Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැරණි පෙම්වතා වෙත..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු සිය දෙමාපියන් වෙත මා හඳුන්වා දුන්නේම "මෙයාට මං කැමතියි අම්මා.මෙයා කැමති වුනොත් බඳිනවා " යැයි සෘජුව කියමිනි.මා සිටියේ තිස් එක්වන වියේ එළිපත්තේය.

"මට තව පහු වුනත් කමක්නෑ.ඔයා තව පහුවෙන්න හොඳ නැති නිසා අපි බඳිනවා..හරිද..ගේ වැඩ ඉවරකරන්න මට තව අවුරුදු දෙකක් යනවා..ඒ වෙනකම් අපි මගෙ යාලුවෙක්ගෙ ඇනෙක්ස් එකක රෙන්ට් එකට ඉන්නවා..නැත්තං ඔයා කැමති නම් අපිට බාගෙට හදපු ගේ ඉන්නත් පුලුවන් "

ඒ ඔහුය.ඔහුට සෑම දෙයක් පිළිබඳවම සැලසුම් තිබේ..ඇතැම් සැලසුම් අසාර්ථක වන නමුදු වැදගත් වන්නේ සැලැස්මක් ඇතිව සිටීම නොවේද?

*පිරිමියෙකුට අගනා ප්රාතිහාර්යකින් මුදල් ලැබෙන තුරු බලා සිටීම නොව ප්රායෝගික සැලසුම් සහිතව ඉපැයීමේ හැකියාව ඇති අයෙකු වීමය.

ඔබ කියූවේ "මට ගොඩ යෑමක් පේන්නෙ නෑ.කවදා මේව ඉවර වෙයිද දන්නෑ..මට ටිකට් එකට්වත් ඇදුනොත්.."

ඔය වැනි වැනෙන කතා පිරිමින්ට නොගැලපෙන බව මම අනේක වර කියා ඇත්තෙමි.නැවත නැවතත් කියමි.

*"අනේ මන්දා" කීම ගැහැනුන්ට සුන්දර නමුත් පිරිමින්ට අජූවය..

මා සිටියේ ගිලෙන්නට ආසන්නවය.

*ගිලෙන්නට යන එකාට අවශ්ය වනුයේ කෙසේ හෝ බේරාගන්නෙකු මිස "තවමත් මට ඔබව බේරාගැනීමට හැකියාවක් නෑ.මම හැකියාවන්ගෙන් පූර්ණවී පැමිණෙනතුරු කෙසේ හෝ නොමැරී නොගිලී සිටින්නැයි කියන්නෙකු නොවේ..ඔබ නොකියා කීවේ

එයයි.

අතර තුර ඔහු පැමිණ මා ගොඩ ගත්තේය.

ඔබට මා උදෙසා කළ හැක්කේ මොනවාද?රිසි පරිදි යහන්ගත වීමද?එයද හැකියාවක් වුවද මට පිරිමියෙක් හා විවාහයක් අවශ්ය වන්නේ යහන්ගත වීම උදෙසා පමණක් නොවේ.

*මට අනුව නම් යහන්ගත වීම මට ඕනෑ කරන්නේ සුරක්ෂිත නිවහනක්, සුවදායක නින්දක්,තනි වී නොමැති බවක් හා කිසිදා අත නාරින්නෙකු සිටින බවට විශ්වසයක්,සමාජීයමය ගරුත්වයක් හා සුරක්ෂිත බවක් යනාදී සියල්ලට පසුවය.

*ගිලෙන්නට යන විට ගොඩ ගන්නට නොහැකි නමුත් යහන්ගත වන්නට නම් සුදුසුකම් සොයන ප්රේමයකට වඩා ගැහැනියකට උවමනා කරන්නේත් ගැහැනුන් අපේක්ෂා කරන්නේත් ගිලෙන්නට නොදී රැක ගන්නා ප්රේමයකි.

*එයිනුත් තිහ පැන්නායින් පසුව ප්රේමය යන්නෙන් තමා බලාපොරොත්තු වන්නේ මොනවාදැයි හොඳින් වැටහෙන්නට පටන් ගනී.තවත් අතකට ප්රේමය වඩාත් අවශ්ය වන්නේ රැක බලාගැනිමක් අවශ්යම වන්නේ වයස්ගත වන බව දැනෙන්නට පටන් ගත් පසුවය.

"මගේ තත්වයන් දැනගෙන නොවෙයිද ඔබ මට ආදරය කළේ ?" යැයි ඔබට ඇසිය හැකිය.ඔව් දැන සිටියෙමි.එහෙත් විවාහයකින් මට උවමනා මොනවාද යන්නත් ඔබෙන් මට බලාපොරොත්තු විය හැකි සීමාව කුමක්ද යන්නත් එවකට මා දැන සිටියේ නැත.ඔබට ඇති හැකියාව සහ ඔබේ අදහස් උදහස් සියල්ල මා එවකට දැන සිටියේ නැත.

අනෙක් අතට අවසාන වතාවට අප අතර ඇති වූ බහින්බස් වීමෙන් පසුව වත් ඔබ විවාහයක් පිළිබදව තීරණයක් ගත්තානම් අද ඔබ අවසන් ලියුම එවන්නේවත් මා පිළිතුරු ලිපි ලියන්නේවත් නැත.ඔබ මා වූවා නම් එදින මා ගන්නා තීරණය වන්නේ මෙවැන්නකි.

"හරි ..අපි නීතියෙන් බඳිමු..කාටවත් කියන්න ඕන නෑ.මම මොකක් හරි පිළිවෙලක් කරගන්නකම් අපි කවුරුත් නොදැන ඉමු.හරියටම අවුරුද්දක් ඇතුළත මම ඔයාව මගෙ ළඟට ගන්නවා."

කෙසේ හෝ එසේ වූයේ නැත.නොවූ එක හොඳය.එය එසේ වූවානම් සදා කාලයටම

ඔබ වැන්නෙකු හා ජීවත් වෙමින් දුක් විඳිය යුතුය.

ඔබ අතහැර වෙනත් විවාහයක් කර ගැනීම පිළිබඳව යම් දුකක් තිබුණා නම් ඒ දුකද ඔබෙ ලිපිය කියවීමෙන් පසු මුලුමනින්ම ඉවත්ව ගියේ ඔබගේ කුහක බව,ඉරිසියාකාර බව මෙන්ම නොහැකියාවේ තරමද පෙන්වා ඇති නිසාය.මුලු විවාහ මංගල්ලය තුළම ඔබ දැක ඇත්තේ එයා පැළැන්ඳූ මංගළ මුදුව හා අනෙක් ආභරණත් පමණි.ඒවා ආඩම්බරකමකින් සිටියාය යන්නම ඔබ හීනමානයකින් සිටි බව කියා පානවා නොවේද.අභරණ අන්ඳන රන්වන විහිලුව සදාතනික ආදරය නොවන බව ඔබ කියා ඇත.

*අභරණ පැලඳීමට ඇති ආශාව සදා සදාකාලයටම අමතක කර දමාපන් යැයි ඉඟි කිරීමද සදාතනික ආදරය නොවන බවද නිකමට මෙන් කීමට කැමැත්තෙමි.

සත් මහලක සිටින පෙම්වතියක් පැලකට ගෙනවිත් ඇය හා නිදි වැද දරුවන් වදා ඇයට කිසිදා ආභරණයක් දැරිය නොහැකි තත්වයට පත්කිරීම සදාතනික ආදරයද?

"එහෙම කරන්න බැරි නිසා තමයි නොබැන්ඳේ "කීමට ඔබට හැකිය.එය හපන්කමක් නොවේ.

*නියම පිරිමියෙකු යනු නොහැකියාව පිළිගෙන කරබා, මුහුණ ඔබා ගන්නෙකු නොවේ..හැකියාව ඇත්තෙකු බවට පත්වී තමා ආශා කළ ගැහැනියක තමා සෙවණට ගන්නෙකි.

සැබෑ ප්රේමය උදෙසා ලුනුයි බතුයි කෑමට සත් මහලින් බැස ආ ගෑනු කොතෙකුත්, අවසානයේ "තෝ මාව කෑවා "කියනුත් "මට මොනව වෙලා මූ එක්ක ආවද මන්ද..මූ මොනව හරි කරලා මාව ගෙනාවෙ " යැයි නොදන්නා හූනියමකට දොස් පවරනුත් අපි ඕනෑතරම් දැක ඇත්තෙමු.

*සැබෑ ආදරය නම් එකට ඕනෑම දුකක් විඳීම බව ඔබ කියනු ඇත.

ඇත්තට...??ඔබේ අම්මා වැනි ජීවිතයක්ද??

සැබෑ ප්රේමය උදෙසා සාලිය අශෝකමාලා වන වැද දුක් විඳිමින් කළේ මහා කාරියක් යැයි ඔබ වරක් කියා ඇති නමුත් මා එසේ සිතන්නේ නැත.මට අනුව නම් සාලිය තඩි ගොනෙකි.අශෝක මාලාට තියා කිසිඳු ගැහැනියකට නොගැලපෙන මෝඩයෙකි.ඔහු කළ යුතුව තිබුණේ අර අශෝක මාලාවගේ චන්ඩාල ගති ඉවත් කරවා සාමාන්ය තත්වයට ගෙන ඔය කැලෑවෙන් පැන ගොස් කොහේ හෝ ගම්මානයක සාමාන්ය ජීවිතයක් ගත කිරීමය.

*සහකාරත්වය ජීවිතය වඩා පහසු කරගැනීම උදෙසා මිස දුක් විඳීම උදෙසා කුමකටද

*කතාන්දර වලට පමණක් සුදුසු උදාහරණ දාසයේ කෙල්ලකට මිස විසි අටෙන් තිහෙන් එහා තරුණියකට ආහ්ලාදයක් ගෙනෙන්නේ නැති බව ඔබ දැනගත යුතුය.

මා ඔබව අතහැර මුදල් ඇති පිරිමියෙකු තෝරාගත්තාය යන චෝදනාවට මගේ පිළිතුර මෙයයි.

*ගැහැණුන් විවාහ වීමට තෝරාගන්නේ මුදල් ඇති පිරිමියෙකුම නොවේ.හැකියාව ඇති පිරිමියෙකි. එනම් රැක බලා ගැනීමේ හැකියාවය ඇති පිරිමියෙකි.

ලුණුයි බතුයි කමින් හෝ ඔබ සමඟ වසන්නට එමි යැයි කීම ආදරයම නොව එක් ආකාරයක උමතුවක් වන අතර ආලයෙහි ඇති අන්ධ බවේ ප්රතිපලයක් වෙයි.ඒ ප්රතිපලයේ අවසන් ප්රතිපලය පරිදි අඟ හිඟ කම් ඉදිරි දොරින් ආදා ආලය පසු පස දොරින් පලා ගිය කතා අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු.

*ආදරය කිරීම හෙවත් සම්බන්ධතාවයක් ඇති කරගැනීමට හෝ පවත්වාගෙන යෑමට මෙකී රැක බලා ගැනීමට ඇති හැකියාව එතරම් වැදගත් නොවන නමුත් විවාහයකටනම් ඔය කියන ආදරයටත් වඩා වැදගත් වන්නේ මෙකී රැක බලා ගැනීමේ හැකියාවය.

*කෙටියෙන්ම කියතහොත් රැක බලා ගැනීමට ඔබට ඇති හැකියාව මත අනෙකාගේ ගෞරවයත් ,ආදරයත් තීරණය වෙයි.

ඔබට නැතිම වූයේත් මට අවශ්යම වුයේත් ඒ එකම එක කාරණාවය.එනම් රැක බලා ගැනීමේ හැකියාව ඔබට නොමැති වීමය.

තවත් වරක් කියමි..ඔබට අනුව ගැහැනුන් විවාහයකින් සොයන්නේ මුදල් ය.මට අනුව ගැහැනුන් විවාහයට හොයන්නේ හැකියාව ඇති පිරිමියෙකි.

තමාගේම යැයි අති මහත් ආදායම් ඇතත් කෝටි ගණන් මුදල් ඇතත්,, තමන්ගේ මිනිහාගේ මුදලින් කන බොන විට අඳින පළඳින විට තමාගේ මිනිහා ප්රබල පිරිමියෙකු බව පෙනෙනෙ විට පමණක් සංතර්පණය වන කුමක්දෝ මනෝභාවයක් ගැහැනුන්ට ඇත.

*මොට්ට තකතීරු මරි මෝඩ ළදකට හෝ එල්ලීමට වැලක් නැති බඩ්ඩකට මිනිහා විමට කොහෙත්ම උවමනා නොවන්නාවූ ඉහත කී රැක බලා ගැනීමේ හැකියාව බුද්ධිමත් හා අවබෝධයක් ඇති ගැහැනියකගේ සැමියා වීමට නම් අවශ්ය බව නොකියාම බැරිය.

සැබ්බවින්ම අප නොගැළපුනේ පසුව නොවේ.මුල පටන්මය.අපට එය වැටහුණේ පසුවය.

ඔබ බලාපොරොත්තු වූ සියල්ල මා තුළ තිබූ නමුත් මා බලාපොරොත්තු වු වැදගත්ම දෙය ඔබ තුළ තිබුණේ නැත.

ඔබ ඔබගේ නොහැකියාව නැවත වරක් පෙන්වා ඇත.කෙටියෙන්ම කියතහොත් මා විවාහ කරගන්නැයි බල කරමින් රන්ඩුකිරීම පිළිබදව ලැජ්ජාවක් ඇතිවූයේ මේ ලිපියේ මා හඬනු ඇතැයිද ඔබේ සිත තද නින්දේ යැයිද කියා ඉක්බිති කියා තිබූ ආඩපාලි දුටු විටය.

මේ මගේ අවසන් පිළිතුරය.ඔබ මා වෙන්වූයේ, මා වෙන දීගෙක ගියේ ඔබගේ නොහැකියාව නිසාය..

මම

වෙන දීගෙක ගිය පැරණි පෙම්වතිය

[QUOTE="araki, post: 26308013, member: 360239"] ඔහු සිය දෙමාපියන් වෙත මා හඳුන්වා දුන්නේම "මෙයාට මං කැමතියි අම්මා.මෙයා කැමති වුනොත් බඳිනවා " යැයි සෘජුව කියමිනි.මා සිටියේ තිස් එක්වන වියේ එළිපත්තේය. "මට තව පහු වුනත් කමක්නෑ.ඔයා තව පහුවෙන්න හොඳ නැති නිසා අපි බඳිනවා..හරිද..ගේ වැඩ ඉවරකරන්න මට තව අවුරුදු දෙකක් යනවා..ඒ වෙනකම් අපි මගෙ යාලුවෙක්ගෙ ඇනෙක්ස් එකක රෙන්ට් එකට ඉන්නවා..නැත්තං ඔයා කැමති නම් අපිට බාගෙට හදපු ගේ ඉන්නත් පුලුවන් " ඒ ඔහුය.ඔහුට සෑම දෙයක් පිළිබඳවම සැලසුම් තිබේ..ඇතැම් සැලසුම් අසාර්ථක වන නමුදු වැදගත් වන්නේ සැලැස්මක් ඇතිව සිටීම නොවේද? *පිරිමියෙකුට අගනා ප්රාතිහාර්යකින් මුදල් ලැබෙන තුරු බලා සිටීම නොව ප්රායෝගික සැලසුම් සහිතව ඉපැයීමේ හැකියාව ඇති අයෙකු වීමය. ඔබ කියූවේ "මට ගොඩ යෑමක් පේන්නෙ නෑ.කවදා මේව ඉවර වෙයිද දන්නෑ..මට ටිකට් එකට්වත් ඇදුනොත්.." ඔය වැනි වැනෙන කතා පිරිමින්ට නොගැලපෙන බව මම අනේක වර කියා ඇත්තෙමි.නැවත නැවතත් කියමි. *"අනේ මන්දා" කීම ගැහැනුන්ට සුන්දර නමුත් පිරිමින්ට අජූවය.. මා සිටියේ ගිලෙන්නට ආසන්නවය. *ගිලෙන්නට යන එකාට අවශ්ය වනුයේ කෙසේ හෝ බේරාගන්නෙකු මිස "තවමත් මට ඔබව බේරාගැනීමට හැකියාවක් නෑ.මම හැකියාවන්ගෙන් පූර්ණවී පැමිණෙනතුරු කෙසේ හෝ නොමැරී නොගිලී සිටින්නැයි කියන්නෙකු නොවේ..ඔබ නොකියා කීවේ එයයි. අතර තුර ඔහු පැමිණ මා ගොඩ ගත්තේය. ඔබට මා උදෙසා කළ හැක්කේ මොනවාද?රිසි පරිදි යහන්ගත වීමද?එයද හැකියාවක් වුවද මට පිරිමියෙක් හා විවාහයක් අවශ්ය වන්නේ යහන්ගත වීම උදෙසා පමණක් නොවේ. *මට අනුව නම් යහන්ගත වීම මට ඕනෑ කරන්නේ සුරක්ෂිත නිවහනක්, සුවදායක නින්දක්,තනි වී නොමැති බවක් හා කිසිදා අත නාරින්නෙකු සිටින බවට විශ්වසයක්,සමාජීයමය ගරුත්වයක් හා සුරක්ෂිත බවක් යනාදී සියල්ලට පසුවය. *ගිලෙන්නට යන විට ගොඩ ගන්නට නොහැකි නමුත් යහන්ගත වන්නට නම් සුදුසුකම් සොයන ප්රේමයකට වඩා ගැහැනියකට උවමනා කරන්නේත් ගැහැනුන් අපේක්ෂා කරන්නේත් ගිලෙන්නට නොදී රැක ගන්නා ප්රේමයකි. *එයිනුත් තිහ පැන්නායින් පසුව ප්රේමය යන්නෙන් තමා බලාපොරොත්තු වන්නේ මොනවාදැයි හොඳින් වැටහෙන්නට පටන් ගනී.තවත් අතකට ප්රේමය වඩාත් අවශ්ය වන්නේ රැක බලාගැනිමක් අවශ්යම වන්නේ වයස්ගත වන බව දැනෙන්නට පටන් ගත් පසුවය. "මගේ තත්වයන් දැනගෙන නොවෙයිද ඔබ මට ආදරය කළේ ?" යැයි ඔබට ඇසිය හැකිය.ඔව් දැන සිටියෙමි.එහෙත් විවාහයකින් මට උවමනා මොනවාද යන්නත් ඔබෙන් මට බලාපොරොත්තු විය හැකි සීමාව කුමක්ද යන්නත් එවකට මා දැන සිටියේ නැත.ඔබට ඇති හැකියාව සහ ඔබේ අදහස් උදහස් සියල්ල මා එවකට දැන සිටියේ නැත. අනෙක් අතට අවසාන වතාවට අප අතර ඇති වූ බහින්බස් වීමෙන් පසුව වත් ඔබ විවාහයක් පිළිබදව තීරණයක් ගත්තානම් අද ඔබ අවසන් ලියුම එවන්නේවත් මා පිළිතුරු ලිපි ලියන්නේවත් නැත.ඔබ මා වූවා නම් එදින මා ගන්නා තීරණය වන්නේ මෙවැන්නකි. "හරි ..අපි නීතියෙන් බඳිමු..කාටවත් කියන්න ඕන නෑ.මම මොකක් හරි පිළිවෙලක් කරගන්නකම් අපි කවුරුත් නොදැන ඉමු.හරියටම අවුරුද්දක් ඇතුළත මම ඔයාව මගෙ ළඟට ගන්නවා." කෙසේ හෝ එසේ වූයේ නැත.නොවූ එක හොඳය.එය එසේ වූවානම් සදා කාලයටම ඔබ වැන්නෙකු හා ජීවත් වෙමින් දුක් විඳිය යුතුය. ඔබ අතහැර වෙනත් විවාහයක් කර ගැනීම පිළිබඳව යම් දුකක් තිබුණා නම් ඒ දුකද ඔබෙ ලිපිය කියවීමෙන් පසු මුලුමනින්ම ඉවත්ව ගියේ ඔබගේ කුහක බව,ඉරිසියාකාර බව මෙන්ම නොහැකියාවේ තරමද පෙන්වා ඇති නිසාය.මුලු විවාහ මංගල්ලය තුළම ඔබ දැක ඇත්තේ එයා පැළැන්ඳූ මංගළ මුදුව හා අනෙක් ආභරණත් පමණි.ඒවා ආඩම්බරකමකින් සිටියාය යන්නම ඔබ හීනමානයකින් සිටි බව කියා පානවා නොවේද.අභරණ අන්ඳන රන්වන විහිලුව සදාතනික ආදරය නොවන බව ඔබ කියා ඇත. *අභරණ පැලඳීමට ඇති ආශාව සදා සදාකාලයටම අමතක කර දමාපන් යැයි ඉඟි කිරීමද සදාතනික ආදරය නොවන බවද නිකමට මෙන් කීමට කැමැත්තෙමි. සත් මහලක සිටින පෙම්වතියක් පැලකට ගෙනවිත් ඇය හා නිදි වැද දරුවන් වදා ඇයට කිසිදා ආභරණයක් දැරිය නොහැකි තත්වයට පත්කිරීම සදාතනික ආදරයද? "එහෙම කරන්න බැරි නිසා තමයි නොබැන්ඳේ "කීමට ඔබට හැකිය.එය හපන්කමක් නොවේ. *නියම පිරිමියෙකු යනු නොහැකියාව පිළිගෙන කරබා, මුහුණ ඔබා ගන්නෙකු නොවේ..හැකියාව ඇත්තෙකු බවට පත්වී තමා ආශා කළ ගැහැනියක තමා සෙවණට ගන්නෙකි. සැබෑ ප්රේමය උදෙසා ලුනුයි බතුයි කෑමට සත් මහලින් බැස ආ ගෑනු කොතෙකුත්, අවසානයේ "තෝ මාව කෑවා "කියනුත් "මට මොනව වෙලා මූ එක්ක ආවද මන්ද..මූ මොනව හරි කරලා මාව ගෙනාවෙ " යැයි නොදන්නා හූනියමකට දොස් පවරනුත් අපි ඕනෑතරම් දැක ඇත්තෙමු. *සැබෑ ආදරය නම් එකට ඕනෑම දුකක් විඳීම බව ඔබ කියනු ඇත. ඇත්තට...??ඔබේ අම්මා වැනි ජීවිතයක්ද?? සැබෑ ප්රේමය උදෙසා සාලිය අශෝකමාලා වන වැද දුක් විඳිමින් කළේ මහා කාරියක් යැයි ඔබ වරක් කියා ඇති නමුත් මා එසේ සිතන්නේ නැත.මට අනුව නම් සාලිය තඩි ගොනෙකි.අශෝක මාලාට තියා කිසිඳු ගැහැනියකට නොගැලපෙන මෝඩයෙකි.ඔහු කළ යුතුව තිබුණේ අර අශෝක මාලාවගේ චන්ඩාල ගති ඉවත් කරවා සාමාන්ය තත්වයට ගෙන ඔය කැලෑවෙන් පැන ගොස් කොහේ හෝ ගම්මානයක සාමාන්ය ජීවිතයක් ගත කිරීමය. *සහකාරත්වය ජීවිතය වඩා පහසු කරගැනීම උදෙසා මිස දුක් විඳීම උදෙසා කුමකටද *කතාන්දර වලට පමණක් සුදුසු උදාහරණ දාසයේ කෙල්ලකට මිස විසි අටෙන් තිහෙන් එහා තරුණියකට ආහ්ලාදයක් ගෙනෙන්නේ නැති බව ඔබ දැනගත යුතුය. මා ඔබව අතහැර මුදල් ඇති පිරිමියෙකු තෝරාගත්තාය යන චෝදනාවට මගේ පිළිතුර මෙයයි. *ගැහැණුන් විවාහ වීමට තෝරාගන්නේ මුදල් ඇති පිරිමියෙකුම නොවේ.හැකියාව ඇති පිරිමියෙකි. එනම් රැක බලා ගැනීමේ හැකියාවය ඇති පිරිමියෙකි. ලුණුයි බතුයි කමින් හෝ ඔබ සමඟ වසන්නට එමි යැයි කීම ආදරයම නොව එක් ආකාරයක උමතුවක් වන අතර ආලයෙහි ඇති අන්ධ බවේ ප්රතිපලයක් වෙයි.ඒ ප්රතිපලයේ අවසන් ප්රතිපලය පරිදි අඟ හිඟ කම් ඉදිරි දොරින් ආදා ආලය පසු පස දොරින් පලා ගිය කතා අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. *ආදරය කිරීම හෙවත් සම්බන්ධතාවයක් ඇති කරගැනීමට හෝ පවත්වාගෙන යෑමට මෙකී රැක බලා ගැනීමට ඇති හැකියාව එතරම් වැදගත් නොවන නමුත් විවාහයකටනම් ඔය කියන ආදරයටත් වඩා වැදගත් වන්නේ මෙකී රැක බලා ගැනීමේ හැකියාවය. *කෙටියෙන්ම කියතහොත් රැක බලා ගැනීමට ඔබට ඇති හැකියාව මත අනෙකාගේ ගෞරවයත් ,ආදරයත් තීරණය වෙයි. ඔබට නැතිම වූයේත් මට අවශ්යම වුයේත් ඒ එකම එක කාරණාවය.එනම් රැක බලා ගැනීමේ හැකියාව ඔබට නොමැති වීමය. තවත් වරක් කියමි..ඔබට අනුව ගැහැනුන් විවාහයකින් සොයන්නේ මුදල් ය.මට අනුව ගැහැනුන් විවාහයට හොයන්නේ හැකියාව ඇති පිරිමියෙකි. තමාගේම යැයි අති මහත් ආදායම් ඇතත් කෝටි ගණන් මුදල් ඇතත්,, තමන්ගේ මිනිහාගේ මුදලින් කන බොන විට අඳින පළඳින විට තමාගේ මිනිහා ප්රබල පිරිමියෙකු බව පෙනෙනෙ විට පමණක් සංතර්පණය වන කුමක්දෝ මනෝභාවයක් ගැහැනුන්ට ඇත. *මොට්ට තකතීරු මරි මෝඩ ළදකට හෝ එල්ලීමට වැලක් නැති බඩ්ඩකට මිනිහා විමට කොහෙත්ම උවමනා නොවන්නාවූ ඉහත කී රැක බලා ගැනීමේ හැකියාව බුද්ධිමත් හා අවබෝධයක් ඇති ගැහැනියකගේ සැමියා වීමට නම් අවශ්ය බව නොකියාම බැරිය. සැබ්බවින්ම අප නොගැළපුනේ පසුව නොවේ.මුල පටන්මය.අපට එය වැටහුණේ පසුවය. ඔබ බලාපොරොත්තු වූ සියල්ල මා තුළ තිබූ නමුත් මා බලාපොරොත්තු වු වැදගත්ම දෙය ඔබ තුළ තිබුණේ නැත. ඔබ ඔබගේ නොහැකියාව නැවත වරක් පෙන්වා ඇත.කෙටියෙන්ම කියතහොත් මා විවාහ කරගන්නැයි බල කරමින් රන්ඩුකිරීම පිළිබදව ලැජ්ජාවක් ඇතිවූයේ මේ ලිපියේ මා හඬනු ඇතැයිද ඔබේ සිත තද නින්දේ යැයිද කියා ඉක්බිති කියා තිබූ ආඩපාලි දුටු විටය. මේ මගේ අවසන් පිළිතුරය.ඔබ මා වෙන්වූයේ, මා වෙන දීගෙක ගියේ ඔබගේ නොහැකියාව නිසාය.. මම වෙන දීගෙක ගිය පැරණි පෙම්වතිය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom