පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,798
    9,183
    113
    දැන් හොයා ගන්න නෑ බ්‍රෝ.. ගොඩක් ඒව පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි, දෙමල, වගේ ඒව එක්ක ගොඩක් mix උනා..
    ඒ කාලේ හැටි ටිකක් හරි හොයා ගන්න ඕනේ නම් ඉබන් බතුතා ලියපු දේශාටන වාර්තා වල ලංකාවට ආපු කොටස බලන්න ඕන.. ලංකාවේ නම් නෑ මං හිතන්නේ...
    ඒත් ඉතින් බං ජාන ගැන විස්තර හොයාගන්න නෑ .. ඒ කාලේ නියම සිංහල ලංකාව ගැන idea එකක් ගන්න පුළුවන්.. ආක්‍රමණ ආවට පස්සේ ඒව ඔක්කෝටම කෙල උනා..

    View attachment 209938

    මේ පොත හොයා ගත්තා නම් විස්තර ටිකක් දැන ගන්න තිබුණා

    සිංහල එත්නිසිටියෙ ජාන මිශ්‍රණය වැඩිපුරම ශෙයා කරගන්නෙ බටහිර බෙංගාලයත් එක්ක. ඔයිට අමතරව අග්නිදිග ආසියාවෙ, ද්‍රාවිඩියන්, තව යුරෝපීය ජාන එහෙම සුලුවෙන් අපිට තියෙනව- ඒ අර පසුව එකතු උන ඒව කියමුකො. එතකොට නියම සිංහල ජාන කියන්නෙ බෙංගාලි ජාන වලටද?
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837

    නැහැ විජය එනකොටත් ලංකාවේ ජනාවාස තිබුණා. බුදුහාමුදුරුවෝ අමනුශ්‍යන්ට(දෙවියන්ට නෙවෙයි) බණ කිව්වා කියලා කොහෙවත් නැහැනේ. එතකොට ඔය යක්ෂ, නාග අය කියන්නේ මිනිස්සු. මහාවංශය ලියලා තියෙන්නේ ඔය සිද්දි වෙලා අවුරුදු 800 විතර ගියාට පස්සේ. අදින් අවුරුදු 800කට කලින් වෙච්ච සමහර සිද්දි අපි දන්නේ නැහැ එතකොට ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද?
    ඔය කට්ටිය පරිණාමවාදයට අනුව නම් බලන්ගොඩ මානවයාගෙන් ආවා. පිටසක්වලකින් ජීවය ආවා කියලා පිළිගන්න අයට මහා සම්මත මනුගෙන් පැවතෙන අය විදියට ගන්නත් පුළුවන්. මේවා මතවාද මිසක් හරියටම ඔප්පු කරන්න තියෙන සාක්ෂි මදි.
    අපි සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් හෝ වෙනත් රටවල්වලින් ආපු ජාති කලවම් වෙලා හැදිච්ච කණ්ඩායමක් නෙවෙයි කියලා මම හිතනවා.
    ඕස්ට්‍රේලියාවේ ආදී වාසීන්ට පවා අපේ, ඉන්දියාවේ අයගේ ජාන සංයුතිය ලඟයි. මේ රටවල් එකට සම්බන්ධවෙලා තිබුන මතයක් තියෙනවා. පැන්ජියාව කාලේ නෙවෙයි ඊට ගොඩක් පස්සෙත්. (කුමාරි කණ්ඩම්)
    https://pubmed.ncbi.nlm.nih.gov/6479999/
     
    විජය එද්දි ජනාවාස තිබ්බ තමා. නමුත් හෙළ ශිෂ්ඨාචාරය කියල හඳුනගන්නෙ ඉන්දු ආර්‍ය සෙට්ල්මන්ට්ස් වලින් පස්සෙ හැදුන එකට. සිංහල රාජාවලිය, උතුරු මැද නගර ටික, ලේඛනය ඔක්කොම එන්නෙ මයිග්‍රේෂන් වලින් පස්සෙ. මේවනෙ සිංහල සංස්කෘතියෙ මාකර්ස් ටික.

    ඊට කලින් අයටද දැන් මේ "නියම සිංහල" කියන්නෙ? ඒකට තමා අපේ අය කොලොකියලි "යක්ඛ" කියන්නෙ. උඹල නම් පවා පටලනව දැන්. ඊට කලින් හිටි ඇබොරිජින් ල කවුරු උනත් ඒ අපි අද සිංහල කියල අඳුනගන්න අය නෙමේ.

    අපි සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් හෝ වෙනත් රටවල්වලින් ආපු ජාති කලවම් වෙලා හැදිච්ච කණ්ඩායමක් නෙවෙයි කියලා මම හිතනවා.

    සිංහල මිනිස්සුන්ගෙ බෙංගාලි ඇඩ්මික්ස්චර් නෙ තියෙන්නෙ. බයොලොජිකල් සාක්ෂි ඓතිහාසික මූලාශ්‍ර තරම් ලේසියෙන් පැත්තක දාන්න බෑ. උඹ නිකන් හිතුවට වැඩක් නෑ මොකක්ද ඕල්ටර්නෙටිව් හයිපොතිසීස් එක...ඉන්දියාවෙන් ආවෙ නැත්තම් කොහෙන්ද අද තියෙන ප්‍රොෆයිල් එක සිංහල මිනිස්සුන්ට ලැබුනෙ කියල කියන්න ඕනෙ.

    පලි: ඕස්ට්‍රේලියන් ඇබොරිජින්ලාත් එක්ක අපේ කලාපයෙ යම් හැප්ලොකාන්ඩ බෙදා ගැනීම ඒ තරම් අභිරහසක් නෙමේ. අර්ධද්වීපයට ආර්‍ය ආගමනයට කලින් හිටිය කියල අඳුනගන්න ප්‍රෝටො ද්‍රාවිඩියන් කල්චර්ස් වල පූර්වජයො- ඔය හරප්පා, ඉන්දු නිම්න මිනිස්සුන්ගෙම ඕෆ්ශූට්- වලට ලඟින් යන අග්නිදිග ආසියාවෙ හිටි මානව කන්ඩායම් ඒ කාලෙ බහුලව තිබුන ලෑන්ඩ් බ්‍රිජ් අතරින් මුහුදු තරණය කරල ඕස්ට්‍රේලියා මහද්වීපයට ගියා කියල කියන දැනට පිළිගැනෙන චිත්‍රයෙන් විසංවාදයක් මතුවෙන්නෙ නෑ. මේ අවුරුදු තිස් හතලිස්දාහකට කලින්.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Tfs bro

    රෙජිනෝල්ඩ් මෙන්ඩිස් ගැන කියනවනං මිනිහ ගැන චිත්‍රපටියක් උනත් හදන්න පුලුවන් චරිතයක්...

    ලංකා සමසමාජ පක්ශෙ හොඳ සාමාජිකයෙක්... එයාගෙ එක අතක් මැණික්කටුව ලඟින් නෑ...
    හේතුව, ලංකා සමසමාජ පක්ශෙන් සංවිධානය කරපු රැලියකදි, එන්.එම්.පෙරේරව ඉලක්ක කරල එල්ල කරපු බෝම්බයකට රෙජී අයිය අත දාල තියෙනව... ඒ සිද්දියෙන් පස්සෙ එයාගෙ එක අතක් නැහැ...

    මේ ඉන්නෙ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්... නම සර්ච් කරාම හම්බවුන පිංතූරයක් මේක... ලක්ශ්මන් මෙන්ඩිස්ගෙ කපාපු පලුව...

    @Kalegana
    මුලින් හිතුවෙ ලක්ශ්මන් මෙන්ඩිස් කියල
    ------ Post added on Jul 19, 2023 at 7:57 AM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මරු කියවනවනෙ ඉතින්. විජය එද්දි ජනාවාස තිබ්බ තමා. නමුත් හෙළ ශිෂ්ඨාචාරය කියල හඳුනගන්නෙ ඊට ඉන්දු ආර්‍ය සෙට්ල්මන්ට්ස් වලින් පස්සෙ හැදුන එකට. සිංහල රාජාවලිය, නගර ටික ඔක්කොම එන්නෙ මයිග්‍රේෂන් වලින් පස්සෙ. සිංහල මිනිස්සුන්ගෙ බෙංගාලි ඇඩ්මික්ස්චර් නෙ තියෙන්නෙ.

    ඊට කලින් එකටද දැන් මේ "නියම සිංහල" කියන්නෙ? ඒකට තමා අපේ අය කොලොකියලි "යක්ඛ" කියන්නෙ. උඹල නම් පවා පටලනව දැන්. ඊට කලින් හිටි ඇබොරිජින් ල කවුරු උනත් ඒ අපි අද සිංහල කියල අඳුනගන්න අය නෙමේ.
    අපි මෙහෙම ගමු මචෝ. විජයගෙන් පටන්ගෙන රාජාවලියක් හැදුනා කිව්වේ මහාවංශය, චූල වංශය වැනි ග්‍රන්ථ මුලාශ්‍ර කරගෙන සහ දැනට හොයාගෙන තියෙන පුරාවිද්‍යා සාක්ෂි වලින්නේ. නමුත් ඊට කලින් රජවරු ඉඳලා තියෙනවා. මනු,බලි,තරු,ඔක්කාක, රාවණ කතාව අමතක කරත් සුමන, මහාසේන කියන්නෙත් ප්‍රාන්ත රජවරු. අනික් එක කාශ්‍යප, කකුසඳ, කෝනාගමන බුදු පියාණන් වහන්සේලාගේ කාලේ ලංකාව ඔජදීප,වරදීප, මණ්ඩදීප යන නම්වලින් හඳුන්වල තියෙනවා. එතකොටත් කවුරු හරි හිටියනේ මෙහේ.

    ඔව් විජය ආපු එක ලොකු සන්ධිස්ථානයක් තමයි. ඒත් විජය පැවතෙන්නේ සිංහයෙක් කියන එකෙන්ම වැඩේ චක බ්ලාස්. ඒක සමහරවිට කවුරු හරි හිතා මතා ජාතිය පහත් කරන්න ගොතපු කතාවක් වෙන්න පුළුවන් උඹලා ආවේ තිරිසන්නු එක්ක ඉඳලා කියලා. විජය ආවේ 700 එක්ක. නමුත් එතකොටත් මිනිස්සු හිටපු නිසා 700 නොගිනිය හැකි තරම් ගණනක් වෙන්න පුළුවන්.

    සිංහල කියන්නේ සිව්හෙලයෝ කියනවා. විජයගෙන් ආපු රාජ පරම්පරාවෙන් පැවතගෙන එන අය රටේ විසිරිලා හිටපු කණ්ඩායම් එකට එකතු කරපු එක හරි.
    ආර්යන්ගේ ජාන අනිවාර්යෙන් තියෙනවා.

    මගේ ප්‍රශ්නේ මේකයි. කාටවත් පෙන්නන්න බැහැ හරි සිංහලයෙක් කියන්නේ කොහේ ඉන්න එකෙක්ද කියලා. උදාහරණයක් විදියට යාපනේ ඉන්න සිංහල කෙනෙක්ගේ ජාන අරන් බැලුවොත් දකුණු ඉන්දියාවේ ජාන තියෙන්න ඉඩකඩ වැඩියි. ගාල්ල, මාතර පැත්තේ ඉන්න අය බැලුවොත් ඒ අයගේ සංයුතිය වෙන කට්ටියකට ලං වෙයි. උදාහරණයක් විදියට ලන්දේසි, පෘතුගීසි, කාපිරි වගේ.
    හම්බන්තොට අයගේ මැලේ, මුස්ලිම් ජාන වැඩියි.
    නුවර අයගේ අනිවාර්යෙන් බ්‍රිතාන්‍ය සුද්දන්ගේ සහ මුස්ලිම් අයගේ සම්බවය තියෙනවා.
    ඒ කාලේ කොචින් ප්‍රදේශයෙන් ආපු කොච්චියෝ කියන අය, බෝරා මුස්ලිම් අය ඉඳලා තියෙනවා.
    එතකොට සිංහලයෙක් පෙන්නන්න කොහෙන්ද නියැදිය ගන්නේ ?

    සාරාංශය කිව්වොත් සිංහලයන්ගේ බහුතරයට එදා ගත්තත් අද ගත්තත් බෙංගාලි ජාන තියෙන්නේ කියන මතයට මම එකඟ නැහැ.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    සුපිරි නූල...👍👍

    ඔය රෙජී අයිය කියන්නෙ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්...
    එයා තමයි දැන් හොඳ දක්ශ නළුවෙක් වෙලා ඉන්න, ලක්ශ්මන් මෙන්ඩිස්ගෙ තාත්ත....

    කාපෙරි මුඩුක්කුවට එන්ට්‍රන්ස් තිබිල තියෙනව කොටුවෙ මල්වත්ත රෝඩ් එකෙන්...
    මල්වත්ත රෝඩ් එක පැත්තට ඉස්සර ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩාවෙ ගේට්ටුවක් තිබිල තියෙනව.... දැන් චාමස් කාර් පාක් එක තමයි ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් එක...

    කාපෙරි මුඩුක්කුවෙ ඉන්න කොල්ලො ඔය ඩිපාට්මන්ට් එකේ උන් එක්ක හරි හිතවත්...
    මුන් පිට්පොකට් ගහල, හොරකම් කරල කෙලින්ම දුවන්නෙ ගබඩාව ඇතුලට... පස්සෙන් එලවගෙන යන උන්ව ගබඩාවෙ සිකියුරිටි එකෙන් ඇතුලට ගන්නෙ නෑ... අරූ ඉතිං මේ පැත්තෙ ගේට් එකෙන් ඇතුලට ඇවිල්ල අනික් පැත්තෙ ගේට් එකෙන් එළියට එනව....😅
    ඔහුගේ පියා රෙජී මෙන්ඩිස් ලංකා සමසමාජ පක්ෂයේ හිටපු මධ්‍යම කාරක සභිකයෙකි. මොරටුව ප්‍රදේශයේ උපන් රෙජී කුඩා කාලයේ පල්ලියේ ලිපිකරුවෙකි. රෙජී අතීතයේ පැරණි ලංකා සමසමාජ පක්ෂයේ අධ්‍යාපන මණ්ඩලයේ ලේකම්වරයා වූ අතර තම පාක්ෂිකයන් දැනුවත් කිරීමේ තීරණාත්මක කාර්ය භාරය සැලකුවේ අද මාක්ස්වාදය පිළිබඳ පුහුණුවක් හා පළපුරුද්දක් ලබා ගැනීමටය. 1940 ගණන්වල මුල් භාගයේදී ඔහු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයට සම්බන්ධ විය. මේ අතර බ්‍රිතාන්‍ය රජය රෙජීට වෙඩි තැබීමට නියෝගයක් නිකුත් කර තිබුණා. 1952 රට පුරා පැවැති හර්තාල් යුද්ධයේදී පිටකොටුව පෙදෙසේ ඔහුගේ නායකත්වය කැපී පෙනුණි. ලංකා සමසමාජ පක්ෂ නායකයින් 1955 රැලියේදී නගර ශාලාවෙන් බැස එන විට එක් චීවරධාරියෙක් බෝම්බයක් පුපුරුවා හැරියේය. රෙජීගේ කොල්වින් ආර්. ද සිල්වා ආරක්‍ෂාව සඳහා ඉදිරියට එන බෝම්බයකට හසුව මැණික් කටුව අසලින් අත කැඩී ගියේය. රෙජී මිය ගියේ 2014 දෙසැම්බර් මාසයේදීය.​
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha

    බෝම්බෙ කතාව මමත් අහල තියෙනව අපේ තාත්තගෙන්...