සුබ අලුත් අවුරුද්දක් වේවා!!
පැරණි පෙම්වතා වෙත..
අවසන් ලියුමයි ඔබට ලියන්නේ යැයි ඔබ එවූ ලිපියට පිළිතුරු ලෙස ලියා එවමි.
ඔව් මම දශකයට ප්‍රේමයට තිත තබා වෙනෙකෙකු හා දීග ගියෙමි.මගේ පැරණි පෙම්වතා වූ ඔබ,ඔබගේ පෙම්වතියව සිටියදී මා කිසිවෙකුට හඳුන්වා නොදුන් ඔබ, දැන් මා ඔබේ පෙම්වතියව සිටිය බවට අඬබෙරලීමේ තුට්ටු දෙකේ ක්‍රියාවට උත්තර දිමට මේ සුදුසුම වේලාව මෙය යැයි සිතමි.
මා වෙනත් විවාහයක් කරගත්තේ ඇයිදැයි කීමට ප්‍රථම යමෙකුට විවාහයක් අවශ්‍ය වන්නේ කුමකටදැයි ඔබෙ දන්නවාදැයි ඇසීමට කැමැත්තෙමි. .ඔබගේ අදහස කුමක් වුවත් මගේ අදහස මෙයයි.
*සමස්ථ ගැහැනු හා පිරිමි සංහතියම විවාහයක් තෝරා ගන්නේ අයි?රැක බලාගැනීමක් උදෙසාය. එකිනෙකා රැක බලා ගැනීම උදෙසාය.
අප දෙදෙනා අතර විවාහයක් සිදු වූවා නම් එවිට, ගැහැනියක ලෙස මා කළ යුතු සැමියා රැක බලා ගැනීමේ කොටස මට කළ හැකිය. ඔවු ඉඳුරාම කිසිඳු අඩුපාඩුවකින් තොරව මට මගේ කොටස කළ හැකිය.ඔබට? ඔබට ඔබේ කොටස කළහැකිද?
මට හෙවණක් ,සරණක් විය හැකිද? ඔබට මා රැක බලා ගත හැකිද?
* සියල් යසිසුරු ඇති පිරිමියෙක් තම ගැහැනිය වෙනුවෙන් ටජ්මහලක් තැනීමට වඩා , අවම ලැබීම් යටතේ පවා තම ගැහැනිය උදෙසා කුඩා ගෙයක් හැදිය හැකි පිරිමියෙකු ගැහැනියකට වටිනාය .
දශකයක් ගෙවී ගිය සබඳතාවයේ විවාහය කවදාදැයි අසන්නට මා පටන්ගෙන තෙවසරක් ගත විය. සෘජු පිළිතුරක් දීමට අපොහොසත් වූ ඔබගෙන් එම ප්‍රශ්ණය නැවත නොඅසමි යැයි මා තීරණය කරගත්තේ මටම ගැනිය නොහැකි වාර ගණනක් ඒ ප්‍රශ්ණය සම්බන්ධයෙන් බහින් බස් වීම් ඇතිවූ පසුවය.
අර අඩුව, මේ පාඩුව ,හෙට කෑම වේල යනුවෙන් සිතමින් වද වෙවී ජීවත් වන්නට නම් සහකාරත්වයක් උවමනාම නැත. ආර්ථික ශක්තිය මනාව පැවතීම උවමනා වන්නේ එනිසාය.
ජීවිත කාලය පුරාම කාගේ හෝ අගු පිලක ලැගීමට හෝ නැතහොත් නය කාරයින්ගෙන් බැනුම් ඇසීමට ඒත් නැතිනම් සද සදා කාලයටම දාඩිය දමාගෙන පොළේ දිවීමටත් බඩදරුව සිටියදී පවා දුක් විඳීමටත් අවසානයේ උපදින දරුවන්ද එල්ලාගෙන බස් එකක් නැඟ තනිවම මහගෙදර යාමටත් සිදුවන බව දැන දැනම ඔබ හා විවාහ වීමට මා සිතූයේ මා විසි වියට එළඹෙන්නටත් පෙරය.
දැන් මම වයසින් මුහුකුරා ගොස් ඇත්තෙමි. සබඳතාවයක් තුළ ප්‍රේමාලිංගන සහිත සිහින පමණක් දකින්නියකගෙන් එහාට ගොස් විවාහය උත්සවයේ වියදම් මනසින් දුටුවෙමි. ඉක්බිති එක් වහලක් යට වාසය කරද්දී දෙදෙනෙකුගේ ඉවුම් පිහුම් පවා දුටුවෙමි. එවිට මට පෙනුණේ ප්‍රේමාලිංගන පවා හිඟන්නන්ට අපහසු බවය. දෙදෙනාම හිඟන්නන්ව සිටියදී දරුවන් වැදීම කල් දමා ගන්නට අපට ඕනෑ වුවත් ,එවිටත් කොන්ඩම් පැකැට්ටුව හෝ උපත් පාලන පෙත්තක් ගැනීමට පවා මුදල් අත්‍යවශ්‍ය වේ. අද සල්ලි නැති නිසා යැයි එයත් හෙටට කල් දැමීමට සිදුවනවා නිසැක ජීවිතයක් මට අඬ ගසන බව දැන දැන මා පිස්සු මනාළිය වීමට සූදානම්ව සිටියා නොවේද...
ඔබ කටින් කටට පවසන අයුරින් මා වෙනස් වූවාය යන්න බොරුවක් නොවේ. ඔව් ,මම වෙනස් වුණෙමි .කාලය,වයස හා අත් දැකීම් සමඟ මම වෙනස් වුණෙමි. මා වෙනස් වූයේ සොබ දහමට අවනතවය .
* ඔබගේ ගැටලුව මා වෙනස් වීම වූ අතර මගේ ගැටලුව වූයේ මා වෙනස් වූ වේගයෙන් ඔබ වෙනස් නොවීමය. ඔබ විසි අටේදීත් දහ අටේ කොල්ලාව සිටීමය. පවතින තත්වයෙන් ගොඩට ගොස් සවිමත් ආර්ථිකයක් ඇති පිරිමියෙක් වීමට ඔබට ඕනෑකමක් නැති වීමය.
*ඔව් එය සත්‍යකි. පිරිමියෙකුගේ ආර්ථික ශක්තියට කොයි ගැහැනියත් ආශා කරයි.කොතරම් කඩවසම් වුවද විවාහකදී හිඟන්නෙකුගෙන් ඇති පලය කිම?
*ගැහැනියකගේ ආඩම්බරය "එයා හරිම ලස්සන කඩවසම් කෙනෙක් "කීමට හැකිවීම නොවේ.."එයා හරිම වගකීම් සහගත කෙනෙක්.මට කිසිම අඩුවක් කරලා නෑ" කීමට හැකිවීමය.
*පිරිමි ඔබට ආඩම්බරයක් වන්නේ "එයා හරි ලස්සනයි.පිරිසිදුයි.හැමදේම හරියට බලාගන්නවා."කීමට හැකිවීමය.නැතහොත් "එයාගෙ ආදායමෙන් තමා පවුල දුවන්නේ.එයා තමා ඔක්කොම කරන්නෙ "කීමට ඔබට හැකිවුවහොත් එවිට ඔබට හිමිවන්නේ ගරුත්වයක්ද?
*කිසිඳු ගැහැනියකට තමාගෙන් යැපෙන හෝ ලොතරැයි ඇදෙන තුරු බලා සිටින නෝංජලයෙකු අවශ්‍ය නැත. ගැහැනුන්ට අවශ්‍ය තමාව කායිකව මානසිකව ආර්ථිකව සමාජීය වශයෙන් සුරක්ෂිත කරන්නෙකි.මෙය අනෙක් පසටද එසේමය.පිරිමියෙකුට අවශ්‍ය ඔය ටිකමය.
*පිරිමින් ලෝකය තැනීමටත් ගැහැනුන් ලෝකය සුරක්ෂිත කිරීමටත් උපන්නෝ වන බව මතකයේ තබාගෙන ඉහත කාරණාව නැවත සිතන්නට ඔබ පෙළඹුනහොත් ඔබට තව බොහෝ දේ වටහා ගත හැකි වනු ඇත.
කායික වශයෙන් නම් ලිංගික සන්තර්පනය පමණක් නොවේ. කෑම බීම ඇඳුම් පැළඳුම් ලබා දීමද අදහස් විය යුතුය. මෙහිදී මා ගැහැනියක ලෙස ඔබ මට ඇඳුම් පැළඳුම් ලබා දිය යුතු බව මා සිතන අතර පිරිමියෙකු ලෙස ඔබ සිතනුයේ මා ඔබේ ඇඳුම් පැළඳුම් ප්‍රවේශම් කර දිය යුතු බවය.
*මානසිකමය වශයෙන් රැක බලා ගැනීම තුළ ඇහුන්කන් දීම ප්‍රධානම වන අතර ඔබට නැත්තටම නැති මෙම හැකියාව ඔබගේ ප්‍රධානතම දුර්වල තාවයද වේ.
මානසිකමය නිදසහ වනාහී ලෙඩරෝග ,දුගී බව,ආරවුල් යනාදියෙන් තොරව සුව නින්දක් නිදාගැනීමට හැකිවීමය. ඉහත කාරණා තුනෙන් සැනසීම ලබා දීම උදෙසා ආර්ථික ශක්තිය අත්‍යවශ්‍යය.
*ආර්ථික ස්ථාවරත්වය යනු අහසින් පාත්වන්නක් නොව හැකියාව මත ඇති කරගත යුත්තකි.
*දෙමාපියන්ගෙන් හිමි වූ ආර්ථික ස්ථාවරත්වය යනු මට අනුව නම් නිකමෙකුගේ වැඩකට නැති පුරාජේරුවකට වැඩි යමක් නොවේ. මා කවදත් කැමති වූයේ ස්වෝත්සාහයෙන් ගොඩ නැගෙන්නෙකුටය. ඔබ එය නොදන්නවා නොවේ.
"මෙය ඔබ උදෙසා තැනුවෙමි" යි කියමින් තමා ඉදිකළ කාමරයක් හා කුස්සියක් පමණක් වූවත් ඇති නිවසකට තම ගැහැනිය කැඳවාගෙන යාමේ සිහිනයක් පිරිමියෙකු දැකිය යුතුය. එවිට අපි මෙහි ඉතිරිය ඉදිකරගනිමු යැයි කීමට කොයි ගැහැනියත් ආශාය .පසුබට නොවන්නීමය.
*සාමාජීයමය වශයෙන් මා ඔබේ බිරිඳ බව කියු විට මට ලැබෙන ගරුත්වය මත ,මාතුළ ඔබ පිළිබඳව ඇති ගරුත්වය වැඩිවේ...
මෙය කොයි ගැහැනියටත් පොදුය..අහවල් මහත්තයාගේ නෝනා යැයි ගරු නම්බු ලැබීමට මිස අහවල් නිකමාගේ ගෑනි යැයි කියනු අසනු ලැබීමට මම ද ඇතුලුව කිසිඳු ගැහැනියක කැමති වන්නේ නැත .
ඔබගේ පාර්ශවයෙන් අහවල් නෝනාගේ මහත්තයා කියනු ඇසීමට මිස අහවල් වේසිගෙ මිනිහ ඔය .ඌත් පොන්නයෙක්ද මන්ද.එක්කො මෝඩයෙක් "යැයි ඇසීමට පිරිමියෙකු කැමති වන්නේ නැත.
*ගැහැනුන් වන අප පමණක් නොව පිරිමින් වන ඔබ පවා ඔබ දන්නා හඳුනන කෙල්ලක විවාහ වී ඇති බව දැනගත් විට අසන්නේ "මොනව කරන එකෙක්ද බැන්ඳේ ?"කියා නොවේද. එය අසන්නේ ඇයි.
තාත්තෙක් තම දුවගේ විවාහය පිළිබඳව කතා කරද්දී "අපෙ දුව ලස්සන කොල්ලෙක් බැන්ඳෙ "කියනවාද?නැතිනම් "අහවල් ජොබ් එක අහවල් බිස්නස් කරන්නෙ "යැයි කියා බෑනා ගැන කියනවාද?
ඔව් , එය එසේය.. ලෝකයා කොහොමත් විවාහයකදී කතා කරන්නේ ගෑනිගේ දැවැද්ද ගැනවත් ලස්සන වත්, වෙන මොන අම්මගේ රෙද්දක්වත් ගැනවත් නොව මනමාළයාට ඇති ආර්ථික හැකියාව පිළිබඳවය.
එකී ලෝකයා අතර ඔබත් මමත් තවත් මිනිසුන් දෙදෙනෙකු වන බැවින් අපිද අනේක වර ඒ පිළිබඳව කතා කර ඇත්තෙමු.
අපේම මිතුරියන්ට හොඳ බර අතු අහුවීම පිළිබඳව අපි දෙදෙනා එක්ව සතුටු වී ඇත්තෙමු.දැන් එවන් එක් බර අත්තක් මා අත්ත මතට නග්ගවාගෙන තිබේ.
ඔබට මා දරාගත නොහැකි බවක් පෙන්වූ බැවින් පසුගිය මුලු කාලය පුරාවටම යම් ආත්මානුකම්පාවකින් පීඩා වින්ඳෙමි.නමුදු ඔබ කිසිදා එය වටහා ගත්තේ නැත.
කොහෙන්දෝ පැමිණි ඒ මිනිසා මට මා වටිනා අයෙකු බව පෙන්වූයේ මුදල් පෙන්වා නොවේ.ඔහුගේ සමාජය තුළ මා ඔහුගේ සමීපතම මිතුරිය බව පෙන්වීමෙන් ඔහු ආඩම්බර වන විට මට මා වැදගත් හා වටිනා බව දැනෙන්නට විය.ඔහු අගය කළේ මගේ රූපය හෝ රැකියාව නොවේ.මා සිතන පතන අයුරු හා මගේ හැකියාවන් ය..
*ඔහු මා අල්ලාගත්තා යැයි ඔබ කියනු ඇත.එය මුලුමනින්ම වැරදිය.ඔහු ආක්‍රමණශීලීව මා අල්ලා ගත්තේ නැත.ඔහු සිටින විට මා සුරක්ෂිත බව,ඔහු සිටියදී මා තනි නොවන බවට වන හැඟීමක් මා තුළ ඇති කරවමින් ඔහු මා තුළට සංක්‍රමණය විය.
*කොහොමත් සංක්‍රමණිකයෝ අලුත් තැනක් පවා තමාගේ තැනක් කරගනිමින් පැවැත්ම තහවුරු කරගනිති.ආක්‍රමණිකයෝ වනාහී කවදා හෝ පළවා හැරෙන්නෝය. එබැවින් පිරිමින් උගත යුත්තේ ගැහැනුන් ආක්‍රමණය කරන අයුරු නොව ගැහැනුන් තුළට සංක්‍රමණය වන අයුරුය..
ඔබේ කුඩා ලෝකයේ රහසිගත පෙම්වතියව සිටීමට වඩා ඔහුගේ විසල් ලෝකයේ ඔහුගේ සමීපතම හා ප්‍රසිද්ධම මිතුරියව සිටීම වඩා මිහිරි වන්නට විය.මන්ද යත් මා වටිනා බව මටම දැනෙන්නට විය.ඔව් ඔබ කීවා හරියටම හරිය.මේ ගැන මට වඩා අන් කිසිවකු දන්නේම නැත.
අනෙක් අතට තිස් වියට එළඹි පෙම්වතියගේ සුදු පැහැ කෙස් ගසක් දැක සිනා උපදවාගත් පෙම්වතෙකු වන ඔබට වඩා ඒ කෙස් ගසම දැකීමෙන් පසු "මං නැති දවසක උඹට කවුද ඉන්නෙ " යැයි බීමතින් දෙඩවූ පියෙකු මට වටිනා බව මම වැටහෙන්නට විය.
පියාගේ උරුමයෙන් දියවැඩියා රෝගයට ගොදුරු වෙතැයි අනුමාන කළ හැකි තිස් වියැති දියණියක දෙස බලා හූල්ලන පියෙකු ඉදිරියේ "මේ මගේ පෙම්වතා මතු යම් දිනෙක ඔහු මා විවාහ කරගනු ඇතැයි"ස්තිරසාරව කීමට මට හැකියාවක් තිබුනාද?නැත මන්ද යත් ඔබට සැලසුමක් හෝ අදහසක් තිබුණේද නැත.
අනෙක් අතට විවාහය පිළිබඳව ලෝකයාගේ දහසක් ප්‍රශ්ණ හමුවේ අසරණ වන පෙම්වතියකව සිටින මා ඔබ ඉදිරියේම පවා අපහසුතාවයට පත් වද්දී ඔබ පසු වූයේ මුනිවතින් නොවේද?
ඔහු ඔබට වඩා හොඳ වූයේ කෙසේද?ආර්ථික ශක්තිය හැර ඔබට වඩා ඔහුට තිබුණේ මොනවාදැයි ඇසීමය පවා සුදුසුකමක් ඔබට නැත .
ඔහුගේ ආගමනයෙන් මට ඔබව එපාවූයේ ඇයි?
ඔහුගේ හැකියාව නිසාය.
ඔව් ඒ ඔහුගේ හැකියාව නිසාය.