BP, USP, IP උඹලා බොන බෙහෙත් වල කොලිටිය ගැන දැනගන්න 💊

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113



    පහුගිය දවස්වල ආණ්ඩුවෙන් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළා.

    එනම් 'ඖෂධ වලට පාලන මිලක්'.

    මාලිමා රජය මැදිහත් වී ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානම් වෙනවා.

    එහි බොහෝ කටයුතු දැනටමත් අවසන්.

    මේ ප්‍රවෘත්තිය කියවූ සැණින් ඔබට හැඟෙන මුල්ම ප්‍රතිචාරය මොකක්ද ?

    'හොඳ වැඩක්' කියලා නේද ?

    මිනිස්සු හූරගෙන කන 'ඖෂධ මාෆියාව' නැති කිරීමේ උත්සාහයක් වගේ නේද ?

    ඔව්! ඔවුන්ට අවශ්‍යත් ඔබ එහෙම හිතන්න.

    ............ ........... ........... ...........

    මගේ මිත්‍රයෙක් ඉන්නවා.

    ඔහු කොලෙස්ටරෝල් සඳහා දිනපතාම ඖෂධයක් (Statin) ලබා ගන්නවා.

    එකම ඖෂධ වුනත් එහි වර්ග තුනක් තිබෙනවා.

    එක සන්නාමයක බෙහෙත් පෙත්තක් රුපියල් 75ක් පමණ වෙනවා.

    ඒ බෙහෙත BP (British Pharmacopoeia). එනම් ඖෂධ සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතිය සැපිරූ ඖෂධයක්.

    එම ඖෂධයේම තවත් සන්නාමයක් තිබෙනවා. එහි බෙහෙත් පෙත්තක් රුපියල් 24 ක් පමණ වෙනවා.

    එය IP (Indian Pharmacopoeia) එනම් ඉන්දියානු ප්‍රමිතිය සැපිරූ බෙහෙතක්.

    එමෙන්ම මේ බෙහෙතම SPC විසින් වෙළඳපොලට නිකුත් කරනවා.

    එහි බෙහෙත් පෙත්තක් රුපියල් 4 යි.

    එකම බෙහෙත, සන්නාම තුනකින්, ප්‍රමිතීන් තුනකින් මිල තුනකට පවතිනවා.

    එකක් රුපියල් 75 යි. අනෙක රුපියල් 24 යි. අනෙක රුපියල් 4 යි. විශාල වෙනසක්.

    මගේ මිත්‍රයා පාවිච්චි කරන්නේ BP එනම් බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධය.

    ............... ........... ................ ..............

    ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ ප්‍රධාන වශයෙන් ප්‍රමිතීන් තුනකට අයත් වෙනවා.

    1) BP - බ්‍රිතාන්‍ය ප්‍රමිතිය

    2) USP - ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රමිතිය

    3) IP - ඉන්දියානු ප්‍රමිතිය

    ඔබ මිලට ගන්නා බෙහෙත් වලත් මේ අකුරු සටහන් කර ඇති. පරීක්ෂා කර බලන්න.

    එකම ඖෂධය වුනත් මේ ප්‍රමිතීන් වෙනස්.

    උදාහරණයක් ලෙස ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය ප්‍රමිතියේ ඖෂධ (සාපේක්ෂව) උසස් යයි සැලකිය හැකියි.

    එයට හේතුව ඒ ඖෂධ වලට පවතින ප්‍රමිතීන් ඉතා ඉහළයි. එමෙන්ම ඖෂධ නිපදවීමට යොදාගන්නා තාක්ෂණය සහ පිරිවැය ඉතා ඉහළයි.

    ඒ ඖෂධ උදෙසා සිදු කරන සායනික පරීක්ෂණ වැඩියි. එමෙන්ම ඖෂධයක් පිළිගැනීමට නම් සාධනය කළ යුතු අවශ්‍යතා බොහෝයි.

    මේ ප්‍රමිතීන් නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන BP / USP ඖෂධ අනෙකුත් ඖෂධ වලට වඩා මිලෙන් වැඩියි.

    නමුත් IP හෙවත් ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ මිලෙන් අඩුයි.

    ඉන්දියාව දැන් මහා පරිමානයෙන් ඖෂධ නිපදනවා.

    ඔවුන්ගේ ඖෂධ මිලෙන් අඩුයි.

    එමෙන්ම තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් ද සාපේක්ෂව අඩුයි.

    ඉන්දියානු ඖෂධ වලට එතරම් දැඩි නියාමනයක් සහ පාලනයක් (බ්‍රිතානයේ සහ ඇමෙරිකාවේ තරම්) නැහැ.

    ඔවුන්ගේ ප්‍රධාන වෙළඳපල දකුණු ආසියාව.

    එම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන ඉන්දියානු ඖෂධ, ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ වලට වඩා මිලෙන් අඩුයි.

    ................. .................. ..............

    ඖෂධ පාලන මිලක් දැමීමෙන් රජය සිදු කරන්නේ මොකක්ද ?

    උදාහරණයක් ලෙසට මගේ මිත්‍රයා ලබා ගන්නා ඖෂධයේ උපරිම පාලන මිල රුපියල් 25 ක් කරනවා.

    එවිට සිදුවන්නේ කුමක්ද ?

    බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධය රුපියල් 25 ට අලෙවි කරන්න බැහැ.

    ලාභය කපා දැමුමත් එය රුපියල් 25 ට අලෙවි කළ නොහැකියි.

    රුපියල් 75 ඖෂධය, 70 ට අලෙවි කළත් 25 ට අලෙවි කළ නොහැකියි.

    එම නිසා ඔවුන්ට ඉතිරිව ඇති එකම විකල්පය ශ්‍රී ලංකාව හැරයාම පමණයි.

    නමුත් ඉන්දියානු බෙහෙත් පෙත්ත රුපියල් 25 ට විකිණිය හැකියි.

    අවශ්‍ය නම් රුපියල් 4 ට ලබා දෙන SPC පෙත්තත්, රුපියල් 25 ක් දක්වා ඉහළ දමා ඉන්දියානු බෙහෙත් පෙත්තට ඇති තරගකාරීත්වය නැති කළ හැකියි.

    මේ ඖෂධ පාලන මිලෙන් සිදු කරන්නේ එක් රැයකින් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම.

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු බෙහෙත් ඒකාධිකාරියකට පිටිය සැකසීම පමණයි.

    එමගින් ආර්ථිකමය වශයෙන් රුපියල් 75 BP ඖෂධය ලබා ගත හැකි පුද්ගලයාට, ඉන්දියානු ඖෂධය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති වෙනවා.

    සැබැවින්ම ඖෂධ පාලන මිලක් දැමීමේ යථාර්තය ඒක.

    මින්පෙර මේ ක්‍රියාවම පැරසිටමෝල් සඳහා සිදු කළා.

    සිදු වූණේ එතෙක් යුරෝපයෙන් ගෙන්වූ උසස් තත්ත්වයේ පැරසිටමෝල් ශ්‍රී ලංකා වෙළඳපොලේ නැතිවීම සහ ඉන්දියානු පැරසිටමෝල් එකම විකල්පය වීම පමණයි.

    එයින් ඉන්දියානු පැරසිටමෝල් වල මිල රුපියලකින් හෝ ඉහළ ගියා මිසෙක සතයකින් හෝ පහළ ගියේ නැහැ.

    අදත් ඔබ පැරසිටමෝල් මිලට ගන්නේ එදා මිලටමයි. පාලන මිලෙන් සිදුවූයේ ඔබට යුරෝපීය පැරසිටමෝල් අහිමි වීම පමණයි.

    ඉතින් මේ ඖෂධ පාලන මිල යනු මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ ව්‍යාපෘතියක්.

    එමගින් උසස් තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලාංකිකයාට ඇහැරීම මිසෙක, එක සතයකින් ඖෂධ මිල පහල යන්නේ නැහැ.

    ................ ............ ............. ...........

    මෙය සිදුවන්නේ පසුගිය දා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් එක් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැකියි.

    ගිවිසුම් අත්සන් කළ සැණින්ම පුබුදු ජයගොඩ මේ පිළිබඳව හෙළිදරව්වක් කළා.

    නමුත් නලින්ද ජයතිස්ස සුපුරුදු උද්ධච්ඡ ස්වරණයෙන් සහ විහිලුවෙන් එය ප්‍රතික්ෂේප කළා.

    ගිවිසුම් හත රජය ප්‍රසිද්ධ නොකළත් මේ සිදුවන ක්‍රියා අනුව අදාල ගිවිසුම් වල අන්තර්ගතය අපිට උපකල්පනය කළ හැකියි.

    මේ රුපියල් බිලියන ගණනක් වටිනා මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ උත්සාහයක්.

    එමෙන්ම ඔබට උසස් ප්‍රමිතියේ ඖෂධ ලබා ගැනීමට ඇති අවස්ථාවන් නැති කිරීමක්.

    එදා ඉන්දියාවෙන් ළූණූ ආනයනය කළ පිටකොටුවේ ව්‍යාපාරිකයා සහ ඉන්දියානු ළුණූ විකිණු සිල්ලර කඩේ මුදලාලි ඝාතනය කළ ජවිපෙ, අද බලයට පත් වී, බල ලෝභකම නිසා, ඉන්දියාව තරහා කර ගැනීමේ අකමැත්ත මත ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය ඉන්දියාවට පාවා දෙන්නේ මෙලෙසයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    එ කියන්නෙ සේනක බිබිලේ ප්‍රතිපත්තිය යල්පැන ගිය ක්‍රමයක් කියලද

    වාහන වලටත් පාලන මිලක් ගේන්න ඕන.
    එතකොට හැමෝටම ගන්න පුළුවන් එක සමාන වාහන ජාතියක් විතරයි.
    සල්ලි තිබුණා කියලා වැඩිපුර ප්‍රභූ සැප ගැනීම බෑ.
    සමාජවාදය ❤️🤩
     
    • Haha
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    දන්නෙත් නෑ ඇත්තද බොරුද කියලා

    නිකාං කමෙන්ට් කරනවා
    අපුල්ලන්න කලින් ගූ රෙදි ටික වතුරේ දැම්මා විතරයි.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    සමාජවාදය fail වෙන්න හේතුව ඕක . . . හැම දේටම රාජ්‍ය මැදිහත් වීම

    රජයේ උඩම ඉන්න උන් ඕවගෙන් වාසි ගන්නවා - Then, Corruption
     
    • Like
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මේක ඇත්ත. යුරෝප් ගොඩක් බෙහෙත් දැනටම නෑ. බොරු සමාජවාදෙන් ඉන්දියාවට පිටිය හදල දෙන එක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේක ඇත්ත නං එතන අවුලක් තියෙනවා
    page.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක


    අන්න ඒකයි ඕක ඇත්ත නං එතන අවුලක් තියෙනවා. බලපන් තැරි මෝඩ බයියන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑනෙ.

    තාම බයි කෙඳිරිලි, වැලපිලි විතරයි. චෝදනා, නඩු මොනවත් නෑ. ඒකෙන්ම තේරෙනවා වැඩේ ඇත්ත කියලා 😂

    උන් කියනවා කෙහෙළිය සර්ට කෙළවපු නිසා නලින්දටත් කෙළවන්න ඕනලු. 😹
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    රජයට කරන්න තිබ්බේ පාලන මිළක් නොදමා BP USP IP වල ප්‍රමිතිය සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඕනෑම ආයතනයකට ගෙන්වීමට ඉඩ දීමය. එතකොට ඒකාධිකාරයක් ඇති වෙන්නේ නැහැ හිතුමතේට මිළ වැඩි කරන්නත් බැහැ.
    මේක ඖෂධ වලට විතරක් නොකර ආනයන භාණ්ඩ සියල්ලමට කරන්න ඕනි. මාෆියා නැති කරන්න ඕනි