල්ලා...මොකද හැම එකාටම ජීවිතේ එක අමිහිරි මතකයක් හරි තියෙන්නම එපෑ...හැබැයි කෙල්ල දාල ගිය සීන් එකක් වගේ නං එක පාරින් ගොඩ දාගන්න අමාරුවෙයි මොකද ඒකෙ මතක සිදුවීම් තොගයක් තියන හින්දා...හුටා එතකොට මොකෝ කරන්නෙ???එතකොට උබලට වැඩියෙන්ම බලපාන වැඩියෙන්ම අමතක කරන්න ඕන සිද්ධියේ ඉදන් එකින් එක වෙන වෙනම අරං මතක මකලා දාන්න ඕන..වැඩිය මහන්සි නොවී දවසට එක සිද්ධියක්/මතකයක් ගානෙ මකලා දාපන් මාසයක් දෙකක් යද්දී වැඩේ සම්පූර්ණයෙන්ම ගොඩ...

    දැන් ඉතිං කියෙව්වට බෑ ගොයියො කරලම බලන්න ඕන...කාලයක් හිතට වද දීපු අපිව පස්සට ඇදපු ජරා අමිහිරි මතකයක් මකලා හිත ක්ලියර් කර ගත්තම උස්සගෙන හිටපු බරක් බිම තිබ්බ වගේ පට්ට සහනයක් එන්නෙ ඒක විදලම බලපන්....උබලගෙ ප්‍රතිචාර මත ඊලගට භීතිකාවක් (phobia) එකක් අයින් කරගන්න හැටි කියලා දෙන්නං....


    MOHANAYA KARALA DEEP MOHANYA AHITHE HIRA WELAA THIYENE DEWAL ELIAYTA ADALA DANNA PULUWAN HODA DOCTOR KNK KIYAPAN